Monday, February 02, 2015

වදින්න යන මේ නඩේට.....

ඒ සිරි පා වන්දනා සමයයි...
වාසනාවන්තගේ උපන් ගෙයි ගජය වන වර්ණපාලයා හැම වසරකම පාහේ සිරි පා කරුනා කරන්නට යන සුපිරිසිදු බැතිමතෙකි....
යන එන තැනකට වත් පිනක් දහමක් කර ගැනිමේ අරමුන ඇතිව වාසනාවන්තත් මෙවර සිරි පා කරුනා කරන්න වර්ණපාලයා හා එක් වී යෑමට තීරනය කලෙමි....

අපායට ගියත් තනියම යන්න නොදෙන ලැන්ටියත් අනුරයාත් මගේ දෑත් ශක්තිමත් කරන්නට මෙවරත් සුපුරුදු ලෙසම එක් විය...ඉදින් අදාල දිනයේ උදේ රැයින්ම අපි වර්ණයා ගේ ගෙදරට සෙට් වුනෙමු....

"තොපි හතර දෙනාට කියන්නේ...විසේසෙන් බොට කියන්නේ...." කියමින් වර්ණයාගේ මෑනියන් අපි හිටි ස්ථානයට එක වරම ස්ථාන ගත උනා...
"අපි යන්න හදන්නේ සුමන සමන් දෙයියන්ගේ අඩවියට...කටවල් පරිස්සම් කර ගන්නවා හොදයි...
තොපේ වරත්තු කටවල් ඇර ගත්තොත් තොපිට දෙන්නේ සෙරෙප්පුවෙන්...."

අපේ පෙර වැරදි ඇති නිසා අපි පරන ඥාන කතා ගිල්ල නහටු බල්ලන් සේ කට වසාගෙන අසා සිටියෙමු....
සිරි පා අඩවිය

බස් රියට ගොඩ වූ මොහොතේ හිද අනුරයා නම් කට පරිස්සම් කර උන්නේය...මාත් සෙරෙප්පු පාරට බියෙන් කට තඩ කොරන් උන්නා...අපි දෙන්නටම නොකිව්වත් වර්නයා සහ ලැන්ටියත් සෙරෙප්පු පාරට බය හින්දා තමා කට වහන් ඉන්නේ කියලා මටයි අරුනයාටයි හොදට තේරුනා....
කොහොමෙන් කොහොම හරි අපි සමන් දෙවියන්ගේ අඩවියට සේන්දු උනා....

නමෝ විත්තියෙන් කිරි කෝඩු මම අනුර ලැන්ටි තුන් දෙනා ඔන්න සිරිපා කරුනාවටයි සූදානම....

බැහැලා විනාඩි පහක් යන්න කලින් අනුරයා හොයා ගන්න නෑ...ටික වෙලාවකින් බලද්දි මලුවටම එකයි කිය කිය කුරුදු සුරුට්ටු අහුරක් අරන් බුවා එනවා...අම්මේ ඉතින් කොහේ ගියත් ගතිය අරින්න පුලුවනෑ ඉතින්....

කොහොමෙන් කොහොම හරි අපි ඉතිං කටවල් අකුලගෙන සීතලෙන් ගැහි ගැහි සිරිපා කරුනා කරනවා...
වර්නයාගේ අම්මා පිරි පස්සේ සික්ස් එයිට් බීට් එකට පොඩ්ඩක් විතර ලගින් යන බීට් එකකට් මෙහෙම කියනවා......

වදින්න යන මේ නඩේට.....

අපි අත්වැල් අල්ලනවා.

සුඅමන සමාමාමා...න් දෙවි පිහිටයි....

එතකොට එහා පැත්තෙන් පල්ලම් බහින නඩෙන් මෙහෙම කියනව.....

"එහෙම කියපු ඒ නඩේට.....
ඉහල කඩෙන් කෝපි දෙකයි...."

මෙච්චර වෙලා කට අකුලන් ආපු අපිට ඒ සෙල්ලම මාර ලල්...
ඒ අස්සේ වර්ණපාල ඇල්ලුවා අලුත් නම්බර් එකක්....ඒ ලගින් ගිය කෙල්ලො තුන් දෙනෙක් දැකලා...

"වැදලා බහින මේ නංගිලා....
ගාව නැද්ද අග්ගලා....."

කෙල්ලො තුන් දෙනා ලැජ්ජාවෙන් බිම බලාගෙන ගියා....

අම්මට සිරි නැන්දගේ කවිය වගේ ද වර්ණයාගේ නම්බර් ඒක...ඒක මරු නේ...
දෙන්නම් කෙල්ලො ටිකකට ඇබරිලා යන්න කියලා හිතත්දිම කෙල්ලො දහයක් විතර ඉන්න නඩයක් ටිකක් ඉස්සරහින් යනවා දැක්කා..මමයි ලැන්ටියයි ඇල්ලුවා බීට් එක....
ටිකක් සද්දෙන්..

"වැදලා බහින මේ නංගිලා.....
ගාව නැද්ද අග්ගලාලාලාලා......."

වට පිටාවේ උන්නු කට්ටිය නගාලා දිහයි අපි දිහායි අමුතු බැල්මක් දැම්මා...අපිත් නිකන් පොරවල් වගේ හිනා වෙවී ඉන්නවා...
අම්මට සිරි... කියල කට වහ ගන්න හම්බුනේ නෑ....නංගිලා ඇල්ලුවා අපිට උත්තරය...

"අනේ අපේ අග්ගලා.....
සීතලේට ඇකිලිලා...."

හුටා...
වට පිටාවේ ඔක්කොම අමුතු කින්ඩි ස්වබාවයේ හිනාවක් එක්ක අපි දිහා බලනවා...
කෙල්ලො ටික හිකි හිකි ගානවා...
මට ඇන්ටි කියපු  කතාව මතක් උනා....

මේ අඩවියේ කට වරද්ද ගන්න එපා....

සටහන
-වාසනාවන්ත-

No comments:

Post a Comment