Saturday, January 31, 2015

මම තාමත් උබේ....

මුලු රෑ පුරාම වැඩ කරලා මහන්සිය නිසාත් නිදි මත නිසාත් දෙකම මග ඇරෙන්න තේ එකක් බොන්න හිතාන උනුවතුර බොතලේ අතට ගත්තේ...කෝප්පේට තේ එක වක් කරන් ඉදගෙන උන්නු පුටුවෙන් නැගිට්ටේ කකුල් දෙක ඉදන් ඉදලම හිරි වැටිලා තිබුනු හින්දා.හෙට උදේ වැඩට යන්න හොදට මැදලා
තිබුන ශර්ට් එක කාමරේ එල්ලලා තිබ්බා..
මම හැම උදේම ශර්ට් එකක් අදින වාරයක් ගානේ උබ මගේ හිත පහුරු ගානවා දැනෙනවා...
උබේ කට හඩ එදා වගේම ඇහෙනවා..
................................................................................
සුදු මහත්තයෝ.....
ඔයා ලොකු මහත්තයෙක් වෙලා අත් දිග ශර්ට් එකක් ඇදලා වැඩට යන්න ඕනේ..

එතකොට මට පුලුවන් සුදු මහත්තයට රස කෑම එකක් හදලා දෙන්න...
ඊට පස්සේ ඔයා හවස මහන්සි වෙලා එනකොට මට පුලුවන් ඔයාට රසම රස තේ එකක් හදලා දීලා ඔයා ඒක බොනකම් මොනාද අද කරේ කියල අහන් ඉන්න....
නේද සුදු මහත්තයෝ...??
මම දවසම මහන්සි වෙලා ආවම තේ එකක් දීලා දවසම මම කරපු ඒවා දැන ගන්න නේද ඕනේ...
අනේ අනේ...
අනේ කියන්නේ...
මම ඔයාගේ සුදු මැනිකේ නේ..මට කියන්නේත් නැද්ද...?
හරි හරි සුදු මැනිකේ කියන්නම්...
මුලු දවසේම උන හැම දේම කියන්නම්..
හැබැයි මම ඔෆිස් එකේ ඉන්න ගෑනු ලමයි ගැන නම් කියන්නේ නෑ...
කපටි නපුරා..
මම ඒ කෙල්ලො ඔක්කොටම ගුටි දීලා පන්නවා..
සුදු මහත්තය මගේ විතරයි...
හැම දාම.....
................................................................................
ඔව් මම උබේ තමයි සුදු මැනිකේ...
මම තාමත් උබේ....
ඒත් එකම ප්‍රශ්නේ උබ දැන් වෙන එකෙක්ගේ....

සටහන
වාසනාවන්ත


3 comments:

  1. Godak adare karala wage bro

    ReplyDelete
  2. Godak adare karala wage bro

    ReplyDelete
    Replies
    1. කොයි කොල්ලත් කොයි කෙල්ලත් එහෙමනේ...

      Delete