Monday, September 08, 2014

අම්මේ....


ලොකු ලොකු විභාග පාස් කරේ නෑ...
ඇත්ත...
ඒත් මට නුබේ දැනුම මහ මෙරක්
අදටත්...
මහ ලොකු පොහොසත් කමක් තිබුනේ නෑ...
ඇත්ත...
ඒත් මට නුබේ රුපියල මහ මෙරක්
අදටත්...
යන්න එන්න යාන වාහන තිබුනේ නෑ...
ඇත්ත...
ඒත් මට නුබේ කුඩේ හෙවන මහ මෙරක්
අදටත්...
කන්න රස මසවුලු තිබුනේ නෑ...
ඇත්ත...
ඒත් මට නුබේ බත් කට මහ මෙරක්
අදටත්...
අම්මේ

සටහන
වාසනවන්ත කාලකන්නියා


No comments:

Post a Comment