Monday, September 08, 2014

අන්තිමට ඔයාම ආවා මාව අරන් යන්න


"අශේන්ද්‍ර ඉක්මනට ගෙදර ඇවිත් මේක විසදලා යන්න...මට තවත් අපේ අම්මා තාත්තා අහන දේවල් වලට උත්තර දෙන්න බෑ...ඔයා නාවොත් මොනවා වෙයිද දන්නේ නෑ....
මේ සතියේ කොහොමහරි එන්න.............."

ඔයා අන්තිමටම එවලා තිබුනු ලියමනේ අකුරු මට මැවි මැවී පෙනවා.....
හතර වටේ තිබුනු ඔක්කොම සද්ද අතරින් මට උබේ කට හඩත් යන්තිමින් ඇහෙනවා වගේ දැනුනා...

"අශේන්ද්‍ර....."
හෙමින් මගේ නම කොදුරන සද්දෙටයි මම හීන ලෝකෙන් මෙහාට වැටුනේ...


කමාන්ඩර්....

හරියටම තව මිනිත්තු තුනකින් අපි ඇටෑක් කරනවා...
ඔයා දකුනු පැත්ත බලා ගන්න..රවී ඔයා වම් පැත්ත...
කිසිම විදිහකින් සටන අතාරින්න එප....සින්හ කොඩිය ගහලා මිසක් අපි ආපහු හැරෙන්නෙ නෑ....

විදර්ශනා....
මුලු ලන්කාවේම නිදහස වෙනුවෙන් මට ඔයගේ ආසාව දෙවෙනි තැන තියන්න උනා සමාවෙන්න....

ඒ මිනිත්තු තුන....

කල්ප කාලයක් යනව වගේ දැනුනු ඒ මිනිත්තු තුන....

හතර වටින්ම කඩා වැදුනු අපි හතර අතට වෙඩි පත්තු කරා....
පත්තු වෙන හැම වෙඩි හඩක ම ඇහුනේ "අශේන්ද්‍ර ගෙදර එන්න" කියලා මොර ගහන සද්දේ....

හදිස්සියෙම ඇස් නිලන්කාර වෙන එලියක් එක්ක...ඔක්කොම සද්ද නැති උනා විතරයි මතක...
මහා කලුවර ගුහාවක ඔයා මගේ ලගින් වාඩි වෙලා උන්නා...මගේ දිහා බලාගෙන අශේන්ද්‍ර ඉක්මනට ගෙදර එන්න හෙමීට මිමිනුවා.....
මුලු දවස පුරාම ඔයා එහෙම මිමිනුවා...

මම හෙමින් හෙමින් ඇස් අරිනකොට ඔයාවත් හෙමින් හෙමින් මැකිලා ගියා...
ඔය මට අයේ ගෙදර එන්න කිවුවේ නෑ....
මම වට පිට බැලුවා ඔය ඉන්නවා ඇති කියලා හිතාන....නෑ ඔයා උන්නේ නෑ..
සේලයින් බට...වයර් වලින් පිරුනු තැනක මම හිටියේ...මට කෑ ගැහුවා ඔයාගේ නම කියලා.....
ඒත්

ඒත් මට කට හඩක් පිට උනේ නෑ...
මම දගලන්න හැදුවා සතෙක් වගේ...එත් මට දගලන්නත් බෑ......
එදා ඉදන් අද වෙනකම් මම ගෙදර එන්න හදනවා විදර්ශනා...
ඒත් කවුරුත් නෑ මගේ රොද පුටුව තල්ලු කරන්න විදර්ශනා...
මගේ ලගට එන කෙනාට මට කියා ගන්න ඔනේ..මාව ඔයා ලගට ගෙනියන්න කියලා ඒත් මට කියා ගන්න බෑ විදර්ශනා.....

ඒත් මම නොහිතපු දවසක ඔයා ආවා මගේ ලගටම....

නෑ අපේ ලගට...
ආබාධිත රණවිරු සෙවනට....

මගේ ලගටත් ආවා.ඒත් ඔයාට ගෙදර එන්න බලාගෙන උන්නු...ඔයගේ අත ගන්න බලාගෙන උන්නු අශේන්ද්‍රව අදුර ගන්න බැරි උනා විදූ.....

---------------------------------------------------------------
මොකද මෙයා විතරක් මේ පැත්තකට වෙලා ඉන්නෙ ඩොක්ටර්....

මිස් මේ සොල්ජර් මෙහෙට ඇවිත් මාස ගානක් ඇදේ හිටියේ...මෙය බෝම්බෙකට අහුවෙලා ආවේ..
ඒ ශොක් එකට අදටත් මෙයාට කතා කරන්නවත්.....
කිසිම චලනයක් වත් කරන්න බෑ....

උදේ ඉදන් අහස දිහා බලන් ඉන්න තමයි ආස....

මමත් ඉස්සර මැරි කරන්න හිටියෙත් ආමි එකෙ කෙනෙක් ඩොක්ටර්...

ඒත් එයා හදිස්සියේම නැති උනා...
අද මේ ආවේ එයාගේ අවුරුද්දෙ දානේ දෙන්න එයගේ පවුලේ අයත් එක්ක...

එතකොටම පුන්චි හුරතල් සිගිති පැටික්කියෙක්.....
---------------------------------------------
අම්මී...
තාත්ති කතා කරනවා අම්මිට...
සාදු බණ පටන් ගන්න කලින් එන්න කිවුවා...
හරි පැටියෝ යමු....
මම මේ මාමාවත් අරන් එන්නම්....යමු

අන්තිමට ඔයාම ආව විදූ මාව අරන් යන්න...
පොඩි දුරකට හරි......

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment