Sunday, February 01, 2015

සෑහෙන කාලයක් නිකන් ඉදලා නේ

වාසනාවන්තගේ පාසල් අවදියයි.
යන්තමින් සාමාන් පෙල ගොඩ දමා ගැනීමෙන් අනතුරුව අපි ඊලගට මුහුන දුන් ලොකුම ගැටලුව මැත්ස් කරනවා කොමස් කරනවාද සයන්ස් කොරනවාද යන්නය...
පසුව ඒකමතික දැඩි තීරනයකින් අනතුරුව මම වානිජ අංශයත්....ලැන්ටියා වර්නයා සහ අනුරයා ගණිත අංශයත් තොරා ගන්නා ලදී.
පාසල පටන් ගත් පලමු දිනයේම අපි හතර දෙනාම සූරයෝ විදිහට සැට් වෙලා තිස් තුන් කෝටියක් දෙවියන් සිහි කරන් විද්යාල ගත උනෙමු....
වර්ණයා ඇතුලු පිරිවර ගණිත අංශයට රිංගද්දී මම හෙමින් සීරුවේ වාණිජ අංශය දිහාවට බඩ ගෑවෙමි...සාමාන් පෙලත් මෙම පාසලෙම කල නිසා මිතුරන්ගෙන් නම් අඩුවක් තිබුනේ නැහැ....


දුලා
ගැට්ටා
රන්ජා
ගම් බබා
බෑවා
බැමා
පොල් කට්ටා නොහොත් කට්ටා

ආදි විශාල පිරිසක් වාණිජ කිරිමේ අදහසින් පිරී ඉතිරී සිටින අයුරු දක්නට ලැබිනි.....ඉතින් දෙයියනේ කියලා තව අවුරුදු දෙක්ක පිස්සු පීකුදු ආතල් ආරම්බයක් ගන්න හිතාන අපි පලමු දිනයට වානිජ අංශයට ඇතුලු උනා...



පලවෙනි දිනයේ රැස්වීමක් තියන යන්නේ...උසස් පෙල නීති රීති කියලා දීලා දේශනාව දෙන්න යන්නේ...අපි සුපුරුදු ලෙස බුද්ධිමතුන් වැඩියෙන් බිහි උන පේලිය ලෙස නම් දරාපුඅ පසුපස පේලියට අරක් අරන් බලන් උන්නා රැස් වීම පටන් ගන්නකම්...
වාණිජ අංශ ප්රදානියා අති ගරු ලක්ශ්මන් සමරනායක ගුරුතුමා හෙවත් ලක්ෂ්මා පැමින පලමු  දින රැස් වීම ආරම්බ කරන්න පන්තියට ආවා...

ලක්ෂ්මා මුලු ඉස්කෝලේම ප්රසිද්ධයි පොර ටෝක් වලට...කියන කතාවලට තනි ඇහැට හත් දොහක් අඩන්න පුලුවන්...එච්චර පොර ටෝක් දෙන බුවෙක්...
ඉතින් මිනිහා ඇවිත් හොදට පන්තිය දිහා බැලුවා...
පිටි පස්සේ පේලිය දැක්කම මිනිහා දැන ගන්න ඇති මේ පාරත් සුපිරි රිසල්ට් එකක් කට්ටිය දායි කියලා...

උගුරෙ රැල් බුරුල් ඇරපු බුවා කතාව පටන් ගත්තා...

ම්ම්ම්......මේ පාසලේ විනය බාර ආචාර් වරයා හැටියට මට ඔහේලට , විශේශයෙන් ඔය පිටිපස්සෙම පේලියේ ඉන්න උදවියට කියන්න තියෙන්නේ විනය විරෝදි වැඩ කොරලා අහු වෙන්න එපා කියලා...
මත් ද්රව් පානය
අනියම් සම්බන්දතා
ගැන විශේෂයෙන් අපි හොයා බලනවා....කිසිම සමාවක් නම් ගන්න හිතන්න එපා වගේ දේකට මාට්ටු වෙලා.....

මිනිහා එහෙම කියනකොටම කවුරු හරි ගොන් බුරුවෙක් පන්තිය මැද්දෙන් "හික්" ගාලා හිනාවක් තද කර ගන්න සද්දයක් ආවා...

කවුද හැංගි හැංගි හිනා වෙන්නේ....
පිරිමි වගේ වැඩ කරන්න පුරුදු වෙනවලා අයිසේ....
මම වගේ වැඩ කරන්න පුරුදු වෙනවාලා අයිසේ.....


දැන් ඉතින් වසලා හමාරයි...ලක්ෂ්මා හරි ආසයි මිනිහා ගැන කතා කරන්න...මිනිහා හෙන පොර කියලා කියා ගන්න තියනවා නම් මුකුත් ඕනේ නෑ...
බලනවා මං දිහා....
මම අරක්කු බින්දුවක් කටේ තියලා නෑ...සිගරට් එකක් බීලා නෑ...
අද වෙනකම් මම මගේ වයිෆ් එක්කවත් එක කුඩ්යක් යට ගිහින් නෑ.....

කොල්ලො ටික පුල් අන්දොස්...ඇයි යකෝ කසාද ගෑනි එක්ක කුඩයක් යට ගිහින් නැති මිනිහා පොල් ගාන්නද.....

ලක්ෂ්මා දිගටම කතා කරනවා...
කොල්ලෙක් උනාම ඉපදිලා දවස් 10000කින් කසාද බදින්න ඕනේ....ඒක අහලා සමහර උන් කොලයක් අරන් ගනන් හදන්න  ගත්තා දැන් උන් ඉපදිලා දවස් කීයද බලන්න....

කොමස් සෙක්ශන් එකේ ඉන්න අනිත් මිස්ලා ටිකත් පිටි පස්සේ ඉදන් අහන් ඉන්නවා...සර් කාරයා ගිරිය පුප්පන් කියනවා ඉතිං වරුනේ දිගට හරහට.....

මම බැන්දේ අවුරුදු 26න්....මම අවුරුදු 29 වෙනකම් ලමයෙක් හැදුවේ නෑ.....
මිනිහා හයින් අඩි හප්පලා කිව්වේ නිකන් අපි දැන්ම ලමයි හදලා වගේ.....
මුලු පන්ති කාමරයම නිශ්ශබ්දයි.....

කවුදෝ එකෙක් හෙමිට මෙහෙම කියනවා ඇහුනා.....

"සෑහෙන කාලයක් නිකන් ඉදල නේ...."

එතනින් එහාට කතාව හරිම සෝචනීයයි...

පන්තියටම සතියක් පන්ති තහනම් කරා ඉස්කෝලේ පටන් ගත්තු පලවෙනි දාම.
කියපු එකා නම් හොයා ගන්න හම්බුනේ නෑ....
ඔන්න ඔහොමයි කතාව පටන් ගත්තේ.....
කතාව තව දුරට යනවා....තව තව කතා තියනවා....
හෙමින් කියන්නම්....



සටහන
වාසනාවන්ත





No comments:

Post a Comment