Monday, September 08, 2014

දැඩි සත්කාර ආදරය    01 කොටස


බදාදා දවසක්...
වෙලාව හවස 3.35...
හතර වටින්ම මට ඇහුනේ වේදනාවෙන් කෙදිරි ගාන සද්ද විතරයි...
මුලු දවස පුරාම මිනිස්සුන් ගේ මේ කෙදිරි ගෑම් අහලා මම හොදටම හෙම්බත් වෙලා උන්නේ...
අස්තිර මිනිස් ජීවිත.මේක නිකන් හරියට අවීචි මහ නරකය වගේ තැනක්.මම මගේ සගයා ජයන්තටත් හැමදාම කියන්නෙ මේක අවීචි මහ නරකය වගේ කියලා........මම මේසෙට පෑනෙන් තට්ටු කර කර තනියම කල්පනා කරා...

ඩොක්ටර්...
38 වෙනි ඇදේ ඉන්න පේශන්ට ටිකක් අමාරුයි...


නර්ස් ගේ කට හඩින් මගේ කල්පනාව එහෙම නවත්තන්න උනා...

මම නැගිටින්න කම්මැලි කම හින්දම එහා පැත්තෙන් උන්න ඩොක්ටර් ජයන්ත දිහා බැලුවා...ඒත් ඒ මනුස්සයා මෙසේ දිහාවට නැමිලා මහ බර වැඩක...
මක් කරන්නද...
මහ කම්මැලි කමකින් මම නැගිට්ටේ බැ කියන්න බැරි කමට...
--------------------------------------------------------

නර්ස් මට අලුත් සිලින්ජර් ටිකක් ගේන්න කියන්න...
තව නර්ස් කෙනෙක්ට එන්න කියන්න.
මේක තනියම හැන්ඩ්ල් කරන්න අමාරුයි

හරි...

වජිරා...
අර ට්‍රෙනින් ආපු නර්ස්ලා ගෙන් කෙනෙක් ට එන්න කියන්න...
එනකොට සිලින්ජර් එකක් ගේන්න කියන්න...

ඩොක්ටර් මේ ලෙඩා දගලනවා ගොඩක්...
අපි මොකක් හරි වේදනා නාශකයක් දෙනවද...

ඔව්...මේ බෙහෙත් දුන්නම ඔක අඩු වෙයි..

ඩොක්ටර්..මෙන්න සිරින්ජර් එක....
නුපුරුදු කට හඩක් මගේ පිටි පස්සෙන් ඇහුනේ....

ඒ කටහඩ...
ඇත්තටම ඒ කටහඩට ම ගැලපෙන රූපයක්....
මම මගේ ජීවිතේ පලමු වතාවට..
අවීචි මහ නරකයට සුරන්ගනාවියක් ඇවිත් ඉන්නවා දැක්කා....

විශාඛා....
ඉක්මට එන්න මේ පැත්තෙන්...
මේ කැනියුලා එක ගන්න.මේක දැන් පේශන් ට ගහන්න ඕනේ...

විශාඛා.............

රූපය,කට හඩ,නම මේ ඔක්කොම එකකට එකක් හරිම ලස්සනට ගැලපෙනවා..
මම තනියම හිතුවා....

ඩොක්ටර් කැනුලා එක ගහන්න ඕනේ...

විශාඛා මගේ දිහාට දික් කරන් ඉන්න කැනියුලා එක මට වෙනදට වඩා හරි ලස්සනයි දෝ කියලා හිතුනා...
දිග උල් කට්ටකුයි සේලයින් බටේකුයි වගේ නෙමෙයි...
විශාඛා රෝස මල් පොකුරක් අතේ තියන් ඉන්නවා වගේ...
අනේ මන්දා...
මටත් බෙහෙත් ගන්න වෙයි වගේ...
මේසෙට ඇවිත් වාඩි උනත් මට මතකේ තිබුනේ විශාඛා ලග....

උල් කටු..මල් වගේ පේන්න පටන් අරන්..
---------------------------------------------------------------------------
විරාජ්...
මොකද මේ තනියම හිනා වෙන්නේ....

ඩොක්ටර් ජයන්ත...
නෑ මේ...
මේ..නිකන්...

තටමන්න දෙයක් නෑ.
මට නර්ස් ඔක්කොම කියුවා...
උබ අර අලුතින් ට්‍රේනින් ආපු විශඛා කියන නර්ස් දිහා බලාගෙන හෙන අනිමිසලෝචන පූජාවක් කරා කියලා...
කැනියුලා එක ගහලා උබ ඒ සියාගේ අත පැය කාලක් විතර අත ගෑවේ විශාඛාගේ අත කියලා හිතා ගෙන ද....

මේ විනාඩි දහට මුලු හොස්පිටල් එකම මේක දැන ගෙන ද...
මම ලැජ්ජාවට බිම බලා ගත්තෙ ජයන්තට දෙන්න උතරයක් නොතිබුනු නිසා...

ජයන්ත තව මොන මොනාදෝ කියනවා උනත් මම හිටියේ ඔය ගැන හිතමින් වෙන ලොකෙක...

කොහොම උනත් අවීචි මහ නරකය එක විනාඩියෙන් ඔයා දිව්‍යලෝකයක් කරා...
ඔයාට බැරිද මගේ ජිවිතේටත් එහෙම කරන්න....

ඩොක්ටර්...
අය්.සී.යූ එකෙ ලෙඩෙක් ට අමාරුයි කියාගෙන නර්ස් කෙනෙක් ආපු එකෙන් මම ආයෙත් කල්පනා ලොකෙන් මෑත් උනා...

ජයන්ත නැගිටින්න ලෑස්ති වෙද්දිම මම නෑ ජයන්ත මම යන්නම් කියාගෙන මම නැගිට්ටා...

කට කොනකින් හිනා උන ජයන්ත..

"මිසී අර ට්‍රේනින් ආපු අලුත් නර්ස්ට කියන්න මේ වගේ සිටුවේශන් එකක් හැන්ඩ්ල් කරන හැටි බලා ගන්න එන්න කියලා......" කියමින් ආපහු පොත දිහාට හැරුනා

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment