වොට්සන් මගේ මිත්‍රයා....
සුබ උදෑසනක්.
මම බේකර් වීදියේ අපේ සුපුරුදු නාවාතැනෙන් උදෑසනම පිට වූයේ හදිසි ලිපි කිහිපයක් තැපැල් කිරීමට තිබුණු නිසාවෙනි.නැවත මම නිවහනට පැමිණෙන විට හෝම්ස් සුපුරුදු ලෙසම හාන්සි පුටුවේ හිද පුවත් පත් වල උදය මුද්‍රණය කියවමින් සිටිනු මම දුටුවෙමි...
හෝම්ස් මම බේකර් විදියෙන් පිට වෙනකොට ඔබ නිදාගෙනයි හිටියේ.සෑහෙන කාලයකට පස්සෙයි මම දුටුවේ ඔබ එහෙම විවේකයක් ගන්නවා.ඒ නිසයි මම ඔබට බාධා නොකර පිටත් උනේ.
මගේ ආදරණිය මිත්‍රයා වොට්සන්.....
ඔබ මගේ ශරීර සුවතාවය ගැන ඔතරම් සැලකිලිමත් වන්නේ ඇයි.... නමුත් කියන්න කණගාටු කාරනාව තමයි මම පෙර දින හිමිදිරියේ තමයි නින්ද ට වැටුනේ.එතෙක් මම රසවත් පර්යේෂණයක නියෙලෙමින් හිටියේ.....
කොහොම නමුත් වොට්සන් හඩ්සන් මහත්මිය හරිම රසවත් උදැසන ආහාරයක් සුදානම් කරලා තියනවා.මම හිතන්නේ ඔබත් මෙයින් ටිකක් උනුවෙන්ම ආහාරයට ගැනීම හොදයි කියලා...
වොට්සන්...
ඔබට පයින්ම ඇවිත් හරිම මහන්සි පාටයි.....
ඒ වගේම මිත්‍රයා ලන්ඩන් උද්‍යානය අසල පටු මාවත අසල තියන ලියුම් පෙට්ටිය ගාවට ගිහින් එනවා කියන එක උදෑසනකට හොද ව්‍යායාමයක්...
Sunday, September 21, 2014
Wednesday, September 17, 2014
සමනල දඩයක්කාරයා....
මම....
අහන්කාර සමනල දඩයක්කාරයා....
කුරුමානම කාවදාවත් නොවැරදුන....
ඒ ලස්සන සමනලියට.....
අහන්කාර සමනල දඩයක්කාරයා....
කුරුමානම කාවදාවත් නොවැරදුන....
ඒ ලස්සන සමනලියට.....
Thursday, September 11, 2014
කලින් පිදු බඹසර...
කලින් පිදු බඹසර....
කුමරි බඹ සර
රැකිමි මෙතුවක්
පීදි ආලයේ
උනුසුම රකිනට
නුබටම පිදිමි
නමුදු
නුබ
ඇදෙයි වෙනෙතක
ඇසූ විට මන්දැයි....
ඇවැසි මට සරණයට
කන්‍යාවක්
Tuesday, September 09, 2014
නුබ පමනයි
නුබ පමනයි....
යන මාවත එකලු කරා -ජය ටැබ මැද මා හිදුවා...මා සතුටින් හිදිනා විට-ඔබ කදුලැලි පිස දැමුවා...
මව්නි පියනි ආසයි මම...
ඔබ තුරුලේ නැලවෙන්නට....
ඔබ දෙදෙනගේ උනුහුම මැද දිවි ගමනේ පැද යන්නට....
...පට්ට....
පට්ට යනු මෑත කාලීන සමාජයේ මුල් බැස ගත් වචනයකි...පට්ට යනු යෙදෙන තැන මත අගය වැදි කරන හෝ අඩු කරන ඉතා බල ගතු වචනයකි...
නිකම් නිකම් "වල්ල" පට්ට වීමෙන් ගැහැනිය සතුටු වන අතර....
ප්‍රවාහනයේ දී මාට්ටු උනොත් පොලිසිය සතුටු වේ...
මෙවැනි ඉතා වටිනා වචනයකි පට්ට....
ප්‍රවාහනයේ දී මාට්ටු උනොත් පොලිසිය සතුටු වේ...
මෙවැනි ඉතා වටිනා වචනයකි පට්ට....
Monday, September 08, 2014
පෙම් කෙලිය
නිමිත්ත,
පොඩි කොල්ලෙක් (18 අඩු ) මුන ගැසුනි කෙල්ල එනකම් ඉන්න.ඌ කියනව රූම් එකකට යන්නලු ඉන්නේ.ඊයෙ රෑත් හිනෙන් කොරන්න තියන වැඩ දැක්කලු.උගේ මගෙයි කතා බහ....
සිහිනෙන් දකිනවා ඈ ලගටම එනවා
මුහුන අත ගගා මොනවද පවසනවා
උනුසුම් හාදුවක් ඈ නලලට දෙනවා
දුන්න ගමන් රෑ සයනෙම බඩු යනවා
ඇස් දෙක ලොකු කරන් ඔහු මෙය පවසනවා
දෙනෙතේ දෙකෙලවර වල් කම බේරෙනවා
මුඛයේ දෙපැත්තෙත් ජයටම පැනි එනවා
ඔහු දුටු සිහිනයන් ගැන ඔහු පවසනවා
මෙවා අහන කොට නහුතෙට මට මල පැන්නා
''ඈ බොල බල්ලො " කියමින් මම හඩ දුන්නා
කතාව මදක් නවතා ඌ හැරුනා
ඇයි බන් අයියේ අවුලක් දැයි විමසන්නා
තොට ඒ කෙල්ල ඔනෑ ලව් කොරන්න ද
නැත්තම් රෑට තොගේ සිතල මකන්න ද
ආ බොල පරයො තෝ එකිට දමා ගෙන
ලව් කොරනවා ද...? උඩ දාගෙන **නවද...???
ආ බන් අයියෙ තව පොඩ්ඩෙන් මිස් වෙනවා
වෙන ගමනක් යන්නට මට සිදු වෙනවා
කියමින් ඌ හෙමිහිට ලිස්සන්නවා
අහපු ප්‍රශ්නේ සැර වැඩි වෙන්නැති මම හිතුවා
සටහන
වාසනාවන්ත කාලකන්නියෙක්
ආදරයට බරක්...
නිමිත්ත:
අසල නිවසේ පදින්චියට පැමිනි යුවල අද උදේ දුටුවෙමි.කොල්ලාට යන්තම් 22 පමන ඇත.ගැහැනු ලමයාට 17ක් බව මට මගේ මව පැවසුවාය.නමුත් ඈ ගැබ්බරය....
දෙදෙනා විවාහ වී නැති නමුත් දරැවෙක් ලැබෙන්නට හා එක නිවසක වාසයට පැමින් ඇත....
ආදරේ ලේසී නෑලූ....
බරක් නොදුන්නොත්....
ආදරයට....
වටීනාකම අඩුයිලූ.....
ඒත් ඒ බර...
දැනෙන්න ඔනේ....
කෙල්ලගේ බඩට ද...
දෙන්නගෙ හිතට ද...
සටහන
වාසනාවන්ත කාලකන්නියා
අම්මේ....
ලොකු ලොකු විභාග පාස් කරේ නෑ...
ඇත්ත...
ඒත් මට නුබේ දැනුම මහ මෙරක්
අදටත්...
මහ ලොකු පොහොසත් කමක් තිබුනේ නෑ...
ඇත්ත...
ඒත් මට නුබේ රුපියල මහ මෙරක්
අදටත්...
යන්න එන්න යාන වාහන තිබුනේ නෑ...
ඇත්ත...
ඒත් මට නුබේ කුඩේ හෙවන මහ මෙරක්
අදටත්...
කන්න රස මසවුලු තිබුනේ නෑ...
ඇත්ත...
ඒත් මට නුබේ බත් කට මහ මෙරක්
අදටත්...
අම්මේ
සටහන
වාසනවන්ත කාලකන්නියා
මේ ගැට ලිහලා පලයන්
ඇද රෙද්දෙ තැවරිච්.....
පුන්චි ඒ ලේ බින්දු.....
ගතු කිව්වා උබ මගේමයි මටමයි කියල....
රන තිසරු මත තියපු....
මගේ අත තද කරන් උබ කිව්වා....
දාලා යන්න එපා රත්තතරන්.....
නෑ මම ගියෙ නෑ.....
මට යන්න බෑ....
ඒ ලේ බැම්ම මාව බැන්දා.....
ගැට ගැහුවා නුබේ නිරුවත මැදින් මම දැක්ක....
ඒ නුබේ ආදරයට....
මම ඉතින් බැමි පිටින් ඉදියා උබ වෙනුවෙන්.....
ඒත් උබ අද මට ඇද රෙද්ද විතරයි.....
උබ වෙන යහනක.....
ඇවිත් මේ ගැට ලිහලා පලයන්...
මට මේ යහනෙන් බැහැලා යන්න....
සටහන
වාසනාවන්ත කාලකන්නියා
විවාහ සහතිකය....
අම්මා අප්පා හොයලා දුන්නා තමයි...
එත් උබ දැක්ක මොහොතේ....
පත්තු උනා හදවතේ කොනක....
ආදරේ වගේ දෙයක් ද...
මන්දා...
මට උබ මගේ කර ගන්න....
තීන්දු කරා කටයුත්ත....
කර ගත්තා කසාදේ ....
අත්සන් කරා සහතිකේ...
ගැට ගහුව ඇගිලි...
ඒත් හිතට මදි ...
හරි බයයි හෙට උදේ උබ මා හැර ගියොත්...
එකම පිලිවෙතයි...
යෝනි ගත කරා...
දහ මාසෙන් එලියට එන්න...
කසාද සහතිකේ...
හිතපු දේ උනා...
උබ තාම මන් ගාව....
ඒත් මම තාම උබ ගාවද...
ආපහු මකන්න බැරි කසාද සහතිකේ හින්දමයි
අම්මපා තාමත් මම උබ ගාව....
සටහන
වාසනාවන්ත කාලකන්නියා
නැවුම් සුවද....
මල් ඉහිරුනු...
පෙති විසිරුනු...
ඒ මන්ගල යහන උඩ...
උබේ ඒ හුස්ම...
ඇවිත් වදිනකොට....
මයේ පපු කැනැත්ත මැද්දට...
පලමු වතාවට....
නුබේ ඒ හීනි ඇගිලි තුඩු...
නටන කොට ඒ රෝම අස්සෙ...
ඇත්තමයි...
නොඉදුල් නැවුම් උබේ ආදරේ...
දැනුනා...දැනුනා.....
පුරුශ ශක්තියේ...
මුදුන් මුලේ නොදැනීම ....
කේශික මුල් එතිලා....
සාරය උබේ ඇතුලටම අරන් ගියා...
දවසින් දවස...
උබ ලන් උනත් මයෙ පපු කැනැත්තට....
අඩු උනා මිසක් ඒ උබේ හුස්මේ නැවුම් සුවද...
උනෙ නෑ වැඩියක්...
ඔව් උබ මේ රෑත් මයේ ලග...
උබේ හුස්ම පිලුනු වෙලා.....
ඒත් මුදුන් මුලේ කේශිකා දුවන්න.....
පටන් ගත්තා.....
ඒ.....
කන්තොරුවේ අලුත් මිසිගේ....
නැවුම් හුස්ම....
මතක් වෙලා....
සටහන
වාසනාවන්ත කාලකන්නියා
පස්සෙන් පහු ආලය.....
කෙලින් වෙලා උල් වෙලා තියන......
රණ තිසරුන් දැක්කම.....
නා දලු වගේ ලා රතු පාට.....
තොල් පෙති දැක්කම.....
ඇදන් ඉන්න සලු පට අතරින්.....
උබේ නාබිය දැක්කම...
ඇති වෙලා හැගීමක් උබ මගේ කරගන්න....
මම ම නම් කර ගත්තා ඒක.....
මගේ හිතේ උබට ඇති උන......
ආදරේ කියලා....
දැන් එහෙම නොවුනත්......
පස්සෙන් පහු හරි ඒක්......
ආදරයක් වෙවි....
මයේ හිතේ......
සටහන
වාසනාවන්ත කාලකන්නියා
දැන් නාවට කම් නැත....
උබට පියාබන්න ඕනේ උනා....
මාත්....
එක්ක ගියාට වඩා ගොඩාක් උඩට....
මම පුන්චි කුරුල්ලෙක්....
හින්දා....
උබ හොයා ගෙන...
ගියා නේ රාජාලියෙක්....
ඒ උනාට....
උබට නිකමට වත් හිතුනේ...
නැද්ද....
රාජාලියොත් එක්ක....
උබට හරි හරියට...
පියාබන්න බැරි විත්තිය....
දැන් මම මක් කරන්න ද....
අමාරුවෙන් හරි උන් එක්ක පියාබපන්.....
සටහන
වාසනාවන්ත කාලකන්නියා
වැරදි නැවතුම....
මහ වැස්සේ.....
බස් නැවතුමේ ඉද්දි...
තනියම....
මතක් උනා...
උබේ ඒ පොඩි කුඩේ....
උන්නු හැටි...
තෙමි තෙමි....
නොතෙමෙනවා කියලා හිතාන....
එවා හිතලා මක් කරන්නද....
දැන් උබ නැති කොට....
"කෙල්ලන් බස් වගේ "...
කියලා හිත හදා ගෙන ....
බෝඩ් එකත් නොබලම....
නැග්ග ආපු බස් රියට....
අතර මගදී දන්නෙ වැරදි....
බස් එක කියල....
බහින ගමන් මට හිතුනේ....
උබේ කුඩෙත් .....
වැරදිලා .....
නැවතුනු තැනක් වෙන්ට ඇති කියලා.....
සටහන
වාසනවන්ත කාලකන්නියා
මම ඔයගෙමයි
උබේ රතු තොල් පෙති.....
මගෙ තොල් මැද්දේ.....
රැදෙද් දී.....
එතෙත් දී.....
තුරුලු වෙදී....
උරා බොද්දී....
උබ හෙමින් මගේ කනට කෙදිරුවා
මම ඔයාගෙමයි....
ඔයා....
මැරෙනකම්...
ඒත් උබ ....
මම පන පිටින් ඉදිද්දිම....
වෙන එකෙක් ගෙ තුරුලේ....
කමක් නෑ......
උබ පලයන්.....
දැන් මගේ තොල් මැද....
රැදෙන්න....
එතෙන්න.....
උරා බොන්න.....
වෙන එකියෙක් ඉන්නවා....
එකිත් මගේ කනට කොදුරනවා....
ඔයා මරනකම්.....
මම ඔයගෙමයි....
ඔව්....
එකි උබට වඩා සධාරනයි....
සටහන
වාසනාවන්ත කාලකන්නියා
මග ඇරුනු හරිය
උබ....
මාව...
දාල ගිය....
ටික දොහට මම වෙනස් වෙලා....
උබට ඊයෙ ද....
ආරන්චි උනෙ....???
සිගරැට්ටුව නැතුව...
බැරිලු...
බොතලයත් නැතුවම...
බැරිලු....
උබ....
ඊයේ මහ රාත්‍රියේ...
මට කත කොරේ....
සිගරට් දුමෙන්.....
මගේ...
අනාගතේ වහ ගන්ට.....
එපා කියන්න ද....
බැල්ලියේ..
උබ....
මගේ ගිනි තියපු හීන වල දුමෙන්....
මගේ අනාගතේම වැහිලා.....
ඉවරයි....
ඒ දුමට....
මග ඇරුනු හරිය....
මම....
මේ දුමෙන් වහ ගන්නම්....
සටහන
වාසනාවන්ත කාලකන්නියා
උනුහුමට මාව මැකිලා ඇති
හෙමින් වැටෙන.....
වැහි බින්දු......
නොසෑහෙන්න.....
සීතල වැඩි කරලා......
නින්ද නොනින්ද.....
අතරේ උන්නු මම.......
හදිස්සියේ.....
ඇහි පිය ඇරියේ.....
උබේ සුපුරුදු.....
කෙටි පනිවිඩය......
බලාපොරොතුවෙන්.....
ඒත්.......
අද ......
උබ කොහොම එවන්නද......
අද......
උබේ මන්ගල රාත්‍රිය නේ.....
මේ සිතල රාත්‍රියේ.....
ඒ......
උබව යට කරන්.....
උබ උඩ නැගලා තියන .......
සද්දන්ත....
උනුහුමට......
මාව මැකිලා ඇති........
මගේ මතකයත් මැකිලා ඇති........
සටහන
වාසනාවන්ත කාලකන්නියා
කාලකන්නි වාසනාව....
අවැසි උනත් පලදන්නට...
මිනි කිරුලක් ඔබේ හිසට...
නොහැකි උනේ මගේ පවට...
ඒ හින්දයි....
උබ හැරගියෙ...
කාලකන්නියා තනියම.....
දුර ගිය දා මා තනිකොට....
වැලපුන හැටි මා ඉකි බිද....
නොදැනුනාද ඔබට සොදුර...
ඒ හින්දයි ....
මම හිතුවේ....
කාලකනියෙක් මම ඇත්තම...
මා අතහැර නුබ ඒ ගිය....
රාජ කුමරු නුබේ දෙනෙතට....
කදුලු දෙද්දී දෝරේ යන්ට....
මම දන්නවා...
නුබට දැනුනා...
කාලකන්නියගෙ ආලය....
නොලැබුනාට නුබව සොදුර....
හැර ගියාට මා තනිකර....
හිතුවට මම එදා එහෙම....
අද දැනෙනවා....
කාලකන්නිකමේ කොනක....
රැදිලා තිබුනු වාසනාව....
සටහන
වාසනාවන්ත කාලකන්නියා
පිලිතුරු ඔබම ගොනු කරන්න....
ආදරය සුන්දර වන්නේ හුදෙක් දරිද්‍රතාවයෙන් මිරිකී සමජයෙන් ගැරහුම් ලබන විට පමනක් ම ද...
ඇසෙන ඇසෙන ගී පද වැල් පෙනෙන පෙනෙන චිත්‍රපට පුන පුනා කියන්නේ සුන්දර ප්‍රේමයක් වූ කලී එය දරිද්‍රතාවයෙන් පිරි ගිය මව් දෙමාපියන් ගේ ආශිර්වාදයෙන් තොරවූ දෙදෙනකු විසින් මුලු මහත් සමාජයකට එරෙහිව ගෙනයනු ලබන හුදකල සටනක් බවයි...
ෆැන්ටසි ගත ප්‍රේමය ඒසේ වූ කල ඇති වූ අනෙක් ගැටලුව නම් මුල්‍යමය වශයෙන් කිසිදු අඩු ලුහුඩු කමක් නොමැති ප්‍රේමවන්තයන් වන්තියන් බුක්ති විදින ප්‍රේමයේ රසයේ යම් කිසි අඩු පාඩුවක් ඇත්දැයි යන්නයි...
පැනය එපමනයි...
පිලිතුරු ඔබම ගොනු කරන්න.....
සටහන
වාසනවන්ත කාලකන්නියා
අර අයිස් කන්ද තිබුනෙත් මෙතනමයි
"ඔයාට මම ආදරෙයි...."
හරි පරිස්සමට තියගෙන උන්නු මගේ සන්තකේට තිබ්බ ආදරේ මම උබට දුන්නේ ඒ වචන තුනේ දවටලා....
ගිනි ගහන මද්දහනක නුබේ ඉස්සරහ ඒ හැගීම උබට කියද්දි මට දැනුන්නේ අයිස් කන්දක් මැද ඉන්නවා තරමේ හීතලක්...
හතර වටේ තිබුනු ඒ කලබලය දැනුනෙ වත් නැති තරම්...
කාලය යනවා අඩු වෙලාද....????
නුබෙන් උත්තරයක් ලැබෙන්න කල්ප කාලයක් යනවා වගේ දැනුනා...
නුබෙන් උත්තරයක්....ඔව් ලැබුනා.හරිම ලස්සන හිනාවක්.වචන කෙල කෝටි ගානක උත්තරයක් ඒ හිනාව අස්සේ තිබුනා වගේ මට දැනුනේ....
රස වෙනස....
ප.ව 4.45 (ළමා වැඩසටහන)
මම : ආයුබෝවන් ....... එෆ්.එම්
ලමයා: ආයුබෝවන්...මම තිලිනි :)
මම : තිලිනි දූ ඔය කොහේ ඉදල ද මේ එකතු වෙන්නෙ.... කීය වසරෙද ඉගන ගන්නේ....
ලමයා:මම ජා ඇල ඉන්නෙ...
6 වසරේ ඉගන ගන්නෙ මම අහන්න ආසයි මගේ අම්මා පොලට ගිහිල්ලා කියන සින්දුව ඒ වගේම.අද ප්‍රශ්නයට උත්තර තමයි උරගයා
ප.ව 5.10 (Evening Request)
මම : ආයුබෝවන් ....... එෆ්.එම්
අනිත් පැතෙන්: අයියේ මම තිලිනි.කලින් කතා කරේ. :D
මම : ඔව් දුවේ කියන්න...
අනිත් පැතෙන් : අයියේ මට නිදුකින් ඉනු මැන දෙන්න පුලුවන් ද...
එකතු කර ගන්නවා මමා ගොඩක් ආදරේ කරන ...... අයියාව
මම : ඈ...???
සටහන
වාසනාවන්ත කාලකන්නියා
දෙවියනී ඔබ කොහේද....
කපුවා: දෙවියනී ඔබ කොහේද....
දෙයියා: මම ට්‍රිප් එකක් ගියා...මේ ටිකේ වැඩ කරලාම එපා වෙලා.උබ ඕකගෙන් පඩුරු ඉල්ලා තියා ගනින් මම ඇවිල්ල කරලා දාන්නම්..
වැඩේ මොකක් ද කියලා අහ ගනින්...
කපුවා: එහ ගෙදර උන් දියුනු වෙනවට කොඩි විනයක් දෙයිහාමුදුරුවනේ...
දෙයියා: ඔය මුසල වැඩ කරලම එපා වෙලා...හනුමට මිස් කෝල් එකක් ගහලා බලපන්.කතා කරාම කියපන් මම කිවුවා කියල ඔය වැඩේ ඌට......ඌ ඒවී.....
5000/= වත් පඩුරු ගනින්.
අඩු ගනන් අරන් පෝන් බිලවත් ගෙවන්න මදි...
සටහන
වාසනාවන්ත කාලකන්නියා
මාත් දැක්කෙ නෑ සෑහෙන කාලෙකින්
"පරිස්සමින් ඉන්න බුදු සරනයි..."
ඒ උබේ දුරකත සන්වාදයේ අන්තිම වචනේ..
කම්පියුටරය දිහා ඇස් දෙක අලවගෙන බලාගෙන උන්නත් සැහෙන වෙලාවක් තිස්සෙ මම උබේ කතාව අහන් උන්නෙ මචන්...
සමාවෙයන්...
මම අහන්නෙ නැතුව ඉන්න උත්සාහ කරා..ඒත් කරන්න බැරි උනා.මොකද උබේ ඒ වචන මාව අරන් ඇදගෙන ගියා මහ දුර ඈතකට....
අවුරුදු ගානක් දුරට...
කාලයක් තිස්සේ මම හැඩ කපලා අලවපු මගේ ඒ හීනෙ ගාවට ගෙනිහින් අත ඇරියා.
හැමදාකම උදේට ඔෆිස් එකට ගිය ගමන් උබ මට කතා කරනවා....
"අයියේ පරිස්සමින් ආවද..???"
හරිම ආදරෙන් කියන උබේ ඒ වචන ටික ඇහෙනකොට....හිතට දැනුනු හැගීම කියන්න....
අනේ මන් දන්නේ නෑ.මට ඒක කියා ගන්න තෙරුනේ නෑ.ඒත් මට හිතුනේ උදේකට මේ ලොකේ කිසිම කෙනෙක් ට ඒ තරම් ආදරනීය වචන ටිකක් නොලැබෙනවා ඇති කියලා....
මේක සින්හ දේශය
මේක සින්හ දේශය බොලව්...
මේක සින්හයන් ගේ දේශය....
මී හරකෙක් අධ්‍යපන ඇමතිකම කරන.....
අමු නාකි කුඩ්ඩෙක් අගමැතිකම් කරන....
උඩු රැවුල් කැනහිලෙක් ජනපති කම් කරන...
විලි ලැජ්ජ නැතුව උන්වම ආයේ අයේ...
පාර්ලිමෙන්තු අරින්න කතිර ගහන....
සින්හ පරපුරක් ඉන්න.....
උන්ටම බැන බැන...
රෙදි නැතුව උන්ටම කඩේ යන.....
සින්හයො ඉන්න.....
මේක සින්හ දේශය බොලව්...
මේක සින්හයන් ගේ දේශය බොලව්....
සටහන
වාසනාවන්ත කාලකන්නියා
දැඩි සත්කාර ආදරය 02 කොටස
බීප්....බීප්.....බීප්............
කිසිම හඩක් නැතිකමින් තිබුනු පාලුව මැකුනේ අයි.සී.යූ එකේ තිබුනු ඒ මැශින් වල හඩින්....
උදේ ඉදන් හිත කොහෙදෝ ඈත් ඉසව්වක පාවෙලා ගිහින් තිබුනේ..මාත් හරියටම නොදන්න ඉසව්වක මම තනි උනා.....
ඒ තනිකම මකන්න අතීතයෙන් එකින් එක මතකයන් මෝදු උනේ මගේ කිසිම ආරධනයක් නැතුව...
-----------------------------------------------------------
තව දවස් දෙක තුනයි...
මේ පුටු මේස වලට වෙලා අපි වන පොත් කරපු දැනුමින් මේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්න මිනිස්සුන්ට බෙහෙත් කරන්න වෙයි.....
ජිවිත දහස් ගානක් අපේ අත් වල තියේවි...
මේ ජීවක ඇදුරු තුමෝ.....
තව දවස් දෙක තුනකින් උබට ලන්කාවෙ කොයි දිල්ලියක යන්න වෙයිද දන්නේ නෑ...
හීන බල බල නොයිද නිලුපුලී ගෙන් වචනයක් ගනින්....
කිසිම හඩක් නැතිකමින් තිබුනු පාලුව මැකුනේ අයි.සී.යූ එකේ තිබුනු ඒ මැශින් වල හඩින්....
උදේ ඉදන් හිත කොහෙදෝ ඈත් ඉසව්වක පාවෙලා ගිහින් තිබුනේ..මාත් හරියටම නොදන්න ඉසව්වක මම තනි උනා.....
ඒ තනිකම මකන්න අතීතයෙන් එකින් එක මතකයන් මෝදු උනේ මගේ කිසිම ආරධනයක් නැතුව...
-----------------------------------------------------------
තව දවස් දෙක තුනයි...
මේ පුටු මේස වලට වෙලා අපි වන පොත් කරපු දැනුමින් මේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්න මිනිස්සුන්ට බෙහෙත් කරන්න වෙයි.....
ජිවිත දහස් ගානක් අපේ අත් වල තියේවි...
මේ ජීවක ඇදුරු තුමෝ.....
තව දවස් දෙක තුනකින් උබට ලන්කාවෙ කොයි දිල්ලියක යන්න වෙයිද දන්නේ නෑ...
හීන බල බල නොයිද නිලුපුලී ගෙන් වචනයක් ගනින්....
දැඩි සත්කාර ආදරය 01 කොටස
බදාදා දවසක්...
වෙලාව හවස 3.35...
හතර වටින්ම මට ඇහුනේ වේදනාවෙන් කෙදිරි ගාන සද්ද විතරයි...
මුලු දවස පුරාම මිනිස්සුන් ගේ මේ කෙදිරි ගෑම් අහලා මම හොදටම හෙම්බත් වෙලා උන්නේ...
අස්තිර මිනිස් ජීවිත.මේක නිකන් හරියට අවීචි මහ නරකය වගේ තැනක්.මම මගේ සගයා ජයන්තටත් හැමදාම කියන්නෙ මේක අවීචි මහ නරකය වගේ කියලා........මම මේසෙට පෑනෙන් තට්ටු කර කර තනියම කල්පනා කරා...
ඩොක්ටර්...
38 වෙනි ඇදේ ඉන්න පේශන්ට ටිකක් අමාරුයි...
මට ඒ හොදටෝම ඇති මයේ රත්තරන් පුතේ
මහා ගොෂාව ටිකෙන් ටික අඩු වෙලා....
කොලබ අහසට කලුවර එකතු වෙන්න පටන් අරන්....
වැහි බීරම් ගතිය තිබුනත් මම හිතුවෙ නෑ මේ අවේලාවෙ මහ වැස්සක් ඒවි කියලා...
වැහි බින්දු එක දෙක් වැටෙද්දි මම සන්තකේට තිබුනු එකම පැදුරු කඩමාල්ලත් අරන් රාත්‍රිය ගත කරන බස් නැවතුමට ආවේ නොතෙමී ඉන්න තිබුනු එකම හව් හරන ඒක විතරක්ම වෙච්චි නිසා....
හීත වැහි බින්දු මගේ රැලි වැටුනු අත උඩට වැටිලා හෙමින් පහලට රූටලා වැටෙද්දි මට මතක් උනේ මයේ පුතේ වැහි දාට උබ කඩදාසි බෝට්ටු හදලා ඉල්ලලා මට කරදර කරපු හැටි....
--------------------------------------------------------------------------------
ගමේ අපේ මහ ගෙදර එලි පත්ත උඩ වාඩි වෙලා ....
"අප්පච්චී අප්පච්චී මට එක කඩදාසි බෝට්ටුවක් හදලා දෙන්න...
මේ බලන්න අප්පච්චී වතුර ගොඩක් වෙල පැත්තට ගලනවා...
සරාගී ආදරය....
සරාගී දෙ නයනයන් දැක...
ඇරබී....
දෙපයුරු...
මතින් නැවතී...
අතර මැද හිඩසෙහි...
හිත සිරවී...
ඇරබෙන පිවිතුරු ආදරයන්....
පැහැ ගැන්වූ...
පෑගිලි දෙසින්....
ඇරබී...
වටොර මතින් දිව....
නාබීයට මදක් යටින්....
සිර වෙන....
අවන්ක ආදරයන්...
සෑහෙන ගානක්...
දහ මාසෙකට...
බඩ පුරවලා....
නිමා වෙනවා...
සටහන
වාසනාවන්ත කාලකන්නියා
හුම්මානේ.....
කවදවත් ලන් වෙන්න බැරි....
ඒත් ඈත් වෙන්නෙත් නැති...
මේ පර්වත දෙක.....
හරියට උබයි මමයි වගේමයි....
මහ සද්දෙන් දෝන්කාර දෙන.....
ඒ නොපෙනෙන ජල කද....
උබෙයි මගෙයි...
මතකය වගේමයි...
කොහේදෝ නොපෙනෙන් පතුලක ඉදන්.....
අහස උසට හිටි ගමන් නගින...
මේ හිතේ හතර වටේම තෙමලා දාන....
උබේ මතකය වගේමයි....
හරියට හුම්මානේ වගේමයි.....
සටහන
වාසනාවන්ත කාලකන්නියා
අම්මෙ යන්න කලින් වැදලා යන්නම්.....
අම්මෙ...
මම ආසයි...
අම්මගේ උකුලේ නිදා ගෙන...
තන පුඩුව කටේ රුවා ගෙන....
උරා බොන්න උබේ ආදරේ කිරි රහට....
ආසයි අම්මේ.....
නුබේ සුලැගිල්ලෙ එල්ලිලා යන්න...
මේ දහ මාසේ ගෙවලා...
එන්න උබ ගාවට.....
මම ආසයි අම්මෙ....
ඒත් ඇයි....
මේ කතුරු...
පිහි තල....
අම්මේ....
මේ මාමා මාව අම්මගේ ලගින්...
බලෙන් ගන්න හදනවා....
අම්මෙ...
අම්මේ...
ඇයි අම්මෙ උත්තර නොදෙන්නෙ....
ඇයි අම්මෙ මාව බේර නොගන්නෙ.....
.
.
.
අම්මෙ....
යන්න කලින් වැදලා යන්නම්.....
"දස මාසේ උරේ කත්වා...
ආයු දීගන්............."
සටහන
වාසනාවන්ත කාලකන්නියා
හොද හොද සෙල්ලන් එලි වෙන ජාමෙට.....
මල් පෙති විසිරි සුවදින් පිරි........................වස්සානේ
පොරුව මස්තකේ මා ඔහු අත.......................ගන්නේමේ තෙක් අප දෙදෙන පැමිනිය ඒ.................ගමනේ
අවසන් සොදුරු කඩ ඉම මේ පසු...................වන්නෙ
පෙනුමින් සුන්දරයි කටහඩ...........................ගම්බීරයි
අත පය හැඩි දැඩී සිනහව නැති......................ගානයි
ඔහු පෙන්වමින් යෙහෙලියො මට මෙහෙම.......කියයි
හෙට නම් උබට නැගිටින්නට නොවෙන..........හැඩයි
මේ වැහි කාලේ නුබ නම් නොම..............බේරෙන්නා
හනුම දර පලන ලෙස උබ අද මස්.................වෙන්නා
පෙනෙන් නැද්ද මනමාලයා............................ඇම්ඩා
තව තව දිගට උන් මේ ලෙස.......................පවසන්නා
නොකියා සිටිය මුත් මට එලෙසම...................දැනුනා
මගේ පෙම්වතා ඇම්ඩෙක් බව මම...................දන්නා
පෙර හාද වූ සමයේ දි අප..............................දෙන්නා
හැම මහ රෑම ජන්ගමයෙන් වද........................දුන්නා
මගේ සුදු පැටියො අපි දවසක එක.......................ඇදක
එක පොරවනය පිරිමහගෙන නිදි....................කලෙක
කොතරම් සුන්දරද වැස්සක් වහින..........................එක
ඒ හීතලට රත් වන්නට යසට................................හැක
මේ වැනි කතාවන් මගේ මතකෙට ......................එන්නා
අද මන්ගල රැයේ මා හප වෙනු මට.....................දැනුනා
මොකකින් මොකක් වේවිද හිත...................වෙව්ලන්නා
වැස්සොත් හොදයි යටි හිත මගේ මොර.............දෙන්නා
සටහන
වාසනාවන්ත කාලකන්නියා
මහින්දලා රට කති වේදිකා නාටකයෙන්
රගර් ගහලා ලක්ශ ගනන් කාලා දැම්මෙ මං...
ඇස්ට්‍රන් මාටින් ඩී බී නයින් පැද්දෙ මං...
කොලබ පාර රෑට වහලා රේස් ගියේ මං....
එහෙම උනත් මගෙ අප්ප නේ යුද්දෙ දින්නෙ බං...
කෙහෙල් කොලේ හැඩේ ගන්න හෝල්ට් හැදුවෙ මං....
පාවෙන මාර්කට් හදන්න බර ඇද්දේ මං....
සිගිරියට අද වෙනකම් ගිහින් නැනේ මං....
කොහොම උනත් මගේ රජා නේ යුද්දෙ දින්නෙ බං...
නව වසරට බාලයන්ට වැද වැටුනෙ මං......
කට ඇද මුත් බොරු කියන්න හරි රුසියා මං.....
කුඩු ගෙනල්ලා ලේකම් වයි අල්ලනෙ මං......
මොනවා උනත් මගෙ ලොක්කානේ යුද්දෙ දින්න බං.....
පනින් නැතුව ඉදිමි කියලා පැන්න එකා මං......
හම්බන්තොට මහ තඩි කලු ගල් කටින් කැඩුවෙ මං.....
සින්දු කියලා බෙල්ල හපලා කප් ගැහුවෙ මං....
මොනව කරත් අපෙ ලොක්කනේ යුද්දෙ දින්නෙ බං.....
මුලු කැලණිය රජ කරනා කොටම එකා මං.....
ඕනේ එකෙක් ගස් බදිනවා ලොකු නෑ මට නම්.....
මගෙ කොල්ලත් මං වගෙමයි වලිම තමා බං.....
මොනවා උනත් අපෙ රජා නේ යුද්දෙ දින්නෙ බං.....
සටහන
වාසනාවන්ත කාලකන්නියා
ටවුන් එකෙ හිර උන ගැමි හිත
ගස් වැල් අතර වෙල් එලි වල දුව.............පැනපු
පොල් පිති හරක් ඉපනැලි වල හිද............තනපු
වැව් දිය කර වටක් ගිල දිය බුන්................ගසපු
ඒ වන ලන්ද කෝ පෙර මා සුව..................විදපු
පාසල් ගොසින් එන්නෙ හති..............දමාගෙන
කොල්ලන් කුරුට්ටන් රෑනෙ වැටි.............ගෙන
මාදන් හිබුටු එක ගොන්නෙ කඩා............ගෙන
කාලය සුන්දරයි පෙර අප....................සිනාසුන
හොදටම ගෙවුනු කොට පැන්සල් හා......මකන
තැන තැන ඉරුනු සරමත් හැම දා.............අදින
ගමේ ගුරු ගෙදර මට ශිල්පය................දුන්න
සුන්දර මතකයෙකි සිත පතුලේ...............ඇදුන
ගමේ සුවද හැර නගරෙට එන්න...............උනා
දීගය නිසා මම නගරෙට සින්න................උනා
රැකියාවත් නගරෙ කොනකින් ............ලැබුනා
ගම්මානේ අනේ මගෙන් දුරස්.................උනා
යන්නට හිතයි ගම්මානෙට යලිත්..................වරක්
නෑමට හිතයි වැව් ජලයේ ගිලී.....................කරක්
දුටු විට ගොඩ ගැසුනු වැඩ පල නොවී..........නිමක්
යන්නෙ කවදා කවදා දෝ අයේ...................දිනක්
සටහන
වාසනාවන්ත කාලකන්නියා
නටබුන් ආලය....
උබයි මමයි.....
එකතු වෙන්න.....
හිතන්.....
ගොඩ නගපු ඒ මාලිගාව......
අකාලයේ කැඩිල ගියේ.........
මගේ වැරැද්ද නිසා කියපු.......
උබ.....
අලුත් මාලිගාවක්.....
අලුත් තැනක.....
අලුත් කුමාරයෙක්......
එක්ක හරි අපූරුවට හැදුවා.....
මමත් අලුත් කුමාරියෙක් එක්ක............
අලුත් මාලිගාවක්......
හදන්න හදන හැම වාරෙකම......
අපේ පරන මාලිගේ නරබුන් මතු වෙනවා....
ඒ නටබුන් මැද.......
අදටත් මම තනියෙන්.......
සටහන
වාසනාවන්ත කාලකන්නියා
මී පුප් ලදිම් ලදිම් දරු නොලදිම්
සුරතල් බිලිදු කිරිකැටියන් දකින................................විට
උනු කදුලැල් උනනවා නොදැනිම නෙතු ..................අගට
නොදනී පවද හිමියනි පූරුවේ කල .....................කරුමයට
අහිමිද හිමියනී ලොවිතුරු මව් පදවි .............................මට
දෙන්නට දෙතන කිරි එරවා මා ..................පුතුට
ආසයි හිමියනි ඔහු නිදි කර................. නලවන්ට
කිරි මුතු කව්ඩි එක නූලක ....................පලදන්ට
කවදා ද දෙන්නෙ සුරතල් බිලිදෙකු ...........මෙමට
සිරිමා මහා බෝ හිමියනි මම ............බාර උනා
දළදා මහා හිමියනී කිරි පිඩු .............දන් දුන්නා
සිරි පතුලේ මස්තයේ සිරස ....................ඇනා
සුරතල් පුතෙක් ඉල්ලා මම ............වැද වැටුනා
මව් වරු දරුවෝ මග හැර යති දුක ...............නැද්දා
හිමියනි කිමද දරු දුක උන් ....................නොදනීදා
මට දරු නොදි උන් ටම දෙන ................දෙවියන්දා
වැහි නැති අකුනු හෙන වැදියන් මම .............යැද්දා
සටහන
වාසනාවන්ත කාලකන්නියා
...කොහොම උනත් ඉස්සරහට හයියෙන් වහිවී.....
හෙමින් හෙමින් පොද වැටෙන....මහ අන්දකාර වලාකුලු පාවෙන හැන්දෑවක්...
බොඩිමේ ජනෙල් කුරූ වලට වාරු වෙලා මම ඈත පේන ගස් දිහා බලාගෙන අතීතයට ගියා...
ඉස්සරත් මේ වගේ ම හැන්දෑවල් ආවා...දවස පුරාම ජුකී මැශින් එකත් එක්ක ඔට්ටු වෙලා මම ගාමන්ට් එකෙන් එලියට බහින්නේ උබේ හිනාවෙලා තියන මූන දකින්න බලන්න...
"පොටෝකාරයා"
මේ පුටුවෙ වාඩි වෙලා වැඩ පටන් ගන්න හැම දාකම මට මතක් වෙන ලස්සන මතකයක් තියනවා...ඒ ආයේ කවම දාක වත් වෙන්නෙ නැති අතීතයේ දවස් වල ලස්සන මතකයක්....
------------------------------------------
you have new text message.....
මොබයිල් එක හඩ තලනවා නැකතටම....
"අයියේ...
මොකද කරන්නේ..."
"මම මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්නේ...."
":'(
සොරි කරදර කරාට"
මම ඊයෙ ඔයා බැදලා ඉන්න ගොඩේ කෙල්ල දැක්කා
"තෙරුම් ගන්න තරු.....
මම ඔය ඔහොම අදිනවට කැමති නෑ.
අනිත් එක හිතන්න....
මේ සෙනග ගොඩ මැද්දේ ඔයා බොන්නේ ඇයි.....මම කැමති නෑ ඔය සන්කර ගති වලට..."
"ඔය මහ ගොඩයෙක් කනිශ්ක...
අනිත් එක ඔයාත් ඩ්‍රින්ක්ස් ගන්න...
මේක මහ දෙයක් නෙමෙයි..
කනිශ්ක මේ ඔයගේ ගම නෙමෙයි...
මේ අනුරාධපුරය නෙමෙයි..
මේ කොලබ...මේක තමයි අලුත් ෆැශන් එක.පොඩ්ඩක් තෙරුම් ගන්න.බොරුවට කෑ ගහන්න එපා...."
අන්තිමට ඔයාම ආවා මාව අරන් යන්න
"අශේන්ද්‍ර ඉක්මනට ගෙදර ඇවිත් මේක විසදලා යන්න...මට තවත් අපේ අම්මා තාත්තා අහන දේවල් වලට උත්තර දෙන්න බෑ...ඔයා නාවොත් මොනවා වෙයිද දන්නේ නෑ....
මේ සතියේ කොහොමහරි එන්න.............."
ඔයා අන්තිමටම එවලා තිබුනු ලියමනේ අකුරු මට මැවි මැවී පෙනවා.....
හතර වටේ තිබුනු ඔක්කොම සද්ද අතරින් මට උබේ කට හඩත් යන්තිමින් ඇහෙනවා වගේ දැනුනා...
"අශේන්ද්‍ර....."
හෙමින් මගේ නම කොදුරන සද්දෙටයි මම හීන ලෝකෙන් මෙහාට වැටුනේ...
සමාවෙන්න අම්මේ
හරිම ඇන්ටික් ෆ්‍රේම් එකක් දාලා තියෙන්නේ...මේ බලන්න...
මගේ බිරිද ඇගේ යෙහෙලියන් වට කරගෙන මේ පෙන්නන්නේ මගේ අම්මගෙ පින්තුර..
ගෑනියේ මමී නෙමෙයි කට ඇරල කියපිය මේ මගෙ මහත්තයගේ අම්මයි කියලා...
මට හයියෙන් මොර ගහන්න ඔනේ උනා..ඒත් එදා වගෙම අදත් කවුදෝ මගේ කට තද කරන් ඉන්නවා වගේ මට දැනුනා....
Subscribe to:
Posts (Atom)