Saturday, January 31, 2015

සුදු මහත්තයාගේ හුස්ම ඉවර වෙන්න කලින් වරෙන්...

මට ආයේ කරදර කරන්න එපා...
අයේ මට මැසේජ් එකක් වත් එවන්න එපා.මට ඔයාව ඕනේ නෑ....

ආයේ ආයේ ෆෝන් එක දිහා බලාන කියෙව්වේ මේක නම් මගේ සුදු මැණිකේ නෙමෙයි එව්වේ කියල හිත කියන නිසා..

මේ බොද උන ඇස් වලට පේන්නේ බොරුවක්....
සුදු මැණිකේ මගේ විතරයි...
සුදු මැණිකේ ඔයාමනේ මට එහෙම කියන්නේ...
නෑ...
ඔයා නෙමෙයි මේ....
සුදු මැනිකේ ගියාම කවුද මගේ ලග වෙලා මම කියන දේවල් අහන් ඉන්නේ...
කවුද මට අහන් ඉන්න කතා කරන්නේ...
කවුද සුදු මැනිකේ මගේ ලග ඉන්නේ....
.........................................................................................
සුදු මහත්තයෝ...
මම බාරයක් උනා..ඔයයි මම ඉස්සල්ලාම කතරගම දේවාලේට යන්න ඔනේ ඒ බාරේ ඔප්පු කරන්න...
හරිද...
ඒ මොකටද බාර උනේ...
හිනා වෙන්න එපා සුදු මහත්තයෝ....ඔයා මගේම වෙන්න කියලා මම බාරයක් උනා.
ඔයා මගේ...
ඔයා කොහොමත් මගේ...
හරි හරි...
මම අඩන්න තරම් දෙයක් කිව්වේ නෑ නේ සුදු මැණිකේ...මම එන්නම්..
ඔයා මගේ සුදු මහත්තයෝ...
නපුරා මාව අඩවනවා...
....................................................................................................................
සුදු මැණිකේ....
උබේ සුදු මහත්තයා අඩනවා උබ එදා අඩපු විදිහටම.....
උබේ බාරේ ඔප්පු කරන්න තාමත් මග බලන්....
සුදු මහත්තයාගේ හුස්ම ඉවර වෙන්න කලින් වරෙන්...
එතකං මම ඌව මරනවා ටික ටික...

සටහන
වාසනාවන්ත


2 comments:

  1. Godak adare karana aya dalaa giyama dukai thamai..

    ReplyDelete
  2. කාලයට ඉඩ දෙන්න....

    ReplyDelete