Monday, September 08, 2014

මම ඊයෙ ඔයා බැදලා ඉන්න ගොඩේ කෙල්ල දැක්කා


"තෙරුම් ගන්න තරු.....
මම ඔය ඔහොම අදිනවට කැමති නෑ.
අනිත් එක හිතන්න....
මේ සෙනග ගොඩ මැද්දේ ඔයා බොන්නේ ඇයි.....මම කැමති නෑ ඔය සන්කර ගති වලට..."

"ඔය මහ ගොඩයෙක් කනිශ්ක...
අනිත් එක ඔයාත් ඩ්‍රින්ක්ස් ගන්න...
මේක මහ දෙයක් නෙමෙයි..
කනිශ්ක මේ ඔයගේ ගම නෙමෙයි...
මේ අනුරාධපුරය නෙමෙයි..
මේ කොලබ...මේක තමයි අලුත් ෆැශන් එක.පොඩ්ඩක් තෙරුම් ගන්න.බොරුවට කෑ ගහන්න එපා...."


හැම දාම හවස ඔයාගේ වාහනෙන් මම බැහැලා යන්නෙ ඔයාට හිතෙන් කොචර නම් බැන බැන ද...

"ගොඩේ බයියෙක්...
කොහෙද ඉතින් සල්ලි තිබ්බට මේවා තේරෙන එකක් ද ඒ ගොඩයට..."

ගෙදරට වෙලා මම තනියම කොච්චර නම් හිතින් ඔයා ගැන මෙහෙම හිතනව ද.....

මම කොටට අදිනවට ඔයා අකමැති උනාට මගේ කැමැත්ත් උනේ එක....
ඔය අකමැති උනේ ඔයගේ අනාගත මනමාලිව අනුන්ගෙ ඇස් වලින් ආවරනය කරන්න උනාට....මම හැමදාම කැමති උනේ මාව කැපිලා පෙන්න...
ඔය මාව ඔයගේ ගති පැවතුම් වලට හුරු කරන්න උත්සාහ කරන තරමටම මම ඔයාටත් හොරෙන් ඔයගේ ආදරෙන් ඈත් උනා කනිශ්ක...

ඔව් ඔයා ආදරේ කරන විදිහ මට තෙරුම් ගන්න බැරි උනා....

ඒක නිසා තමයි මම ඔයා අත ඇරලා සුපුන් ලගට ගියේ...
ඔයා වගේ පොත් පත් වල ඇලිලා ඉන්නෙ නැති මම අදින පලදින විදිහ ගැන කවදාවත් ප්‍රශ්නයක් උනේ නැති සුපුන් ගැන මට හිතුනේ මටම දෙවියෝ මවපු කෙනා වගේ හැගීමක්....

ඔයා මගෙ ගාව යන්න එප කියල බැගෑපත් උන හැටි...
අඩන්න බැරුව හිර කර ගෙන උන්නු කදුලු කැට....
මට ඒ වෙලාවෙ විහිලුවක් විතරක් උනා කනිශ්ක....

"ඔයා මහ ගොඩේ කොල්ලෙක් කනිශ්ක...
ඔයාට මම සූට් වෙන්නෙ නෑ...ඔයාට හරි යන්නේ ගොඩේ ගෑනියෙක් ම තමයි...
කොහොමත් ඔයාට බදින්න වෙන්නෙත් එහෙම එකක්...."
ඔයාව සත පහකට ගනන් නොගෙන...
සුපුන් එක්ක ඉගිලුනේ ජිවිතේ නිදහසේ විදින්න...

එදා මගේ ඇදුම හැසිරීම වෙනස් කරලා ඔයා මාව ආරක්ශා කර ගන්න හැදුව කියල මට අදයි දැනෙන්නෙ කනිශ්ක...
ඔව්....
ඔයාට ඕනෙ උනේ මාව රැක ගන්න කියල මට අදයි දැනෙන්නෙ කනිශ්ක...

ඒත් මම දැන් ගොඩක් දුර ඇවිත් වැඩී කනිශ්ක....
මට දැන් ඔයාගේ ලගට එන්න තියා එහෙම හිතන්න වත් අවසර නෑ...

මම ඊයෙ ඔයා බැදලා ඉන්න ගොඩේ කෙල්ල දැක්කා...ඔයත් එක්ක ඉන්නවා.
එයා තමයි කනිශ්ක....
මට හෙරොයින් වලට ඇබ්බැහි වෙලා තියන එකට බෙහෙත් දෙන්නේ....

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment