Saturday, January 31, 2015

මරා සිරා සහ ස්ටැන්ලියා..

පසු ගිය කාල වකවානුවම මුලු ලංකාවේම දැවෙන ගැටලුව උනේ මරා ද නැතම් සිරා ද කියන එකයි...කොහොමෙන් කොහොම හරි ජනවාරි 8 වෙනිදා දෙන්නාගෙ චන්ද සටනින් සිරිසේන මහත්තයා ජය ගත්තා...මහින්දා මහත්තයා පරාද උනා.
මේ කතාව මහින්ද මහත්තය ගැනවත් සිරිසේන මහත්තයා ගැනවත් නෙමෙයි...
මේ කතාව උදේට මරාට කඩේ යන හවසට සිරාට කඩේ යන ස්ටැන්ලියා ගැන...



උදේ වැඩට එනකොටම ස්ටැන්ලියා කොහෙන් හරි කුනු ගොඩකින් මොකක් හරි ප්‍රවෘතියක් හොයා ගන්නවා....

" මහින්දයා මේ චන්දෙ කොලබ රැස්වීමට මෙච්චරක් වියදම් කරලා ලූ.."

ස්ටැන්ලියා එන අතර මග දිගට වලිගේ ගිනි ලාපු හනුමා වගේ ඉතිං දකින දකින් උන්ට අලුත් ප්‍රවෘතිය කියාගෙන එනවා...

ඒ අතර මගදි සිරා ගැන නිව්ස් එකකුත් හොයා ගන්නවා....
" සිරිසේන අර රැලියට සෙනග ගෙන්නුවේ අරෙහෙමලු නේ..."

ඒ නිවුස් එක හම්බුන ගමන් ස්ටැන්ලියාට කලින් එක අමතකයි...දකින දකින එකාට ඒක කිය කිය අතිනුත් ටිකක් ද දා කියනවා....
යමක් කමක් තේරෙන පුද්ගලයයි ස්ටැන්ලියා කියන පුවත් සිරස්තල විනෝදයට විතරක් ඇහුවට ස්ටැන්ලියාගේ ක්ලීනින් බැටෑලියන් එකේම චන්ද ටික තීරනය උනේ ස්ටැන්ලියාගේ පුවත් සිරස්තල වලින් තමයි...

ස්ටැන්ලියාගේ ගේ මේ දවස් වල හිට් එක හොර බඩුය....
උදේ පානදරම අපේ කඩේ දිහාට එන ස්ටැන්ලියා....
"දන්නවද අද ලැම්බොගිනි පහක් අහු වෙලා නේ...."

කොහෙ තිබිලද ස්ටැන්ලි...

මම කුරින්ඥඥන් වී ඇසුවෙමි...

ඔහු ස්ථානයක නමක් සදහන් කරයි....

බලන්න නේ ඒකෙත් හැටි...මම අර ඉස්සරහ ශොප් එකටත් ආරංචිය කියලා එන්නම් කියමින් ඔහු කඩි මුඩියේ ඊලග කඩයට යයි...

නැවත විනාඩි 10කින් පමන ස්ටැන්ලි පැමිනියේ තවත් පුවතක් රැගෙනය...
සිරිසේනය කෝටි ගානක් උගෙ ඉතිරි කිරීමේ ගිනුමට දාගෙනලු....

මම ඉස්සරහ ශොප් එකටත් නිවුස් එක කියල එන්නම් කියාගෙන ඔහු කඩි මුඩියේ දිව ගියේ අතේ තිබුනු ජනෙල් පිරිසිදු කරන දියර බෝතලයද අමතක කරමිනි...

ස්ටැන්ලියා දෙසන පුවත් මූට කොහෙන් පහත්වනවා ද කියා බලන්නට සිතා ස්ටැන්ලියා කලින්ම කියූ ලැම්බොගිනි හමු ඌ ප්‍රදේශය ගැන ගූ ගලේ සෙව්ව්වෙමි...
හුටා...
මේ ලැම්බොගිනි කාර් ඇත්තටම ගෙන්නන තැනක ගැන නේ මූ කියලා තියෙන්නේ...මෙතන ලැම්බො ගිනි නැත්තම් කොහේ තියෙන්න ද...
ස්ටැන්ලියගෙ අම්ම මතක් උනේ මේ වෙලාවේය...

දෙවනි වතාවේ දුවගෙන ඇවිත් සිරිසේනගේ ගිනුම ගැන කිවූ කතාවත් ගූ ගලේ සෙව්ව්වෙමි....
අය වැයෙන් අර වෙන් කරපු ලක්ශ 290 ගැන නේ මේ හුටං බොරුවක් කෙලලා තියෙන්නේ....
ස්ටැන්ලියාගේ අම්ම මතක් උනේ මට එවලේය...

මුන් ඇහෙන ඇහෙන දේ හෙවිල්ලක් බැලිලක් නැතුව රට වටේ ගිරව් වගේ ගිනි තියන තාක් කල් අපේ රට නම් හදන්න වෙන්නේ නෑ...
ස්ටැන්ලි ලා ඉහේ කෙස් ගානට ඉන්න මේ රටේ ඉතින් බොරු ප්‍රචාර මඩ ප්‍රචාර වලට තටු එන එක අහන්නත් දෙයක් ද කියල මම තනියම හිතද්දි ස්ටැන්ලියා ආයෙත් ශොප් එක දිහාට තවත් නිව්ස් එකක් කියාගෙන එනවා පෙනුනා......

හම්මේ ඉතින්.....
අලුත් නිව්ස් එකක්.....

සටහන
-වාසනාවන්ත-


No comments:

Post a Comment