Monday, September 08, 2014

"පොටෝකාරයා"


මේ පුටුවෙ වාඩි වෙලා වැඩ පටන් ගන්න හැම දාකම මට මතක් වෙන ලස්සන මතකයක් තියනවා...ඒ ආයේ කවම දාක වත් වෙන්නෙ නැති අතීතයේ දවස් වල ලස්සන මතකයක්....

------------------------------------------
 you have new text message.....

මොබයිල් එක හඩ තලනවා නැකතටම....

"අයියේ...
මොකද කරන්නේ..."

"මම මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්නේ...."

":'(
සොරි කරදර කරාට"


"මැට්ටී...මම කම්පියුටර් එක ගාව උන්නේ....
මොකද මේ තරහ ගිහින්...."

"ඔයා හරි නරකයි අයියේ...ඔයාට මට වඩා ඔය යකඩ ගොඩ තමයි වටින්නේ..
නපුරා...නපුරා.."

"නෑ නෑ කියන්න...හරි ඔන්න නැවැතුවා වැඩ...."

එහෙම පටන් ගන්න කතා බහ මහ රෑ දෙගොඩ හරි ජාමේ තමයි ඉවර වෙන්නේ...
ඔයාට මතකද....
අමතක වෙන්න විදිහක් නෑ...
ඔයාට හොදටම මතක ඇති......

ඒත් එකම එක දවසක් මම වැඩ කරන්න පටන් ගත්තට ඔයා කතා කරේ නෑ...මම බලාන උන්න..ඔයාගේ කටහඩ අහන්න..මේ හිත යකගේ කම්මල වගේ වෙලා තිබුනේ...
මම නුබේ මන්ගල ඇරයුම් පත සුදානම් කරන ගමන් උන්නේ...

මාත් එක්ක දීග යන්න නෙමේයි...මගේ අතින්ම ඇරයුම් පත හදල නුබව වෙන කෙනෙකු එක්ක දීග යවන්න....

මම එදා ඉදලා අද වෙනකම් ඉන්නවා උබෙන් ඇමතුමක් එනකම්....

නෑ.....
නුබට මා ලගට ආයේ එන්න කියන්න නෙමෙයි....

මම උබට හදල දීපු කාඩ් එක ලස්සන ද අහන්න...
මොකද....
මම අදටත් ඒ යකඩ ගොඩ ගාව වාඩි වෙලා ඉන්න උබව මාලිගාවකට කැන්දන් යන්න බැරි උන දුප්පත් "පොටෝකාරයා" නිසා

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment