Monday, September 08, 2014

අර අයිස් කන්ද තිබුනෙත් මෙතනමයි



"ඔයාට මම ආදරෙයි...."
හරි පරිස්සමට තියගෙන උන්නු මගේ සන්තකේට තිබ්බ ආදරේ මම උබට දුන්නේ ඒ වචන තුනේ දවටලා....
ගිනි ගහන මද්දහනක නුබේ ඉස්සරහ ඒ හැගීම උබට කියද්දි මට දැනුන්නේ අයිස් කන්දක් මැද ඉන්නවා තරමේ හීතලක්...
හතර වටේ තිබුනු ඒ කලබලය දැනුනෙ වත් නැති තරම්...
කාලය යනවා අඩු වෙලාද....????
නුබෙන් උත්තරයක් ලැබෙන්න කල්ප කාලයක් යනවා වගේ දැනුනා...
නුබෙන් උත්තරයක්....ඔව් ලැබුනා.හරිම ලස්සන හිනාවක්.වචන කෙල කෝටි ගානක උත්තරයක් ඒ හිනාව අස්සේ තිබුනා වගේ මට දැනුනේ....

තත්පරෙන්... තත්පරය...
පැයෙන්.... පැය...
දවසින්.... දවස....
උබේ හිනාව...
උබේ කතාව...
උබේ හීන මාව ජීවත් කරා...නැහැ ජීවත් කරේ නැහැ.ඒවා මගේ ජීවිතේ උනා...
ඒත් හදිස්සියේම ...
ඒ වගේම ගිනි ගහන මද්දහනක පුරුදු තැනදිම නුබ කිවුවා...
"මට යන්න වෙනවා..."
නුබ මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.මට දැනුනා...
කාලය යනවා වේගේ වැඩි උනාද...
මට දෙන්න ඉතුරු උනේ නුබ මට මුලින් දීපු උත්තරේම තමයි...
උබ යන මග බලාගෙන මම අමාරුවෙන් හිනා උනා...නාඩා ඉන්න දත් මිටි කන ගමන්...
හදිසියේම මට දැනෙන්න ගත්තා..
මේ මද්දහනේ මෙතන ඉන්න අමරුයි..මේ රස්නෙට මාව පිච්චෙනවා වගේ කියලා..
මම වට පිට බැලුවා.පුදුමයි.....
අර අයිස් කන්ද තිබුනෙත් මෙතනමයි....

සටහන

වාසනාවන්ත කාලකන්නියා



No comments:

Post a Comment