Saturday, February 28, 2015

- විල්ගේ ලෝක සවාරිය පලමු දිගහැරුම -

ඇනස්ටීන් මිස් පංතියේ කට කැඩෙනකම් කිව්වත් විල් හිතන්නේ අපි ඉන්නේ රොටියක් වගේ ලෝකෙක කියල...
ඇනස්ටීන් මිස් ඕව දන්නෙ කොහෙද මං තරම්...
බෝලයක් උඩ අපිට හිටන් ඉන්න බෑ නේ...
අපි ඉන්නේ රොටියක් උන....ඔව් තැටියක් වගේ රොටියක් උඩ...
විල් තනියම කල්පනා කර ගමන් ඉරුන කැන්වස් සපත්තුව කොනින් එලියට පැනපු මාපට ඇගිල්ලෙන් පොලොවේ ඉරි අදින්න ගත්තා....ගෙදර දුම් කවුලුව පිරිසිදු කරන්නත් තියනවා.විල් ට හදිස්සියේම මතක් උනා....නැත්තම් අද හවසට පුංචි අම්ම ජේන් ගෙන බැනුම් අහලා සෑම් බාප්පගෙන් ටොක්කකුත් කන්න වෙයි...

පහුගිය සීත කාලේ තිබුනු දරුණු හිම කුනාටුවකට විල් අම්මා තාත්තා එක්ක අස්සකරත්තේ යද්දි අහු වෙලා අම්මයි තාත්තයි දේවදූතයෝ එක්කන් ගියාට පස්සේ විල් හැදුනේ වැඩුනේ පුංචි අම්මා ජේන් ලග....
පුංචි අම්මටත් විල් ගේ වයසෙම පුතෙක් හිටියත් විල් ඒ බතලයාට වැඩි කැමත්තක් තිබ්බේ නෑ...
කටුස්සෙක්වත් අල්ලන්න දන්නේ නැති මහ බයගුලු බතලයෙක්....
විල් බෙනි ගැන හිතුවේ එහෙමයි...
විල් ට බෙනි පේන්න බෑ වගේම බෙනීත් විල්ට වෛර කරා...
මහ දගකාර වදකාර කොල්ලෙක් විදිහටයි විල් ව බෙනී දැක්කේ....
හිටිය තැනින් ඉක්මනට නැගිට්ට විල් ඉක් ඉක්මන ගේ දිහාවට ඇවිදගෙන ගියා....
ගබඩා කාමරෙන් පරන කොහු බුරුසු දෙක තුනක් හොයා ගත්ත විල් දුම් කවුලුව දිගේ උඩට බඩගෑවා....
ඇග පුරාම දැලි ගා ගන්න ගමන් විල් කොහු බුරුසු වලින් මුලු කවුලුවම පිරිසිදු කරා...
වැඩේ ඉවර කරලා පහලට ආපු විල්ව පිලි ගන්න දුම් කවුලුව ගාව හිටියේ බෙනී...
පුරුදු විදිහටම අර මහ අමුතු හිනාව දා ගත්ත මහත අප්‍රසන්න මූන....

අහ්....දැලි කුමාරයා...උඩ කටුස්සො හිටියේ නැද්ද...

Friday, February 27, 2015

පොඩි නම මොකද දුක් වෙන්නේ ........නිස්සද්දේ

වෙල් එලි බඩ වැටි වල දුව................. පැනපූ
ගඩා ගෙඩි කකා කොල්ලන් හා............. ඉදපු
වැවේ දෙකොන යා කර දිය බුං............ ගහපු
මගේ කේන්දරයට හෙනහුරු................ ආපු

කොල්ලට ගිහිගෙයින් යන්නට ...........වෙනවාමයි
නොගියොත් උබේ පවුලම දුක් ...........වෙනවාමයි
හෙනහුරු ලේසි නෑ දුක් ගිනි ...............දෙනවාමයි
කට උල් කරන් කිවේ ගමේ ..................කපුවාමයි

Thursday, February 26, 2015

සියලුම දෑ සැමවිටම සර්ව සාධාරන වන්නේ නැත...

සියලුම දෑ සැමවිටම සර්ව සාධාරන වන්නේ නැත...
නමුදු අපි ආදරය තුලදී සියල්ල සාධාරනව බලාපොරොත්තු වන්නෙමු....

Monday, February 23, 2015

අලුතෙන් ආව ඉකෝන් මිස් මන ...........බදින

සිසිවන් උවන ඉග සුග ගත හැකි ...........මිටින
අලුතෙන් ආව ඉකෝන් මිස් මන ...........බදින
ලාවට වැහුන හැට්ටේ පිටු පස ..........කොනින
බොඩි පටි දුටුව මුලු පන්තිය ගල් .........ගැසින

Saturday, February 07, 2015

.....පේමදාස රුපියල.....

මාටින් මාමේ...ඉතුරු සල්ලි වලට බුල්ටෝ දෙන්න...
අතින් කටින් බඩු මුට්ටු එල්ලන් උන්නු පුංචි ඇටයා කඩේ මුදලාලියාට කියනවා මට යාන්තමට ඇහුනා..මෙච්චර බඩු තොගයක් ගන්න මම කොච්චර වටිනවා ඇත්ද....
මට හීනි ආඩම්බරේකුත් ආවා...
කොල්ලගෙ කිලුටු නාවර පිරිච්ච අල්ල උඩින් මාටින් මුදලාලිගෙ ලාච්චුවට මං ආවේ එහෙමයි...

Tuesday, February 03, 2015

මටත් මලක් පුදපන් ………..සමාවෙලා

පෝයට පායනා හඳ යායට මුදුන් ………..වෙලා
කුරහන් යායේ කිරි කුරහන් හිනා …….....වෙලා
ගෙදරට යන්න බෑ හේනෙම හවස් ……....වෙලා
මැණිකේ යන්න ඇති පන්සල් මලුත් .......නෙලා

එන්නම් කියා කිව්වම යන්නට ……………..පන්සල්
මැණිකේ හිනහුනා මදහස පා ………….…..මල් මල්
අද රෑ රැකිය යුතු වේ මැණිකේ හේනේ ….….......පැල්
තනිවම අදට විතරක් පලයන් …………….…පන්සල්

Monday, February 02, 2015

වදින්න යන මේ නඩේට.....

ඒ සිරි පා වන්දනා සමයයි...
වාසනාවන්තගේ උපන් ගෙයි ගජය වන වර්ණපාලයා හැම වසරකම පාහේ සිරි පා කරුනා කරන්නට යන සුපිරිසිදු බැතිමතෙකි....
යන එන තැනකට වත් පිනක් දහමක් කර ගැනිමේ අරමුන ඇතිව වාසනාවන්තත් මෙවර සිරි පා කරුනා කරන්න වර්ණපාලයා හා එක් වී යෑමට තීරනය කලෙමි....

අපායට ගියත් තනියම යන්න නොදෙන ලැන්ටියත් අනුරයාත් මගේ දෑත් ශක්තිමත් කරන්නට මෙවරත් සුපුරුදු ලෙසම එක් විය...ඉදින් අදාල දිනයේ උදේ රැයින්ම අපි වර්ණයා ගේ ගෙදරට සෙට් වුනෙමු....

"තොපි හතර දෙනාට කියන්නේ...විසේසෙන් බොට කියන්නේ...." කියමින් වර්ණයාගේ මෑනියන් අපි හිටි ස්ථානයට එක වරම ස්ථාන ගත උනා...
"අපි යන්න හදන්නේ සුමන සමන් දෙයියන්ගේ අඩවියට...කටවල් පරිස්සම් කර ගන්නවා හොදයි...
තොපේ වරත්තු කටවල් ඇර ගත්තොත් තොපිට දෙන්නේ සෙරෙප්පුවෙන්...."

Sunday, February 01, 2015

චාටර්....

ඕනැම වැඩක් පටන් ගන්න කලින් මම නම් හිතන්නේ සිරාවටම වැඩේ කරන්න ඕනේ කියලා. උනාට මම පටන් ගන්න ඕනෑම වැඩක් අන්තිමට චාටර් කරන් නවතිනවා කියලා අපේ අම්මා නම් කාලේ ඉදන් දන්නවා...
පුංචිම පුංචි සන්දියේ පරම්පරා පාත්තරේ කලිසමේ සිප් එකට අහු කරන් මුලු මොන්ටිසෝරියටම චාටර් උනා කියලා අම්මා මට පොඩි කාලේ කියලා තිබ්බට මම නම් ඒක විස්වාස කරේ නෑ.... උනාට මේ ලගදි දවසක් අපේ ඈතින් නෑ වෙන අක්ක කෙනෙකුත් පවුලේ ඔක්කොම මැද සිද්දිය මතක් කරලා අයේ චාටර් කරා....
මම නම් හිතන් නේ චාටර් වීම මම උපතින්ම දෝතින් ගෙනාපු දායාදයක් කියලයි....

සෑහෙන කාලයක් නිකන් ඉදලා නේ

වාසනාවන්තගේ පාසල් අවදියයි.
යන්තමින් සාමාන් පෙල ගොඩ දමා ගැනීමෙන් අනතුරුව අපි ඊලගට මුහුන දුන් ලොකුම ගැටලුව මැත්ස් කරනවා කොමස් කරනවාද සයන්ස් කොරනවාද යන්නය...
පසුව ඒකමතික දැඩි තීරනයකින් අනතුරුව මම වානිජ අංශයත්....ලැන්ටියා වර්නයා සහ අනුරයා ගණිත අංශයත් තොරා ගන්නා ලදී.
පාසල පටන් ගත් පලමු දිනයේම අපි හතර දෙනාම සූරයෝ විදිහට සැට් වෙලා තිස් තුන් කෝටියක් දෙවියන් සිහි කරන් විද්යාල ගත උනෙමු....
වර්ණයා ඇතුලු පිරිවර ගණිත අංශයට රිංගද්දී මම හෙමින් සීරුවේ වාණිජ අංශය දිහාවට බඩ ගෑවෙමි...සාමාන් පෙලත් මෙම පාසලෙම කල නිසා මිතුරන්ගෙන් නම් අඩුවක් තිබුනේ නැහැ....