Thursday, January 29, 2015

අවසානයේ අපි යකෙක්ට ද නෝන්ඩි විය...

පසු ගිය සතිය අපේ වරිගසබාවට ඉතාම කාර්‍යබහුල සතියකි.මන්ද අපෙ මිත්‍රයෙකුගේ ගෙදර තොයිලයකි...ඉදින් අපිත් සියලු වැඩ රාජකාරි අතහැර රැකියාවලට නිවාඩු දමා තොයිල කෙලියට එකතු පහදු වූයෙමු...සතියක කාලයක් ඉද පේ වීමට ඔවුන්ට සිදු විය...
ගේ දොර අස් පස් කර සියලු දෙනාම තොයිලයට බඩු මුට්ටු සොයන්නට පටන් ගත්තා...හැමදාම වගේ අනුර අදත් ලිස්ට් එක අතට අරන් හඩ නගා කියවන්න පටන් ගත්තා.



රතු කුකුල්ලු එකයි...
එක නැට්ටේ දෙහි වලු 2යි....
සමාන්‍ය දෙහි කිලෝ 5යි...
කට්ට කුමන්ජල් කිලො 5යි...
කොකාකොලා බෝතල් දෙකයි...

අඩෝ කොල්ලා...කොකාකෝලා බොන්න බෑ බන්..ඇපල් සෝඩා ගේමු බන්...අනුරයා මූන ඇද කරන් කිවුව්වා..

යකෝ අපිට බොන්න නෙමෙයි යකෝ ඔය.....ඕවා යකාට බොන්න...

අම්මට හුඩු...උබලගේ ගෙදර ඉන්නේ කොකාකොලා බොන යකෙක්ද බන්...
ඒකා යකෙක් නේ බන්...
ආයෙත් වතාවක් ලිස්ට් එකට ගිය අනුරයා ලිස්ට් එක දිගට කියවන් යන්න ගත්තා...

පස් ලෝ...
වෙරි පහ...
පාට පහෙන් මල්...
පව්ඩර් එකයි..
කන්නඩියයි...????

ඒ මොකටද බන් කන්නඩි පව්ඩර්...යකාගේ ගෑනිට ද....?
ආයෙත් වතාවක් මූන පුලුටු කොර ගත් අනුරයා අපි දිහා බලල ඇහුවට අපිටත් ඒකට දෙන්න නම් උත්තරයක් තිබ්බේ නෑ...

********************************************************************

සබ්බ සකලමනාවම එක්කාසු කොර ගත්තු කස්ටිය ඉතින් තොයිල කෙලිය බලන්න හිතාන අදාල දවසේ කලින්ම ලෑස්ති වෙලා දත කට මැදන් ඉන්නවා.
උදේ පාන්දරිම කට්ටඩියගේ ගැන්සිය බැස්සා..කෙහෙල් කොටන් කපලා
කැටයම් කපලා...ගොක්කොල කැටයම් කපලා...
මාර ලස්සන නිර්මාණයක් කලා...තොයිලේ කෙසේ වෙතත් ඒකට නම් ලකුනු දෙන්න පුලුවන් දහයෙන් දහයක්...

හැන්දෑ වරුව උදාවෙනකොට කට්ටඩියා ආවා...රාත්‍රී අට විතර වෙනකොට වැඩේ පටන් අරන්...මම අනුරයා වර්නය ඇතුලු ගැන්සිය වැදගෙන බලන් ඉන්නවා...

බෙර පද බෙර බෙර පැලෙන්න වදිනකොට කට්ටඩිය පරල වෙන්න පටන් ගත්තා...අනුරයා කටයි තව එකකුයි ඇරන් බලන් ඉන්නවා...
මචන්...
බලපන් නේ...මේ මනුස්සයගේ ඇගට හොල්මන් එනවා නේ ...
බලපන්කෝ ඒකෙත් හැටි නේද....?

ඔය බොරුවක් බන් කරන්න්‍..ඒ මගේ මතයයි...

බෙර පද උස් හඩින් වැයෙන්නට විය..මහ හඩින් හූවක් කියු කට්ටඩියා කුකුල් බිල්ලක් ඉල්ල පරල වෙන්නට විය.කුකුලා අතට ලැබුනු සැනින් උගේ කකුල් වලින් අල්ලා ගත් කට්ටඩියා ඌ අල්ලා හිස වටා කර කන්නට ඌයේ පොඩි එකෙක් පොල් කොලෙන් හදන පොල් කුරුමිනියෙක් ඔලුව වටේ කරකන අයුරු සිහි කරවමින් ය...

කුකුලා කරකවා අවසානයේ ඌ බිම අත හැරියේය...කුකුලා කුරිඥ්ඥ්න් වී වට පිට බලනු දුටු අපි කට තඩ කරන් හිටියෙ හදිස්සියේ වත් හිනා ගියොත් යකාට යකා නගිනු ඇතැයි හිතුනු නිසායි...

