Tuesday, February 03, 2015

මටත් මලක් පුදපන් ………..සමාවෙලා

පෝයට පායනා හඳ යායට මුදුන් ………..වෙලා
කුරහන් යායේ කිරි කුරහන් හිනා …….....වෙලා
ගෙදරට යන්න බෑ හේනෙම හවස් ……....වෙලා
මැණිකේ යන්න ඇති පන්සල් මලුත් .......නෙලා

එන්නම් කියා කිව්වම යන්නට ……………..පන්සල්
මැණිකේ හිනහුනා මදහස පා ………….…..මල් මල්
අද රෑ රැකිය යුතු වේ මැණිකේ හේනේ ….….......පැල්
තනිවම අදට විතරක් පලයන් …………….…පන්සල්

යන්තන් පැහෙන කිරි කුරහන් යාය ………………….බලා
මේ රැය ගෙවන්නත් වෙනවා  පැලට …………...…...වෙලා
මැණිකේ අහනවා ඇති බන පන්සලට ….………...…වෙලා
මා වෙනුවෙනුත් පුදපන් මල් …………………...සමාවෙලා

තනි අලියෝ මහ කැලයේ මේ …………….අහපන්
මේ කන්නයේ මගේ කුරහන් ……………අතැරපන්
කිරි කැටියා මේ කුරහන් ටික ………………..දීපන්
මගේ හාමිනේ දෙන පින් ටික ගෙන ……….පලයන්

යන්තම් මොරනා දරුගැබ සිහි ……………..කරලා
මම ඉන්නවා අද හේනේ පැල් ……………..රැකලා
එන පෝයෙදි සද එලියෙ මලුත් ……………නෙලා
මැණිකෙත් එක්ක යමි පන්සල් ලගට ……….වෙලා


සටහන
-වාසනාවන්ත-

No comments:

Post a Comment