Monday, September 08, 2014

අම්මෙ යන්න කලින් වැදලා යන්නම්.....


අම්මෙ...
මම ආසයි...
අම්මගේ උකුලේ නිදා ගෙන...
තන පුඩුව කටේ රුවා ගෙන....
උරා බොන්න උබේ ආදරේ කිරි රහට....
ආසයි අම්මේ.....
නුබේ සුලැගිල්ලෙ එල්ලිලා යන්න...
මේ දහ මාසේ ගෙවලා...
එන්න උබ ගාවට.....
මම ආසයි අම්මෙ....
ඒත් ඇයි....
මේ කතුරු...
පිහි තල....
අම්මේ....
මේ මාමා මාව අම්මගේ ලගින්...
බලෙන් ගන්න හදනවා....
අම්මෙ...
අම්මේ...
ඇයි අම්මෙ උත්තර නොදෙන්නෙ....
ඇයි අම්මෙ මාව බේර නොගන්නෙ.....
.
.
.
අම්මෙ....
යන්න කලින් වැදලා යන්නම්.....
"දස මාසේ උරේ කත්වා...
ආයු දීගන්............."

සටහන
වාසනාවන්ත කාලකන්නියා



No comments:

Post a Comment