Thursday, January 29, 2015

වෙරි පහ

විඩාබර සතියකින් පසු මිතුරන් සමග සති අන්තයේ වරිග සබාව රැස් විය.කතා බහ දිගින් දිගට ඇදී යන අතරතුර වර්ණපාල අලුත් මාතෘකාවක් ඇරබීය.
මචන් උබල දන්නවද වෙරි පහ කියන්නේ මොනවද කියලා....
වෙරි පහ....???අහවල් අලබෝලයක් ද බං ඒ...



ඔය ගුරුකම් තොවිල් වලට ගන්නේ බන්...ලද පස් මල්...පස් ලෝ...ඔය වගේ එකක් තමයි බන් වෙරි පහ කියන්නේ....ඉස්සර ඉදලා පාවිච්චි කලාලු.දැන් සින්හල බෙහෙත් බඩු කඩ වල ගන්න තියනවා.
වර්ණපාල කල සම්පූර්න විස්තර අසා උන් අනුරයා සුපුරුදු ලෙසම කුප්ප ප්‍රශ්න ඇසීම ඇරබීය...
මොනාද බං සිරාවට ඕකේ තියන වෙරි පහ...
අරක්කු,රා,අබිං, ගන්ජයි තව එකක් තියනවා මතක නෑ...

දැන් එතකොට යක්කුන්ගෙන් වැඩක් ගන්නත් හීනියට ශොට් එකක් දෙන්න ඕනේ ඒ කියන්නේ නේ බං....

යක්කු මිනිස්සු කියලා නෑ ඔක්කොම බෝතලේට යටයි නේ බන්...

මේ ඒක නෙමෙයි බන්....තව පරම්පරා පහක් විතර යනකොට මේ දේවල් මොඩ් වෙනවනේ බන්...වෙරි පහත් මොඩ් වෙයි නේ බන්...

ඒ කිවුවේ...

මොන යකාට ද බන් හැමදාම එකම ජාති ගහන්න පුලුවන් බන්....තව කල් යද්දි ඕක මොඩ් වෙයි බ්න්...
එතකොට බන් වෙරි පහ නිකන් මෙහෙම වෙයි...

කුඩු
ටැබ්ලට්
පැනි
ටොපි
එතනෝල්

වරිග සබාවම ඌ දිහා කට බලියන් බලන් උන්නේ රට මේ යන තාලෙට එහෙම නොවි තියෙන්නත් බැරිකමක් නැතෙයි කියල හිතුනු හින්දා...

ටිකක් අපි දිහා බලන් උන්නු ඌ...

"ආ නැද්ද හා කියපල්ලා...." කියමින් හිනා උනා...

අනුරය කියපු තාලෙටම මන් උබලගෙනුත් අහන්නම්....

ආ නැද්ද හා කියපල්ලා...

තම තමුන් උත්තර හිතා ගනිල්ලා....

සටහන
වාසනාවන්ත


No comments:

Post a Comment