Monday, September 08, 2014

මී පුප් ලදිම් ලදිම් දරු නොලදිම්


සුරතල් බිලිදු කිරිකැටියන් දකින................................විට
උනු කදුලැල් උනනවා නොදැනිම  නෙතු ..................අගට
නොදනී පවද හිමියනි පූරුවේ කල .....................කරුමයට
අහිමිද හිමියනී ලොවිතුරු මව් පදවි .............................මට

දෙන්නට දෙතන කිරි එරවා මා ..................පුතුට
ආසයි හිමියනි ඔහු නිදි කර................. නලවන්ට
කිරි මුතු කව්ඩි එක නූලක ....................පලදන්ට
කවදා ද දෙන්නෙ සුරතල් බිලිදෙකු ...........මෙමට

සිරිමා මහා බෝ හිමියනි මම ............බාර උනා
දළදා මහා හිමියනී කිරි පිඩු .............දන් දුන්නා
සිරි පතුලේ මස්තයේ සිරස ....................ඇනා
සුරතල් පුතෙක් ඉල්ලා මම ............වැද වැටුනා

මව් වරු දරුවෝ මග හැර යති දුක ...............නැද්දා
හිමියනි කිමද දරු දුක උන් ....................නොදනීදා
මට දරු නොදි උන් ටම දෙන ................දෙවියන්දා
වැහි නැති අකුනු හෙන වැදියන් මම .............යැද්දා

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment