Friday, February 27, 2015

පොඩි නම මොකද දුක් වෙන්නේ ........නිස්සද්දේ

වෙල් එලි බඩ වැටි වල දුව................. පැනපූ
ගඩා ගෙඩි කකා කොල්ලන් හා............. ඉදපු
වැවේ දෙකොන යා කර දිය බුං............ ගහපු
මගේ කේන්දරයට හෙනහුරු................ ආපු

කොල්ලට ගිහිගෙයින් යන්නට ...........වෙනවාමයි
නොගියොත් උබේ පවුලම දුක් ...........වෙනවාමයි
හෙනහුරු ලේසි නෑ දුක් ගිනි ...............දෙනවාමයි
කට උල් කරන් කිවේ ගමේ ..................කපුවාමයි



කපුටු කූඩ කෙස් හිස බූ ගා ......................දැමුනා
ඉරුනු කමිසේ ගෙයි මුල්ලට විසි ...........කෙරුනා
පඩුවන් සිවුර ඇදගෙන හෙමිහිට ...............වඩිනා
මහ පන්සලේ ලොකු හිමි ලග මහන ...........උනා

හවසට වඩින විට හිමි සමගින් ගම් ............මැද්දේ
කොල්ලන් පෙනේ ගුඩු පනිනා වෙල් ........මැද්දේ
සද්දෙ හෙමි හෙමින් හිත පැත්තට .............ඇද්දේ
පොඩි නම මොකද දුක් වෙන්නේ ........නිස්සද්දේ

මා මේ කියන දේ හොද හැටි ...............අහගන්න
පෙර කල දේට දැන් බෑ යලි යොමු .........වෙන්න
ලෞකික ලෝකේ සැප කම් සුව හැර......... යන්න
හෙමි හෙමිට නුබට වෙනවා හුරු ............වෙන්න

පොඩි නම අදට ඩිංගක් සෙල්ලම් .......කරලා
හෙට ඉද ඕවා අමතකර මෙත් ............වඩලා
මේ ගොර සසරේ දුක් වැඩි බව ......සිහිකරලා
සග ජීවිතේ දුර යනු නුවනින් .............හිතලා

සටහන
වාසනාවන්ත


No comments:

Post a Comment