Monday, September 08, 2014

දැඩි සත්කාර ආදරය    02 කොටස


බීප්....බීප්.....බීප්............
කිසිම හඩක් නැතිකමින් තිබුනු පාලුව මැකුනේ අයි.සී.යූ එකේ තිබුනු ඒ මැශින් වල හඩින්....
උදේ ඉදන් හිත කොහෙදෝ ඈත් ඉසව්වක පාවෙලා ගිහින් තිබුනේ..මාත් හරියටම නොදන්න ඉසව්වක මම තනි උනා.....
ඒ තනිකම මකන්න අතීතයෙන් එකින් එක මතකයන් මෝදු උනේ මගේ කිසිම ආරධනයක් නැතුව...
-----------------------------------------------------------
තව දවස් දෙක තුනයි...
මේ පුටු මේස වලට වෙලා අපි වන පොත් කරපු දැනුමින් මේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්න මිනිස්සුන්ට බෙහෙත් කරන්න වෙයි.....
ජිවිත දහස් ගානක් අපේ අත් වල තියේවි...

මේ ජීවක ඇදුරු තුමෝ.....
තව දවස් දෙක තුනකින් උබට ලන්කාවෙ කොයි දිල්ලියක යන්න වෙයිද දන්නේ නෑ...
හීන බල බල නොයිද නිලුපුලී ගෙන් වචනයක් ගනින්....



මගේ පිටි පස්සෙන් උන්නු ජයන්ත ඔය කතාව මට අද දවසට කී පාරක් කීවාදැයි මට මතක නැත...
අවම වශයෙන් සිය පාරක් වත් කියන්නට ඇත
නිලුපුලී...
වෛද්‍ය විද්‍යාලයේ අවසන් ශ්‍රේනියේ සිසුවියක්...කෙටිම හැදින්වීම මගේ පන්තියේ මා සිත් ගත් ඒ ස්ත්‍රී රූපකායේ නම
නිලුපුලී.....

හ්ම්ම්ම්ම්ම්ම්......

ජයන්ත කෙතරම් කීවත් මගේ එකම පිලිතුර වූයේ සුසුම් ලෑම....
එපමනයි...

පාසල් වියේ සිට මම එතරම් සමාජශීලි පුද්ගකයෙක් නොවුනි...
ඉගනීම හැරුනු කොට මම ප්‍රිය කල දෙයක් වී නම් එයත් ඉගනීම ම පමනක් විය...
වෛද්‍ය විද්‍යාලයේදීත් එය එසේම විය...

නමුත් නිලුපුලී දුටු දිනයේ සිටම මම ඇයට මනසින් පෙම් කලෙමි....හුදෙක් ඇයගේ රූපය පමනක් නිසාම නොව...
ඇගේ හඩ...
සිනහව මේ සියල්ලක්ම මා සිතින් ඇය වෙත කර ආලය තව තව තීව්‍ර කරවූ සාදක විය...

නිලුපුලී කෙරෙහී මගේ වූ ආලය ඇයට කිසිම හානියක් නොවූ සුන්දර ඒක පාර්ශවීය ආදර කතාවක් පමනක්ම වීමට ඉඩ තිබුනා...
 ජයන්ත,මගේ මිත්‍රයා එය නොදැන උන්නා නම්...

මගේ සියලු හැසිරිම් වලින් ජයන්ත එය දැන්ගත් දින සිටම මට  කියූ එකම දෙය නම් නිලුපුලි වෙත කෙනෙකු පැමිනීමට කලින් "ඒක පාර්ශවීය ආලය" හෙලි කරන ලෙසයි...

නමුත් පාසල් වියේ සිට මම හුරු වී සිටි ඒ කුලෑටි කම බයාදු කම සැම විටම ඊට හරස් විය...
ඇය මට බැන වදී ද...
මා මේ සියලු දෙනා ඉදිරියේ ලැජ්ජාවට පත් කරාවිද...
සුව අසූදසක් පැනයන් මා ඉදිරියේ ඇත...

කෙසේ හෝ ඇයට මෙය කියන අටියෙන් ඇය වෙතට අඩියක් තබන හැම විටම පාසල් වියේ සිට පුහුනු කල කුලෑටි කම මා නැවත අඩි පහක් පමන පසු පසට අදී...
වෛද්‍ය විද්‍යාලයේ සිටි වසර තුනම මේසේ ගෙවෙනු ඇතැයි මම නොසිතුවෙමි...

එහෙත්.............

තුන් වසරක් ගෙවි ගියත් කුලෑටි කම වැඩි වූවා මිසක් මට නිලුපුලී හමුවේ මගේ අදහස කියා ගැනීමට නොහැකි විය...
තුන් වසර අවසානයේ  මම මගේ ඒක පාර්ශවීය ආදරය වෛද්‍ය විද්‍යා උපාදියේ ඔතාගෙන වෛද්‍ය විද්‍යාලයෙන් එලියට එද්දි විශේෂඥ උපාධිය සදහා නිලුපුලී විදේශගත වන බව මට දැන ගන්න ලැබුනේ ඇගේ මිතුරන්ගේ කතා බහිනි....
-----------------------------------------------------------------------
මෝඩයා...
මම උබට කිවුවා...
දැන් වත් අහපන්...උබට ඒකි කැමති උනොත් උබටත් නිලුපුලී එක්කම රට යන්න පුලුවන්...
උබට සල්ලි වලින් අඩු පාඩුවක් නෑ නේ...

ජයන්ත පවසන සියලුම දේ සැබැය...
මගේ පියා කොලබ නගරයේ විශාල ව්‍යාපාර සමූහයක හිමිකරුවෙකි...වෛද්‍ය වරයකු වීමේ ආශාවෙන් කුප්පනු ලැබීම නිසාවෙන්ම මම මෙසේ ඉගන ගත්තත් මට මෙය ජීවන උපයක් ලෙස යොදා ගැනීමට තරම් අහේනියක් නැත...

නමුත් මට ජයන්තට පැහැදිලි කිරිමට නොතෙරේ...
මේ අනියත බිය මා ඈ වෙත යන හැම මොහොතකම මා පසු පසට කරවන බව මම ඔහු හට කෙසේ පැහැදිලි කරන්නද.....
අවසානයේ ඒ අනියත බිය මා පාගා නැගි සිටියේය....
-----------------------------------------------------------

විරාජ්...
මේසය මත හිස තියාන නිදා උන් මා ඇහැරුනේ ජයන්තගේ ඒ හඩිනි...

මචන්...
මට උබට කියන්න දෙයක් තියනවා.
උබ මේ යන විදිහට ගියොත් නිලුපුලීට උන දේම විශාඛාටත් වෙනවා..දැන් වත් උබ කෙලින් දෙයක් කියන්න ඉගන ගනින්...
උබ තාම ඉස්කෝලේ යන පොඩි එකෙක් නෙමෙයි.
යන්තම් ඇටෙන් පොත්තෙන් එලියට එන කිරි කජු කොල්ලෝ කෙල්ලොන් ගෙන් අහනවා නම් ඇයි උබට අහන්න බැරි...
උබ ඩොක්ටර් කෙනෙක්...
හොද පවුලක එකෙක්...
උබට ඕක අහන්න බැරි නම් උබ මේ මිනිස්සුන්ට බෙහෙත් ඩෙන්න කලින් උබ බෙහෙත් ටිකක් ගනින්...

ජයන්ත....
උබ දන්නවා...
මට කියන්න උනේ එච්චරයි.....

ජයන්ත ඉතුරු ටික පටන් ගත්තා....

ඔව් ඔව් මම දන්නවා..
බත් කන මී හරකො...බඩේ ඉන්න ලමයින්ට හදහන් හදන්න එපා..
දැන් වත් ඔය බය නැති කර ගනින්.....
මොකක් ද බන් ඕකේ තෙරුම....

හිතපන්...
-------------------------------------------

හවස 6.00
කාර් එක එලියට ගන්න කොටම මම දැක්කේ විශාඛා බස් එකට අත වන වන ඒ දිහාට දුවනවා....ඒත් සෙනග පිරුනු බස් එක ඒ වෙනකොටත් සැහෙන දුරක් ගිහින් ඉවරයි..
හොල්ට් එක ගාව නැවතුන විශඛා අසරණ විදිහට ඔරලොසුව දිහා බලන් හිටියෙ

දුකින්ද...
අනේ මන්දා...
මට ඒක හිතා ගන්න බැරි උනා...

විරාජ් විශඛාව ගෙදර ගිහින් දාපන් හිත කෑ ගහනවා...
නෑ ඔතනම නැවතියන් කුලෑටි කම පහුරු ගානවා....

හිත අස්සේ යකාගේ කම්මල වගේ..

විශාඛා......,

ඒ ගොෂාව මැදින් මම විශාඛා ගාවට ඇවිත්.මට හිතා ගන්නත් බෑ...

සර්...
නගින්න විශාඛා මාත් ඉන්නෙ නුගේගොඩ.මම ගෙනිහින් දාන්නම්...

අනේ බොහොම ස්තූතී සර්....
මම යන්න ගොඩක් පරක්කු වෙලා හිටියේ...

නෑ...... නෑ......
ඉස්සරහින් නගින්න...

මම ම ද මේ ඉන්නේ...
මට හිතා ගන්නත් බෑ....

විශාඛා කොහෙද ඉන්නේ...

මම විජේරාමේ ඉන්නේ සර්....

මට මොකද මේ වෙලා තියෙන්නේ වචන 10ක් ගොත් නොගහා කතා කරන්න බැරි විරාජ් මේ කොහොමද වචන විසි කරන්නේ..
මම අහලා තියෙන්නේ කෙල්ලො ඉස්සරහ කොල්ලෝ ගොලු වෙනවා කියලා...
ඒත් මට මොකද මේ වෙලා තියෙන්නේ....

ඩ්‍රර්.........ඩ්‍රර්..............

ජන්ගමේ දෙදරු කන සද්දෙට ආයෙත් මම හීන එක්ක වාද කරන එක නවත්තලා මේ ලොකෙට ආවා....
ජයන්ත...

හෙලෝ ජයන්ත..

හෙලෝ විරාජ්.....
දැන් උබ ඔය සිටුවේශන් එක හරියට හැන්ඩ්ල් කර ගනින්...
මම පාරෙන් එහා පැත්තෙ ඉදන් ඔක්කොම බලන් හිටියේ....

එහෙනම් ඉතින් දොස්තර පැටියෙකුගෙයි නර්ස් පැටික්කියෙකුගෙයි මාම කෙනෙක් වෙන්න අපි බලන් ඉන්නවා...

මම තියනවා...
සුබ ගමන්
කට කොනකින් නැගුනු හිනාව මම ගිල ගත්තේ කොතරම් වචන විසිකරත් ඇයි හිනා වෙන්නේ අහුවොත් මට කට උත්තර නැති වෙන බව මම හොදටම දැන උන්නු නිසයි.....

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment