Friday, January 30, 2015

ඊට වඩා අඩුවට ගල කපා ගන්න බැරිද....

තොයිල කෙලියෙන් පසු වරිග සභාව නැවත කැදවූ පලමු දිනය අදයි...වැඩ රාජකාරි වලින් මිදී යට ගිය දවස ගැන රසවත් කතාබහ අපි අතරේ සුපුරුදු ලෙසින් කෙරී යන්නට විය...
අනුරයා පමනක් නිදි බර මුහුනින් සිටි....

මොකද බොල මේ දාහට අරන් නිකන් දීලා වගේ...

මහන්සි බන්...ඉයේ මුලු රෑම ප්ලෑන් එකක් ඇන්දා බන්.
මහේලයි සංගයි හොටෙල් එකක් දාන්න යනවනේ බන්.ඒකේ ප්ලෑන් එක අදින්නේ අපේ කම්පැනි එක බන්.අපේ ලොක්කා ඒක මගේ කරේ ගැහුවා බන්..මම ඊයේ රෑ වෙනකම් ඒක එක්ක ඔට්ටු උනා බන්...


අම්මට හුඩු...කෑම ජැකලින්ගේ ආප්ප වගේ ගනන් ද...ලැන්ටියා කුප්ප හිනාවක් දමමින් ඇසුවේය...

ඒක ඉති ආප්ප දාන ඒකාගෙන් ගිහින් අහපන්...අනුරයා ලැන්ටියාට කුප්ප හිනාවක් රිටන් කරන ගමන් කියද්දි අපිටත් නිකන්ම් කුප්ප හිනාවක් ගියා

කතාවෙන් කතාව ඇදිලා යනකොට අනුරයාට ඔපීසියෙන් කෝල් එකක්...

"කනේ තියන් ඉන්න කම්මැලි බන්"
කියපු අනුරයා වාඩි වෙලා උන්නු පුටුවේ තවත් හොදට දිග ඇරෙන ගමන් ඇමතුම ආන්සර් කරේ ලවුඩ් ස්පීකර් දාගන්න ගමන්...

හෙලෝ...

හෙලෝ... ****** ද ? ( අනුරයාගේ ඇත්ත නම ) යනුවෙන් තරම ගොරෝසු කටහඩක් එහා අන්තයෙන් ඇසුවා.

ඔව් සර් කියන්න...අනුරයාට එච්චරයි කියන්න හම්බුනේ....

ආ බොල බල්ලෝ.....කොලබ හතේ කොහෙද බොල අඩි ගානක ගල් විදින්න තියෙන්නේ යකෝ...තෝ මාව කෑවා බල්ලෝ...කියමින් මහා හඩින් බෙරිහන් දෙන්න පටන් ගත්තා...
පුටුවේ දිගා වී උන් අරුනයා එක පාර මෝල් ගස් ගිල්ල පිබුරා වගේ කෙලින් උනා..අපිත් මඥ්ඥන් වෙලා හිටියේ උන දේ හිතා ගන්න බැරුව...

විනාඩියක් විතර සුද්ද සින්හලෙන් ජාතිය අමතපු අනුරයාගේ බොසා...දඩස් ගාලා පෝන් එක තිව්වා

වැස්සක් වැහැලා පෑයුවා වගේ...එකෙක්ටවත් උන දේ හිතා ගන්න බෑ...හැමෝම මූනෙන් මූන බලාගෙන ඉන්නවා....

තත්පර ගානක නිහැඩියාවක්.....

ආය වතාවක් අනුරයාගේ ජන්ගමේ සද්දෙන්ම පොදු නිහඩතාවය බිදිලා ගියා...අනුරයා ඒකත් ලවුඩ් ස්පීකර්ම දාලා ආන්සර් කරා...

අඩෝ..මම චතුර කතා කරන්නේ...
තෝ මොකක්ද බන් අර කරලා තිබ්බේ බන්...

මොකක් ද...

ඇයි බන් බූරුවෝ...උබ ඊයෙ අර අදින්න දීපු ප්ලෑන් එක උබ එක අලුතෙන් ඇන්දෙ නෑ නේ..

නෑ..බන්..මම අර පේරාදෙනියේ හොටෙල් එකේ ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් කරලා දුන්නා...

ඇයි...

ඉතින් මී හරකෝ තෝ දැක්කේ නැද්ද ඒක අතිමට නෝට් එකක් තිබ්බ ඒ ඉඩමේ ගලක් තියනව ඒක විදින්න ලක්ශ 70ක් යන්ව කියල ලියල තිබ්බා...

තෝ ඒක එහෙමම තියලා තමයි ප්ලෑන් එක යවලා තියෙන්නේ...

ක්ලයන්ට අද ලොක්කට කතා කරලා අහලා ඊට වඩා අඩුවට ගල කපා ගන්න බැරිද කියලා....

මොකටත් උබ හෙට පරිස්සම් වෙලා වරෙන්..ලොක්කා උබට ගල් බෝර ගහයි.....

අනුරයා කර ඇති හදිය අපිට තේරුම් ගියේ ඊට පස්සෙයි....
ඔන්න ඔහොමයි අපේ අනුර කොලබ 7 ගල් විද්දේ....


සටහන
-වාසනාවන්ත-

No comments:

Post a Comment