Monday, September 08, 2014

මාත් දැක්කෙ නෑ සෑහෙන කාලෙකින්



"පරිස්සමින් ඉන්න බුදු සරනයි..."

ඒ උබේ දුරකත සන්වාදයේ අන්තිම වචනේ..
කම්පියුටරය දිහා ඇස් දෙක අලවගෙන බලාගෙන උන්නත් සැහෙන වෙලාවක් තිස්සෙ මම උබේ කතාව අහන් උන්නෙ මචන්...
සමාවෙයන්...
මම අහන්නෙ නැතුව ඉන්න උත්සාහ කරා..ඒත් කරන්න බැරි උනා.මොකද උබේ ඒ වචන මාව අරන් ඇදගෙන ගියා මහ දුර ඈතකට....
අවුරුදු ගානක් දුරට...
කාලයක් තිස්සේ මම හැඩ කපලා අලවපු මගේ ඒ හීනෙ ගාවට ගෙනිහින් අත ඇරියා.
හැමදාකම උදේට ඔෆිස් එකට ගිය ගමන් උබ මට කතා කරනවා....
"අයියේ පරිස්සමින් ආවද..???"
හරිම ආදරෙන් කියන උබේ ඒ වචන ටික ඇහෙනකොට....හිතට දැනුනු හැගීම කියන්න....
අනේ මන් දන්නේ නෑ.මට ඒක කියා ගන්න තෙරුනේ නෑ.ඒත් මට හිතුනේ උදේකට මේ ලොකේ කිසිම කෙනෙක් ට ඒ තරම් ආදරනීය වචන ටිකක් නොලැබෙනවා ඇති කියලා....

දහසකුත් එකක් වැඩ රාජකාරී එක්ක ඔට්ටු වෙලා ඊලග නිදහස ලැබෙන්නෙ දවල් බත් පත කන්න...
ඒ වෙලාව ලැබුනු ගමන් උබෙන් ඇමතුමක් එනවා කියලා මම දන්නවා...වේල නොකා උන්නත් උබේ කට හඩ නාහා ඉන්න බැරි තරමට ....ඔව් බැරි තරමටම උබට ආදරේ කරා...
උබේ ඇමතුමත් එක්ක දහසකුත් එකක් ජාති අපි ඒ පැයේ කතා කරනවා..
උබට මතකද...
රට රාජ්ජ ගොඩක ඇවිදලා....
පොත් සිය ගනනකට විචාර සිනමා පට වල විචාර...
උබට වඩා ඒ කිසිම දෙයක් ගැන ලස්සනට කියන්න දන්න කෙනෙක් මට උන්නෙ නෑ...
උබේ හුරතල් කටහඩින් කියන කතා වලට හූ මිටි තියනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න මට ලෝබයි...
ඇත්තටම උබේ ඒ වචන වලින් මාව ජිවත් කරා...
හැන්දෑවට ඔක්කොම වැඩ රාජකාරී අහවර කරලා එලියට බහින්නෙ උබේ එක්ක කදේට වැටීගෙනමයි...දවස පුරම උන දේවල් ඔක්කොම අකුරක් නෑර නුබ මාත් එක්ක කියන්නෙ හරියට ප්රවෘත්ති කියනවා වගේ...
අම්මට උයන්න උදව් කරපු හැටි කියන්නේ මහ කෑම තොගයක් තනියම හැදුව තරම් ආඩම්බරයකින්...
හවස මල් වලට වතුර දාපු හැටි අලුතින් මල් පැල හිටවපු හැටි කියන්නේ මුලු පේරාදෙනිය මල් වත්තටත් වඩා මල ගස් නුබේ ගාව තියනවා කියල හිතාන ඉන්න තරම් ආඩම්බරයකින්...
ඒ ඔක්කොම මම අහන් උන්නේ නුබ ඒ කතා මට කියනවට වඩා ආසාවකින්...
ඔව් ගෙදර ගිහින් නිදා ගන්නකම් ම...
නෑ...
නිදා නොගෙන උබ එක්ක මුලු රෑම කතා කරා නිදා වැටෙන ගමන්....
නිවාඩු දවස් වල නුබ එක්ක ඇවිදපු තරම්...
උබත් එක්ක ගොල්ෆෙස් පිට්ටනියේ ඇවිදිදී අපිට නොපෑගුන වැලි කැටයක් නොතිබුනු තරම් දෝ කියලා හිතුනා...
......................................................................
ඒත් හැම දේම නොහිතපු විදිහට වෙනස් උනා...
උබ මාව තනි කරල කොහෙදෝ මන්දා ඈතකට ගිහින්...
ඒ උනත් උබ එක්ක තිබුන මතකය මගේ ලග තාමත් එහෙමම තියනවා....
හැම දාම උබෙන් එන කෝල් එක ගන්න හිතන් හීනෙන් ගැස්සිලා ඇහැරෙන්න....
තාමත් මගේ ලග ඒ මතකය තියනවා...
"අය්යේ...
තනියම ඉන්න පාලුයි...ඉක්මනට එන්න මගේ ගාවට" නුබ හුරතලෙන් කියපු ඒ වචන තාමත් දෝන්කාර දෙන්න තාමත් ඒ මතකය තියනවා....
ඔව් තාමත් තියනවා....

මචන්......
මාව ගැස්සිලා ආයෙත් මේ ලොකෙට කඩාගෙන වැටුනේ මගේ මිත්‍රයාගෙ කට හඩින්..
ඔව් කියපන්...
මම අහන්න කියල හිටියේ..කෝ බන් උබ මැරි කරන්න හිටපු කෙල්ල...ගොඩ දවසකින් දැක්කෙ නෑ
ම්ම්ම්ම්ම්ම්......
මාත් දැක්කෙ නෑ බන් සෑහෙන කාලෙකින්...
මම කී බෝර්ඩ් එක දිහා ඔලුව නමා ගෙනම කිවුවේ මේ කදුලු කැට කම්මුල් දිගේ මහ දුරක් ගෙවනවට වඩා එක පාරම වැටෙන එක හොදයි කියල හිතුන නිසා....

සටහන
වාසනාවන්ත කාලකන්නියා

No comments:

Post a Comment