Monday, September 08, 2014

සමාවෙන්න අම්මේ


ඒ අපේ හබී ගේ මමීගෙ පික්චර්ස් අනේ...
හරිම ඇන්ටික් ෆ්‍රේම් එකක් දාලා තියෙන්නේ...මේ බලන්න...

මගේ බිරිද ඇගේ යෙහෙලියන් වට කරගෙන මේ පෙන්නන්නේ මගේ අම්මගෙ පින්තුර..
ගෑනියේ මමී නෙමෙයි කට ඇරල කියපිය මේ මගෙ මහත්තයගේ අම්මයි කියලා...

මට හයියෙන් මොර ගහන්න ඔනේ උනා..ඒත් එදා වගෙම අදත් කවුදෝ මගේ කට තද කරන් ඉන්නවා වගේ මට දැනුනා....


එදා.......
ඔව් ඒ දවස තමයි...

ප්‍රදීප් ඔයගේ අම්ම එක්ක බෑ..මේ බලන්න කුස්සිය පුරාම එලවලු තියාගෙන මොකද කරන්නෙ බලන්න....
මම උදේ කියලා ගියේ නූඩ්ල්ස් හදලා තියන්න කියලා නේ...
මේ බලන්න බටු කපලා.කිචන් එකම ගද ගහනවා...

ඔයාගේ කටේ සද්දෙට අම්මා කොච්චර බය වෙලා උන්න ද කියනවා නම්..
මරන්න ගෙනියන සතෙක් වගේ අම්ම බය වෙලා උන්නේ...

අමාරුවෙන් ඇහිද ගත්ත වචන ගැටහපු අම්මා
පුතා බටු මාලුවට ආස නිසයි මයෙ පුතේ මම.......

නෑ එක වත් අම්මට ඉවර කර ගන්න හම්බුනේ නෑ

ඔයත් මේ ජරාව කනවද ප්‍රදීප්.අම්මලා පුතාලා ඕනෙ දෙයක් කර ගන්න මම අම්මිගෙ ගෙදර යනවා පුතා එක්ක..ජරාව....
නෑ නෑ වීනු නවතින්න...මම කේ.එෆ්.සී එකෙන් මොනා හරි ගෙන්නම්...
අම්මේ කුස්සිය අස් කරන්න...අපි ඩිනර් අවුට් යනවා...
එනකොට මොන හරි ගේන්නම්...

අම්මගේ ඇහේ කොනක තිබුන කදුලු කැට මට පෙනුනත් නොපෙනුනා වගේ ඉන්න උනා අම්මේ...

මම දන්නවා අම්මේ අම්මට මතක් උනා කියලා...
මට පුන්චි කාලේ ඔඩොක්කුවේ වාඩි කරන් කෑම කවද්දී මම හැමදාම අම්මා උයන එවා විතරයි කන්නෙ කියපු හැටි...
එතකොට අම්ම කියනවා..
----------------------------------------------
"පුතේ උබල ලොකු වෙනකොට වෙනස් වෙනවා...
ගෑනි කියන දේ ලොකු වෙනවා පුතේ..."

"නෑ නෑ මම එහෙම නෑ...
අම්ම බලන්නකෝ..."

"හරි හරි නොමැරි උන්නොත් බලා ගමුකෝ...
දැන් මේ බත් කට කන්න..."
------------------------------------------------------
සමාවෙන්න අම්මේ...
මට බොරු කාරයෙක් වෙන්න උනාට....

අම්මේ මම කෑම ගෙනාවා...
අම්මේ....
එන්න කන්න...
අම්මේ....

මහා රාත්‍රියේ අපි එනකොට අම්ම උයපු බත් කාල නිදා ගෙනයි උන්නේ...
කුස්සියේ තිබුන ඔක්කොම අස් කරලා තිබුනා...
පුන්චි පිගනක බත් පොඩ්ඩක් බෙදලා තිබුනා.මම දන්නවා ඒ මගේ පන්ගුව කියල අම්මේ..
ඒ තමයි මම මගේ ජිවිතේ කාපු අන්තිම රසම බත් කට...

එදයින් පස්සෙ උබ නැගිට්ටෙ නෑ අම්මේ...ඒ උබේ අවසාන නින්ද...

අම්මේ උබ කිවුව්ව කතාව ඇත්ත උනා.....
"පුතේ උබල ලොකු වෙනකොට වෙනස් වෙනවා...
ගෑනි කියන දේ ලොකු වෙනවා පුතේ..."

ඒත් අම්මේ...
මම මගේ පුතාට..
නුබේ මුනුබුරාට එහෙම නොවෙන්න උගන්නනවා අම්මේ....

සටහන
වාසනාවන්ත කාලකන්නියා

No comments:

Post a Comment