Tuesday, September 09, 2014

...පට්ට....




පට්ට යනු මෑත කාලීන සමාජයේ මුල් බැස ගත් වචනයකි...පට්ට යනු යෙදෙන තැන මත අගය වැදි කරන හෝ අඩු කරන ඉතා බල ගතු වචනයකි...
නිකම් නිකම් "වල්ල" පට්ට වීමෙන් ගැහැනිය සතුටු වන අතර....
ප්‍රවාහනයේ දී මාට්ටු උනොත් පොලිසිය සතුටු වේ...
මෙවැනි ඉතා වටිනා වචනයකි පට්ට....

අගක් මුලක් නොදන්නා නමුදු මගේ කටි ද නිතර දෙවේලේ අතෝරක් නොමැතිව පිට වන වචන "පට්ට" බව ඇතැමුන් කියති....
තවත් සමහරුන් මා "පට්ට" වාචාල යැයි කියති....
කොහොම වෙතත් මගේ පිලි ගැනීම මා පට්ට අහින්සක යන්නයි.....
නිවාඩුවේ ගෙදර සිටින අද පට්ට චාරිකාවක් ගසා ගෙදරට එන විට රෑ බෝ විය...
ගෙට රින්ගන අල්ල පනල්ලේ මට අල්ලපු ගෙදර ගෝරියක් යන හඩ ඇසිනි...තෝ පට්ට වේසියෙක් යැයි කියමින් හබියා බිරිදට බැන වදී....
අනේ මන්දා.....
අපට පෙර පරපුර පට්ට යන්න යොදා ගන්න ආකාරයත් අපි පට්ට යන්න යොදා ගන්න ආකාරයත් පට්ට පතුරු ලෙසම වෙනස්ය.....
මම පොඩි කාලේ අපේ ආච්චි මට බැන්නේ තෝ ඉස්කෝලේ නොගියොත් තෝ පට්ට ගහනවා කියලා.....
පස්සෙන් පහු අපේ අම්මා කිවුවේ තෝ කොහේවත් යන්න පට්ට බැල්ලියෙක් එක්ක බීච් ගානේ රවුම් ගහන්නේ අපේ මූනේ දැලි ගාන්නදැයි කියාය....
මේ ලගකදී අපේ අප්පච්චි නම් කිවුව්වේ පට්ට බල්ලා තෝ ආයේ වේගෙන් ගිහින් අහු උනොත් අඩු කඩනවා කියාය....
මම ඉතින් පට්ට අහින්සක ලෙස මේ සියල්ල අසා විද ගෙන සිටියේමි....
මේ ලගකදී ආච්චි තම යහලු ආච්චියක් සමග හෙන බජනයක යෙදී ඉද්දි ඇය කීවේ කොටුවේ හාමුදුරුවෝ තරම් පට්ට ට බන කියන කෙනෙක් නම තව නෑ කියා ය...
ඒ අස්සේ අපේ අම්මා එහ ගෙදර නැන්දට ගිය සතියේ තාප්පෙන් කතා කර කිවුවේ අල්ලපු ගෙදර සුමනා ඇන්ටි රත්න සිරි අන්කල්ව පට්ට විදිහට අන්දනවා කියාය...
ඊයෙ අපේ පියා හොදටම අනුමත වෙලා ඉද්දි කිවුවේ මේ පාරත් මහින්දයා ඌවට පට්ට මැච් එකක් ගසනු ඇති බවයි...මේ හැම දේම අහන් ඉද්දි මට හිතුනේ අපි නොදැනීම අපේ උප භාෂා සීග්‍ර වශයෙන් වර්ධනය වී ඇත කියා ය....
සින්හල
වැදි
කමත්
ධීවර
කුබල් වැනි විවිද භාශා අතරට පට්ට භාෂාවක ආගමනය වැඩි ඈතක නොවන බව මට සිතුනි.....

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment