Monday, September 08, 2014

මහින්දලා රට කති වේදිකා නාටකයෙන්


රගර් ගහලා ලක්ශ ගනන් කාලා දැම්මෙ මං...
ඇස්ට්‍රන් මාටින් ඩී බී නයින් පැද්දෙ මං...
කොලබ පාර රෑට වහලා රේස් ගියේ මං....
එහෙම උනත් මගෙ අප්ප නේ යුද්දෙ දින්නෙ බං...

කෙහෙල් කොලේ හැඩේ ගන්න හෝල්ට් හැදුවෙ මං....
පාවෙන මාර්කට් හදන්න බර ඇද්දේ මං....
සිගිරියට අද වෙනකම් ගිහින් නැනේ මං....
කොහොම උනත් මගේ රජා නේ යුද්දෙ දින්නෙ බං...

නව වසරට බාලයන්ට වැද වැටුනෙ මං......
කට ඇද මුත් බොරු කියන්න හරි රුසියා මං.....
කුඩු ගෙනල්ලා ලේකම් වයි අල්ලනෙ මං......
මොනවා උනත් මගෙ ලොක්කානේ යුද්දෙ දින්න බං.....

පනින් නැතුව ඉදිමි කියලා පැන්න එකා මං......
හම්බන්තොට මහ තඩි කලු ගල් කටින් කැඩුවෙ මං.....
සින්දු කියලා බෙල්ල හපලා කප් ගැහුවෙ මං....
මොනව කරත් අපෙ ලොක්කනේ  යුද්දෙ දින්නෙ බං.....

මුලු කැලණිය රජ කරනා කොටම එකා මං.....
ඕනේ එකෙක් ගස් බදිනවා ලොකු නෑ මට නම්.....
මගෙ කොල්ලත් මං වගෙමයි වලිම තමා බං.....
මොනවා උනත් අපෙ රජා නේ යුද්දෙ දින්නෙ බං.....


සටහන
වාසනාවන්ත කාලකන්නියා

No comments:

Post a Comment