Monday, September 08, 2014

කාලකන්නි වාසනාව....



අවැසි උනත් පලදන්නට...
 මිනි කිරුලක් ඔබේ හිසට...
 නොහැකි උනේ මගේ පවට...
ඒ හින්දයි....
උබ හැරගියෙ...
කාලකන්නියා තනියම.....

දුර ගිය දා මා තනිකොට....
වැලපුන හැටි මා ඉකි බිද....
නොදැනුනාද ඔබට සොදුර...
ඒ හින්දයි ....
 මම හිතුවේ....
කාලකනියෙක් මම ඇත්තම...

මා අතහැර නුබ ඒ ගිය....
 රාජ කුමරු නුබේ දෙනෙතට....
 කදුලු දෙද්දී දෝරේ යන්ට....
 මම දන්නවා...
නුබට දැනුනා...
කාලකන්නියගෙ ආලය....

නොලැබුනාට නුබව සොදුර....
 හැර ගියාට මා තනිකර....
හිතුවට මම එදා එහෙම....
අද දැනෙනවා....
 කාලකන්නිකමේ කොනක....
රැදිලා තිබුනු වාසනාව....

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment