Thursday, September 03, 2015

ආදරනීය අලුගෝසුවා වෙත ලියමි....

නුබෙන් ලද සොදුරු මරනයට තවමත් මා පෙම් කරමි....මැරුනාද ජීවත් වෙනවාද නොදැනෙන තරමටම ඒ මරනය රසවත්ය...
ආදරනීයය....
සියතින්ම ගෙල වැල ලා ගෙන නුබට අගුල් හරින්නට එපෑ යැයි මොර දුන්නත් පලක් නැති බව නුබ මා අවසන් හුස්ම හෙල්ලන්නට දගලන මොහොතේ යන්තම් කනට කර කී හැටි තවමත් දෝන්කාර දෙයි...
සැබවින්ම වරද නුබ අත නැත....
ම විසින්ම දෑස් වසා ගෙන....

ම විසින්ම ගෙල වැල ලා ගෙන....
කව්ලුව මත්තෙ හිද නුබට අගුලු
 නොඅරින්නට කෙතරම් මොර දුන්නත් පලක් නොවන බව මගේ කනට යන්තම් කෙදිරූ අයුරු තවමත් යන්තමින් ඇසේ....
වරද කරු මම ම වෙමි....
අලුගෝසුවා අත වරද නැත.....
ආදරනීයම අලුගෝසුවාගේ ප්‍රේමනිය මරනයට මම ආලය කරමි.....
අවසන් හුස්ම හෙලන්නට දගලමින් පන රැක ගන්නට වෙර දරමින් මේ දෑස තවමත් ආදරනීයම නුබ සොයයි...
ආදරනිය අලුගෝසුවා තවමත් සොයයි...

සටහන
-වාසනාවන්ත

No comments:

Post a Comment