Sunday, February 01, 2015

චාටර්....

ඕනැම වැඩක් පටන් ගන්න කලින් මම නම් හිතන්නේ සිරාවටම වැඩේ කරන්න ඕනේ කියලා. උනාට මම පටන් ගන්න ඕනෑම වැඩක් අන්තිමට චාටර් කරන් නවතිනවා කියලා අපේ අම්මා නම් කාලේ ඉදන් දන්නවා...
පුංචිම පුංචි සන්දියේ පරම්පරා පාත්තරේ කලිසමේ සිප් එකට අහු කරන් මුලු මොන්ටිසෝරියටම චාටර් උනා කියලා අම්මා මට පොඩි කාලේ කියලා තිබ්බට මම නම් ඒක විස්වාස කරේ නෑ.... උනාට මේ ලගදි දවසක් අපේ ඈතින් නෑ වෙන අක්ක කෙනෙකුත් පවුලේ ඔක්කොම මැද සිද්දිය මතක් කරලා අයේ චාටර් කරා....
මම නම් හිතන් නේ චාටර් වීම මම උපතින්ම දෝතින් ගෙනාපු දායාදයක් කියලයි....


මතක ඇති කාලෙක වැඩියෙන්ම චාටර් උනේ මහ පාරේ වැඩ දාන්න ගිහින් කලිසම මැදින් පලාගෙන.ඊට පස්සේ දවසක යන බස් එකෙන් පනින්න ගිහින් පාර මැද්දේ බල්ටියක් ගහලා ආයේ චාටර් උනා.....
මම විතරක් නෙමෙයි...මගේ ගජයෝ ටිකත් චාටර් වෙන්න නම් දරාපු උන්...
කරන කියන හැම වැඩේම හත් පොලේ ගාගෙන චාටර් කර ගැනීම සම්බන්දව කප් පිට කප් ගහපු උන්....

චාටර් වීම් වර්ග ගනනාවක් තියනවා...

ගෙදරට චාටර් වීම....
අම්මට චාටර් වීම....
තාත්තට චාටර් වීම....
කෙල්ලට චාටර් විම....
ක්ලාස් එකට චාටර් වීම....
සමාජයට චාටර් වීම...... ආදි නොයෙක් ආකාරයේ චාටර් වීම් තියනවා...

ඉස්කෝලේ යන කාලේ අපේ මූලිකම අරමුන් ගෙදරට චාටර් නොවී විභාගේ ගොඩ දා ගන්න එක...
පස්සෙන් පහු අර යට කියපු කෙල්ලට චාටර් නොවී ඉදීම කියන කාරනාවත් ලොකුවටම අවධානය යොමු වෙන දෙයක් බවට පත් වෙනවා....

ඔය හැම විදිහකම චාටර් එකකින්ම බේරිලා ඉන්න උත්සහා කිරීමත් අමුතුම චාටර් එකක් කියලයි මම නම් කියන්නේ...
අපේ තාත්තා නම් කියන්නේ " උබලගේ අම්ම බැදපු දා ඉදලා තමයි මම චාටර් වෙන්න පටන් ගත්තේ" කියලා...
අපේ ආච්චි නම් කිව්වේ " උබලාගේ තාත්තා උබලගේ අම්මට ලියුම් ලියලා සීයට චාටර් වෙලා තමයි කසාද බැන්දෙ" කියලා....
අපේ අම්මා නම් නිතරම කියන්නේ "එහා ගෙදර ලීලා තරම් චාටර් ගෑනියෙක් මේ අහල ගම් හතක නෑ" කියලා....
උනාට ඉස්සරහා ගෙදර නන්දාවතී බැදලා ඉන්න පාලයියා නම් කියන්නේ "ලීලා කියන්නේ දාහකින් හොයා ගන්න බැරි සීදේවි ගෑනි...ඔය මේ ගමේ අනිත් උන් තමා චාටර් කියලා...."
මේ ලගදි ටී.වී බලද්දි අපේ සියා නම් කිව්වේ "දැන් අලියත් චාටර්, බුලත් කොලෙත් චාටර් "කියලයි...
මිනිහා ඉතින් නහින දෙහින කාලේ මොන මගුලට පන්සලකටවත් නොයා ටී.වී බල බල චාටර් වෙනවාද කියන එක නම් මට හෙනම චාටර් ප්රශ්නයක් එදා ඉදන්ම....

මේ ඔක්කොම චාටර් සීන් මැද්දේ චාටරේ ගැන සිරාම කතාව කිව්වේ අපේ බාප්පා කාරයා...

"කොල්ලො....
චාටර් එකත් ආර්ට් එකක්...
ආර්ට් එකට චාටර් කරන්න ඕනේ....
ආර්ට් එකට චාටර් වෙන්න ඕනේ...
චාටර් එකක් නොකා මේ චාටර් ලෝකේ තැනකට යන බෑ කොල්ලෝ....
වෙන මුකුත් එපා කුස පබාවතී බලපන් කුස කොච්චර චාටර් කෑවද...
බලපන් පාඩු උනාද....
අන්න බලපන් ආර්ට් එකට චාටර් කෑමේ ප්රතිපල...

මාත් ආර්ට් එකට චාටර් කනවා අද ඉදන්.....
පබාවතියෙක් නැත්තම් ලගින් යන එකියෙක් හරි ලැබෙයි නේ....


සටහන

-වාසනාවන්ත-


No comments:

Post a Comment