උදේ පාන්දරින්ම හොදට මැදපු අත් දිග කමිසයයි කලිසමයි එක්ක මූන පේන තරමටම දිස්නෙ දෙන්න පොලිශ් කරපු සපත්තු කුට්ටමත් ඇදගෙන පාරට එනකොට දැනෙන්නේ අමුතුම ගැම්මක්.ඉස්සරහ හම්බෙන හැම මනුස්සයාම කට පුරා හිනා වෙනවා....
ගෙවල් අහල පහල ඉන්න මිනිස්සුත් නොකියා බැරි කමට වගේ ගුඩ් මෝර්නින් කියලා කියනවා...
බස් හෝල්ට් එකට ආවම යන්තමට ඇහෙනවා ගැටිස්සියෝ කතා වෙන හඩ...
ඔය අර අහවල් පාරේ ඉන්න කෙනා නේ...
අර කොම්පැනියේ වැඩ කරන්නේ.....
ඇහුනත් නෑහුනා වගේ ඉන්නවා....
අදත් මේ සිද්දි ඔක්කොම ඔය විදිහටම උනා....
තවත් පුංචි සිද්දියකුත් එක්ක....
බස් නැවතුමේ දි පුන්චි කොලු ගැටයෙක් දැක්කා...ඉස්කෝලේ ඇදුම ඇදන් ඉන්න....
කමිසයේ පොඩි අන්ඩයක් දෙකක් තියන.....
ඩීසල් කියලා ටිපෙක්ස් එකකින් ලොකුවට ගහපු පොත් බෑග් එකක් පුකෙන් පහලට වෙනකම් එල්ලන් ඉන්න කොලු ගැටයෙක්....
වට පිටාව ගැන වගේ වගක් නොතිබුනු මේ කොලුවා බස් නැවතුම ඇතුලට වෙලා තරම් ඈති තිබුනු මොකාක්දෝ දිහා හරි විමසිල්ලෙන් බලන් උන්නා....
කොලුවට පිටි පස්සෙන් උන්නු මම හෙමින් සැරේ ඒ දිහා බැලුවේ මොකක්ද මෙච්ච ආසාවෙන් මේකා මේ බලන්නේ කියලා දැන ගන්න.....
ඉස්සරහා තියන කඩේ ගාව ලස්සන මෝටර් සයිකලයක් නවත්තලා තියනවා....
ඇස් දෙක ලොකු කරන් ඒ දිහා බලන් ඉන්න මේ කොලුව හිතෙන් ඒ මෝර්ට සයිකලෙ නැගලා මහා ලොකු දුරක යන වග මට තේරුනා.....
මේ බස් නැවතුමේම මමත් මීට අවුරුදු ගානකට කලින් මේ විදිහටම හීන දැක්ක හැටි මතක් උනා....
ලස්සන වාහන...
බයිසිකල්....
මේ හැම දෙයක් ගැනම මේ විදිහටම හීන දැක්ක හැටි මතක් උනා.........
පාට හේදිච්ච ඉස්කෝලේ ඇදුම....
අඩිය ගැලවෙන්න ඔන්න මෙන්න තියන සපත්තු කුට්ටම මේ හැම දෙයක් එක්කම මේ කොලුවා මාව ඒ අතීතයට අරගෙන ගියා.....
ඒ ආපු ගමනේ තියන රහ මට ආයෙත් වතාවක් දැනුනා.....
ඒ රහ ජීවිතය අද මට නැති උනත් ඒ රහ අතීතය මට තාමත් මතකයි....
ඒ පාසල් කාලය ගැන.....
ඒ ඇවිදපු දුර ගැන උබලා එක්ක කියවන්න ආසයි.....
වාඩි වෙයන්...
අපි රහ කරමු ඒ අතීතය ගැන....
ඒ යාලු කම් ගැන....
මේ දුවන තරගයෙන් හෙම්බත් උන ඔයත් කැමති නම් එන්න...
අපි කතා කරමු අපි ගැන...
අපේ අතීතය ගැන.....
මොකද....
මේ විදින ලක්ශරි දුකට වඩා..
ඒ ජීවිතේ රහයි බං.....
සටහන
-වාසනවන්ත-

අපි එනවා කතා කරන්න..... දිගටම ලියමු
ReplyDeleteහරි බන්ඩෝ....අපි ලියමු දිගටම....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ විදින ලක්ශරි දුකට වඩා..
ReplyDeleteඒ ජීවිතේ රහයි බං.....
මේක තමයි අපේ ජීවිත වල පිටස්තරයින්ට නොපෙනෙන සත්‍යය.... මේ සටහන හරිම සංවේදීයි....
අපේ හැමෝගෙම ජීවිත වල එලියට නොපෙනෙන ලක්ශරි දුකක් හැංගිලා තියනවා බන්....
Deleteමසුරන් වටින කතාව බන්. දිගටම ලියමු...
ReplyDeleteඅපි ලියමු....දිගටම වරෙන් මේ පැත්තේ....
Delete