Wednesday, September 23, 2015

වස්සානය නැවත පැමින ඇත.....

හීන වලට හැඩයක් ඇති බව මට කීවේ ඔබමය....
ජීවිතයට තාලයක් ඇති බව මට කීවේ ඔබමය....
හැඩයක් තාලයක් රාමුවක් නැති ඔහේ පා උන මේ ජීවිතේ එක තැනකට ඇන ගැසුවේද ඔබමය...
ලගින් වාඩි වී හිද හීන පාට කරන්නට ජීවිතයට තාලයක් දමන්නට ද උත්සහා කරේ ඔබමය...
මා එයට දැඩි ලෙස ආලය කලෙමි....
සැහැල්ලුවෙන් පා වීම මහා බරක් ලෙස දැනෙනා තරමට ම මම එයට ආලය කලෙමි....
වැසි දිනයට ජනෙල් කවුලුවට මෙපිටින් නුබේ උරතලය මත හිස තබාන හීන ගනින්නට......

හීන දකින්නට ඔබට කියන්නට මම ඉතා ආශා කලෙමි.....
ඔබේ ඒ හුස්ම වැටෙන හඩ මුදු පියයුරු වල ස්පර්ශයට මම ආසා කලෙමි...
ජීවිතය නම් එයම පමනක්මැයි සිතුවෙමි.....
ඔහේ පාවීම මහ බරක් ලෙස නැවතත් මට වැඩි වැඩියෙන් දැනෙන්නට විය......
වස්සානයට හමන සීත සුලන් ගත දැවෙටෙන විට තව තවත් ඔබේ තුරුලේ හිදින්නට මම ආශා කලෙමි......
එහෙත් වස්සාන සුලග සේම නුබද මා හැරගොස් හමාරය.....
වස්සානය නැවත පැමිනෙන වග මම දනිමි....
නමුදු වස්සානය සමග නුබ යලිත් පැමිනෙන්නේ නැත....
මේ වස්සානයයි....
ඇන ගැසූ ජීවිතය පාවී ගත නොහී තවමත් එක් තැන්ය.....
හීන හැඩ තලවලට හිර වී ඇත.....
ජීවිතය මටත් නොතේරෙන තාලයකට ඇදී යන බව පමනක් දනිමි........
නුබ නැත....
වස්සානය නැවත පැමින ඇත.....

සටහන
වාසනාවන්ත


5 comments:

  1. මේ සටහන දැක්කාම එකපාරටම මතක් උන සංවේදී ගීතය මේ අර්ථයම ගේනවා කියල මට දැනෙනවා..

    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳඑළියේ මං පෙත පාදා
    රහසක් සඟවා
    ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා
    ඇය යන්න ගියා මැකිලා

    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මූණ වසා

    -අමරසිරි පීරිස්-

    ReplyDelete
    Replies
    1. මේ සටහනට යටින් මේ ගීතය ඇතුලත් කරන්නට ඕනේ බලංගොඩයෝ....

      Delete
  2. වස්සානය ඒනවා සත්තයි

    ReplyDelete
    Replies
    1. වස්සානය පැමිනේවි...ඇය නොපැමිනේවි....

      Delete