Monday, September 08, 2014

...කොහොම උනත් ඉස්සරහට හයියෙන් වහිවී.....


හෙමින් හෙමින් පොද වැටෙන....මහ අන්දකාර වලාකුලු පාවෙන හැන්දෑවක්...
බොඩිමේ ජනෙල් කුරූ වලට වාරු වෙලා මම ඈත පේන ගස් දිහා බලාගෙන අතීතයට ගියා...
ඉස්සරත් මේ වගේ ම හැන්දෑවල් ආවා...දවස පුරාම ජුකී මැශින් එකත් එක්ක ඔට්ටු වෙලා මම ගාමන්ට් එකෙන් එලියට බහින්නේ උබේ හිනාවෙලා තියන මූන දකින්න බලන්න...

උබ හරීම අපුරුවට ජැන්ඩියට ඇදලා ටයි පොල්ලකුත් බැදගෙන ගාමන්ට් දොරකොඩ උන්නෙ රාජ කුමරයෙක් වගේ...උබ හැම දාම හවසට මට මොකක් හරි තෑග්ගක් අරන් එනවා....
මාත් ඒක අතට ගන්නෙ රටක් රාජ්ජයක් ලැබුනා කියලා හිතාන....
රුපියල් දස් ගනන් වටින තෑගී උබ මට අරන් දුන්නේ මාව උබට ලක්ශ කෙල කෝටි ගානක් වටිනවා කියලා...ඔව් උබ මට හැමදාම එහෙම කිවුවා මාත් විස්වාස කරා....
උබ හැමදාම තෑගී දුන්නා...
මේ වගේම අන්දකාර වැහි දවසක්...
ඔව් මේ වගේම දවසක්...මට අද වගේ මතකයි...
උබ මට අන්තිම තෑග්ග දුන්නා...
උබ දුන්නු තෑග්ග උබ නොදන්නවා උනාට මේ නිකිනි මහට දෙමාසයක් මෝරලා අයියේ....
දෙමාසයක්.....
මහ හෙන හඩක් එක්ක අයේ මම මේ ලොකේට කඩාගෙන වැටුනා හීන ලොකේ ඉදලා....
බක් මහ අකුනු මේ අවාරේ පුපුරන්නේ ඇයි කියලා හිතා ගන්ට බෑ..
කොහොම උනත් ඉස්සරහ හයියෙන් වහිවී
හෙන ගහ ගහ මොර සූරන වැහි වහීවී......

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment