Monday, September 08, 2014

වැරදි නැවතුම....


මහ වැස්සේ.....
බස් නැවතුමේ ඉද්දි...
තනියම....
මතක් උනා...
උබේ ඒ පොඩි කුඩේ....
උන්නු හැටි...
තෙමි තෙමි....
නොතෙමෙනවා කියලා හිතාන....
එවා හිතලා මක් කරන්නද....
දැන් උබ නැති කොට....
"කෙල්ලන් බස් වගේ "...
කියලා හිත හදා ගෙන ....
බෝඩ් එකත් නොබලම....
නැග්ග ආපු බස් රියට....
අතර මගදී දන්නෙ වැරදි....
බස් එක කියල....
බහින ගමන් මට හිතුනේ....
උබේ කුඩෙත් .....
වැරදිලා .....
නැවතුනු තැනක් වෙන්ට ඇති කියලා.....

 සටහන
වාසනවන්ත කාලකන්නියා


No comments:

Post a Comment