Thursday, September 03, 2015

උබ ආස කරපු අර තරුව කොහෙ ඇත් ද...

තරු පිරි අහස අතීත මතකයක් අවුස්සන චිත්‍රයක් වගේ.....
සීතල සුලග...
තරු වට කොට ගත් ලා සද එලිය...
මේ සියල්ල හරිම අපූරු සිත්තමක්....
අතේ බාගයක් ඉවර උන සිගරැට්ටුවේ දුම මැදින් වැටෙන හද එලිය ඒ පරන මතක අස්සට ඇදන් යන්නේ කිසිම හිතක් පපුවක් නැති ගානට.....

--------------------------------------------------------
සුදු මහත්තයෝ....
හ්ම්ම්ම්.....
අර ඈත තියන තරුව හරි ලස්සනයි නේ....
කොයි එකද.....
අර තරුව......
ඇයි එකේ තියන වෙනස මොකක් ද අනිත් ඒවට වඩා.....
එහෙම නෑ....
අනිත් තරු වගෙමයි ඒකත්....ඒත් මම ඒ තරුවට ආසයි....
සුදු මහත්තයට වගේ.....
අනිත් අයට  සාමාන්‍ය උනාට මට වෙනස් නේ...

ම්ම්ම්ම්ම්....
ඒකත් එහෙමද.....
ඔව් මැට්ටො.....
සිගරට් දුම මැදින් අහස පුරාම තරු දහස් ගානක් පේනවා........
උබ ආස කරපු අර තරුව කොහෙ ඇත් ද...
දුම් උගුරු අහස දිහාට පිඹින ගමන් අහස පුරාම හෙව්වත් හම්බුනේ නෑ සුදු නෝනේ.....
සමහර විට කඩා වැටිලා ඇති....
අන්තිම දුම් උගුර අහසට යන ගමන් දිහා බලන් තනියම හිතලා හිත සැහැල්ලු කර ගත්තා.....

සටහන
-වාසනාවන්ත කාලකණ්නියා

4 comments: