Sunday, September 21, 2014

....ශර්ලොක් හෝම්ස් අති රහසිගත ලිපිගොනු.....

වොට්සන් මගේ මිත්‍රයා....
සුබ උදෑසනක්.
මම බේකර් වීදියේ අපේ සුපුරුදු නාවාතැනෙන් උදෑසනම පිට  වූයේ හදිසි ලිපි කිහිපයක් තැපැල් කිරීමට තිබුණු නිසාවෙනි.නැවත මම නිවහනට පැමිණෙන විට හෝම්ස් සුපුරුදු ලෙසම හාන්සි පුටුවේ හිද පුවත් පත් වල උදය මුද්‍රණය කියවමින් සිටිනු මම දුටුවෙමි...

හෝම්ස් මම බේකර් විදියෙන් පිට වෙනකොට ඔබ නිදාගෙනයි හිටියේ.සෑහෙන කාලයකට පස්සෙයි මම දුටුවේ ඔබ එහෙම විවේකයක් ගන්නවා.ඒ නිසයි මම ඔබට බාධා නොකර පිටත් උනේ.

මගේ ආදරණිය මිත්‍රයා වොට්සන්.....
ඔබ මගේ ශරීර සුවතාවය ගැන ඔතරම් සැලකිලිමත් වන්නේ ඇයි.... නමුත් කියන්න කණගාටු කාරනාව තමයි මම පෙර දින හිමිදිරියේ තමයි නින්ද ට වැටුනේ.එතෙක් මම රසවත් පර්යේෂණයක නියෙලෙමින් හිටියේ.....
කොහොම නමුත් වොට්සන් හඩ්සන් මහත්මිය හරිම රසවත් උදැසන ආහාරයක් සුදානම් කරලා තියනවා.මම හිතන්නේ ඔබත් මෙයින් ටිකක් උනුවෙන්ම ආහාරයට ගැනීම හොදයි කියලා...
වොට්සන්...
ඔබට පයින්ම ඇවිත් හරිම මහන්සි පාටයි.....
ඒ වගේම මිත්‍රයා ලන්ඩන් උද්‍යානය අසල පටු මාවත අසල තියන ලියුම් පෙට්ටිය ගාවට ගිහින් එනවා කියන එක උදෑසනකට හොද ව්‍යායාමයක්...



හෝම්ස් මම ඔබට තවම කිව්වේ නැහැ නේ මම ගිහින් ආපු කටයුත්ත...

වොට්සන්...ඔබ නොකිව්වට ඔබේ ඇදුම් මට කිව්වා ඔබ ගියේ කොහෙද කියලා....

වොට්සන් ඔබේ වැහි කබාය දෙස හොදින් බැලුවොත් පෙනෙයි ඔබට එහි යට දාරයේ රැදී  තියන තද ගුරු පැහැ  මඩ  පැල්ලම....මේ වැහි කබාය ඔබ ලොන්ඩරි හිමි කරුගෙන් ගෙන ආවේ ඊයෙ හවස් වැරුවෙයි.ඒ ඔබ මෙය ඇදගෙන ඊයේ හවස කොහෙවත් නොගිය බව මා හොදින්ම දන්නා කරුණක්.එහෙනම් මේ සලකුණ අද උදයේ ඇති වුවක්....ඒ ඔබ උදැසන ගිය ගමන පයින් ගිය නිසා ඇති උන සලකුණක්.
ඊලග කරුණ මේ වර්ණයේ පස් ලන්ඩන් නගරයේ තිබෙන එකම තැන ලන්ඩන් උද්‍යානය විතරයි මිත්‍රයා.ඔබට ඒ සම්බන්දව වැඩි විස්තර උවමනානම් මම ලන්ඩන් නුවර විවිද පස් වර්ග ගැන ලියපු නිබන්දනය කියවලා කරුණු ලබා ගන්න පුළුවන්.
ඇරත් මම දන්නා තරමින් ලන්ඩන් උද්‍යානයේ මේ දරන වල අලුත් වැඩියාවක් නිසා විශාල පස් කන්දක් පාර කොනේ ගොඩ ගසා තියනවා මම දුටුවා.
ඉතින් මේ සියල්ල තනි නුලකට ගත්තම සරල කරුණ ඔබ උදේම පයින් ලන්ඩන් උද්‍යානය දිහාට යනවා.එත් මොකට ද.....???
ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබේ ලියන මේසය සපයනවා....
මම දුටුවා ඔබ පහු ගිය දින කිපයම පුවත් පතකට යම්කිසි ලිපියක් ලියනවා.
අද උදැසන මම දුටුවේ නෑ ඒ ලියමනේ කටු සටහන් ඔබේ මේසය මත....
ඉතින් පැහදිලි ඔබ උදැසනම ගියා ඒ ඔබේ ලිපිය පුවත්පතට තැපැල් කරන්න....
ඔබේ මුහුණෙන් මට පෙනෙනවා මම නිවරදී කියල වොට්සන්.....

හෝම්ස් ඔබේ සියුම් නිගමන හැමදාම වගෙ අදත් නිවැරදි....
මොනාද අලුත් පුවත්...අපරාධ සම්බන්ධව.....

වොට්සන්...මට පෙන්නේ ලන්ඩන් නුවර අපරාධකාරයන් පුංචි සවාරියක් ගිහින් වගේ.පාන් හොරකමක් සහ අශ්ව ඔට්ටු වංචාවක් ගැන පමණයි සදහන් වෙන්නේ මේ පුවත් පත් වල......
මේ විධිහට ගියොත් මට අබිං ටිකක් වත් පාවිච්චි කරන්න වෙයි මේ පීඩනය මග හැර ගන්න වොට්සන්.....

හෝම්ස්...
අද හවස නගර ශාලාවෙ හරිම අපුරු සංගීත  සැදැවක්  තියනවා.ඔබ කැමති නම් තවමත් මට වෙලාව තියනවා ඉදිරි පෙලියේ අසුනක් අපි වෙනුවෙන් වෙන් කර ගන්න....

වොට්සන්....මමත් හිතනවා එක හොද යෝජනාවක් කියල මේ විඩාබර දින වල මනසට.....
හෝම්ස් එසේ කියනවත් සමගම වේගයෙන් පැමිණි අශ්වකරත්තයක් බේකර් විදියේ නවතන හද ඇසිනි....

වොට්සන් මගේ මිත්‍රයා.
මට පෙන්නේ අපිට අද හවස සැලසුම වෙනස් කරන්න වෙන හැඩයි.මගේ උපකල්පනය නිවැරදිනම් තව සුළු මොහොතකින් හති දමන මහත ලෙස්ට්‍රෙඩ් මහත්මයා මේ කුටියට එන්න ඕනේ.....

හෝම්ස් එසේ කියා තත්පර කිහිපයක් ගතවන විටම...
හෝම්ස් මහත්මයා....
කියමින් ලෙස්ට්‍රෙඩ් අපේ කාමරයට කඩා වැදුනේය.....

හෝම්ස් මහත්තයා...
ඔන්න ආයෙත් මිනීමැරුමක්....
පල්ලිය ලග පටු මාවතේ.කිසිම සලකුණක් හොයා ගන්න බැරි උනා....මම සිද්දිය උන තැනින් හැමෝම අයින් කරා....
පොලිස් ආරක්ෂාව යෙදුවා.ඔබ තුමා හොයාගෙන පුළුවන් ඉක්මනට ආවේ මේක ඉතාමත් බැරෑරුම් ප්‍රශ්නයක් නිසා.....

ලෙස්ට්‍රෙඩ්....කලබල නැතුව වාඩි  වෙන්න.
වොට්සන් අපේ මේ මිත්‍රයාට වයින් වීදුරුවක් දෙන්න..
මේක බොන ගමන් කියන්න මොකක්ද වෙලා තියෙන්නේ ලෙස්ට්‍රෙඩ්....

හෝම්ස් මහත්යා හරිම බයානක දෙයක් සිදුවෙලා තියෙන්නේ.
බැකියවේලි ආදිපාද තුමාගේ වැඩිමහල් පුත්‍රයාව මරල දාලා...
ඊලග සතියේ එතුමා විවාහ වෙන්න හිටියේ ක්‍රිස්ටිනා ආර්යාව සමග....හෝම්ස් ඔබ දන්නවා නේද ක්‍රිස්ටිනා ආර්යාව කියන්නේ ලන්ඩන් රජයෙ ප්‍රබල රජ්‍යතාන්ත්රිකයෙකුගේ දියණියක් කියලා...
හෝම්ස් ඔබ පුළුවන් ඉක්මනින් එනවා නම් වටිනවා...

වොට්සන්....
මම හිතන්නේ ලන්ඩන් නුවර සියලුම අපරාධ කරුවන් අර සවාරියට සහබාගි වෙලා නැති හැඩයි....
මම හිතන්නේ අපිට මේ අශ්වකරත්තේම සිද්දිය උන තැනට යා හැකි කියලා.....
----------------------------------------------------------------------------------------------------

ලන්ඩන් නුවර ජනාකීර්ණ විදියක් වන චැපල් විදියේ කෙරවලකට වන්නට අශ්ව කරත්තය නතරවිය.
බැලු බැල්මටම සැහෙන කාලයකින් කිසිවෙකු නොසිටි නිවසක් බවට උපකල්පනය කල හැකි නිවසක් ලෙස පමණක් මට එය දිස් උවද හෝම්ස් නළල රැලි කරගෙන ඒ දෙස බැලු අයුරින් ම මම සිතුවේ ඔහු මේ වන විටත් පරීක්ෂණය අරබා  ඇති අයුරුය.

හෝම්ස් අපේ රාත්‍රී මුර සංචාරක සෙබලාට වෙඩි හඩක් ඇහිලා තියනවා රාත්‍රී 1ට පමණ....
ඔහු ඒ විගසම මේ දිහාවට දිවගෙන ඇවිත් තියනවා...
ඒ එන අතරතුර කාලය තත්පර 30ක් පමණ බව තමයි ඔහු කියන්නේ...
ඒ එනවිටම ඔහු දැකලා තියනවා අඩි  6කට කිට්ටු උසක් ඇති පුද්ගලයෙක් පිටුපසින් පලා යන අකාරයක්..
ඔහු තුවාල ලැබූ පුද්ගලයට ප්‍රථමාධාර දීමට නැවතුනු නිසා ඔහුට ඒ පසු පස හබා යාමට නොහැකි වෙලා තියනවා.
ඔබට අවශ්‍ය නම් ප්‍රශ්න කිරීමට ඔහු නිවසින් එළියේ රැදී ඉන්නවා හෝම්ස් මහත්මයා.....

\\-------මතු සම්බන්දයි ------//

No comments:

Post a Comment