ඒ අස්සේ උදාරයා මට පිටුපසින් සිට ඇගිල්ලෙන් අනින්ට පටන් ගත්තේය...
ඇයි කියපන්...
මම හෙමින් කොදුරා ඇසුවෙමි...

"මේ කුකුලාට හිතෙන්න ඇති නේ බන් නානාගේ කඩේ කොක්කේ එල්ලුනා නම් එකක් කියල..."
මුන්ටත් මේ අස්සේ හිතෙන දේවල් අම්මපා....

******************************************

වැඩේ බාගෙට යන අතර තුර අපි තොයිලය තියන තැනින් පොඩ්ඩක් ඉවත් උනා...රෑට කන්න හිතාන.ඉදි ආප්ප සහ කිරි හොදි තිබ්බෙ...අම්මේ ඉතින් ඇස්වහක් කටවහක් නෑ...කෑවා කෑම බඩේ හතරකොන් දිග ඇරිලා බුරිය උල් වෙන්න...
කෑමෙන් පස්සේ කන්න දෙයක් හොයා ගන්න හිත වට පිට බලද්දි...මෙන්න තියනව දිලිසි දිලිසි පිදේනි තට්ටුවක්...පලතුරු විතරක් තියල තට්ටුවක් හැඩුවා...ඒ පුජාව ඉවර උනායින් පස්සේ තට්ටුව ගේ ඇතුලට එවලා..

වර්නේ...අන්නාසි තියනවා..
මට නම් කන්න බයයි බන්...

ඔන්න ඔහේ කමු බන් වර්නය මුල සුන අරන් බැස්ස ගේමට...අන්නසි කෑලකින්...

පිදේනි තට්ටුවම සුන්නද් ධූලි කරන්න අපිට වැඩි වෙලාවක් ගියේ නෑ..යක්කු පෙරේතයන්ට හැරෙන්නවත් බෑ අපි එක්ක කෑමෙන් නම්..කාලා කාලා ඉස්මුරුත්තෙටම ඇවිත්...

අනුරයා..අල්ලමුද බන් පොඩි ඇලට් එකක් කියද්දිම යටි ගිරියෙන් හූ තලන සද්දයක් ආවා...

සද්දේ හැටියට නන්  තව ආරුඩයක්...ආත බූත කඩාගෙන සෙට් එක ඒ පැත්තට ගියේ මේ පාර ආව යකා මොකාද බලන්න....කට්ටඩියා කොන්ඩෙ කඩන් බලන් ඉන්නවා...
අපේ මිත්‍රයාගේ අම්මායි තාත්තයි එතන හිටන් ඉන්නවා...

වයසක කටහඩකින් කට්ටඩියා...
දුවේ...උබ මාව බොතලේකට දාන්නේ නෑ නේ ද...
කියල ඇහුවා....

අම්මට හුඩු....මේක බොරු කිය කිය හිටපු අපි ටික සුට්ටක් විතර ගැස්සුනා ඒකට නම්...
මේ ගෙදරට බලපෑම කරන අය ගැන ඒ වයසක කට හඩින් විස්තර කියන්න ගත්තා..අතර මගදි විස්තර කියන එක නවත්තපු කට හඩ...උන් මන් දිහා බලන් ඉන්නවා කියල විස්තර කියන්න අදි මදි කරා...
අපේ මිත්‍රයාගේ පියා...
කවුරුත් මෙතන නෑ...බය නැතුව කියන්න කියමින් ඇවිටිලි කරා...නමුත් මේ ආත්මය ( කටහඩ ) දිගින් දිගටම අකමැත්ත පල කරා.
නැවත වතාවක් විස්තර කියන්න කියමින් ඔහු ඇවිටිලි කරද්දි මේ කටහඩ කෝපයට පත් උනා....
මිත්‍රයාගේ පියා දිහා රවා බලපු කට්ටඩියා තුල සිට කට හඩ සැර පරුශ ලෙස...

"ආ බොල හුත්*** ගේ පුතෝ...තොට පේනවද මට පේන ඒවා..තොගේ පිටි පස්සේ මේක කී දෙනෙක් බලන් ඉන්නව කියල තොට පේනවද...?
කියමින් ඔහු අප දෙසට හැරි

"මුන් හිතන් ඉන්නෙ මම දැක්කේ නෑ කියලා...තප තප ගාල පිදේනි තට්ටුව ගිලල මෙතට ඇවිත් දැන් බලන් ඉන්නවා..."

මම වර්ණයා දෙසත් වර්ණයා මා දෙසත් මුහුනට මුහුන බලාගෙන හිදී...උදාරයා සහ තිල්ලා උඩ බලා සිටී...
අනිත් උන් හතර වටේම බලමින් සිටී...

මුලු තොවිල් පොලම අප දෙස බලා සිටි...

ඉදින් සියල්ල අවසානයේ අපි අති සාර්ථක ලෙස යකෙක්ට ද නෝන්ඩි වීමු....

සටහන
-වාසනාවන්ත-


No comments:

Post a Comment