ගස් වැල් අතර පිය මැන ආ මා ...............සොදුර
මතයිකයි නුබ පැවසුවා යායුතු දුර ...........කතර
හිමි මට නුබයි මා නුබේ ලගයි මේ ..........සසර
කිව් ඇය නොමැත අද තනිවෙමි මා .........නිතර
ඇය කී නිසාවෙන් ලොකු රැකියාවක්ම .........සොයා
ගනු අදිටනින් ගුරු කුල වෙත නිතර ...............ගියා
අවසන් උපාදිය ගෙන මා තුරුලේ ................තියා
එනවිට දන්නේ නුබ දුරු රට ගිහින්............. කියා
ලැබු ඉගනුමේ පිහිටෙන් වෙදදුරෙක් ............උනේ
දින දින තවත් ඉගනුමටයි හිත .................ඇදුනේ
තුන් පැයම නුබ ගැනමයි සිහි .................වන්නේ
ලැබුනත් හැම දේම සිත නුබ ............විමසන්නේ
කාලය කෙමෙන් පහලට ගලමින් .............ඇදුනා
නුබේ හිස්තැනට කවුදෝ හෙමිහිට ............රැදුනා
ගිය නුබ මත්තේ වැලපුන කල් ඇති ..........සිතුනා
මා ඇය එක්ක එක නිවසක කූඩු ................උනා
දවසින් දවස ඇය මගේ වෙත.................... ලන්වූවා
පිනි දුටු හිරු විලස නුබේ මතකය............. නැතිවූවා
සුරතල් බිලින්දෙකු හට ඇය මව් ................... වුවා
දැන් නුබ නොවෙයි ඇය වේ මගේ ..........හිමිකරුවා
මා පිය බිරිද බිලිදුන් හා .........................හැන්දෑවේ
රැලි පෑගුවෙමි ගොලු මුහුදේ ...................හැන්දෑවේ
නොසිතුව විලස ඒ සුන්දර .....................හැන්දෑවේ
සොදුරිය දිටිමි ඇගේ සැමියා හා................ සිටියේ
මා හුන් තැනම ගල් වී ඒ දෙස ...................බැලුවා
පොඩි බිලිදෙකුත් ඇගෙ ඇකයේ ඉනු ...........දුටුවා
මා පිය බිරිද මා දෙස නෙතු පිය ..................හරවා
ඇයි නුබ ඇයව හදුනවද යැයි .....................ඇසුවා
ගිය දේ ගියා ඇය තනිවම ඇගෙ .............ලෝකේ
දැන් මක්කටද ඈ වෙත යලි යා ...........නොහැකේ
මා සොදුරියට ඈ ගැන පැවසිය ...........නොහැකේ
නෑ නිකමටයි මා බැලු විට එය ...............දැක්කේ
සටහන
වාසනාවන්ත
No comments:
Post a Comment