Saturday, September 05, 2015

මචන් උබටත් වැඩිය බැරිද...

ශිෂ්‍යත්වයෙ ප්‍රතිඵල ඇවිත් සති තුන හතරක් ගෙවිලා ගියා....
මමත් රටක් රාජ්ජය්ක් තනියම ගිහින් අල්ල ගත්ත සෙම්පතියෙක් ගානට ගෙදර උන්නේ.ගමේ ඉස්කොලෙන් මම විතරක්ම නිස පාස් වෙලා උන්නේ තවත් ගැම්මක් හිතට ඇවිල්ල තිබ්බෙ...
කොහොමෙන් කොහොම හරි කාලය ගෙවිලා ගමේ ඉස්කෝලෙ අතෑරලා අලුත් ඉස්කෝලෙට යන්න දවස් ලං උනා....
අලුත් කලිසම් කමිස සපත්තු ඔක්කොම සුදානම් කරලා....
අලුත් පොත් අරන් කවර දාලා....
ඒ අස්සේ තාත්තා අලුත් ඉස්කෝලේ විස්තර කියනවා...
ඒක හරි විසාල ඉස්කෝලයක්...
ලමයි ගොඩක් ඉන්නවා....
ඉංග්‍රීසි එහෙම හොදට පුලුවන් එයාලට....
හුටා....
ඉංග්‍රීසි පුලුවන්....

මල මගුලයි...
මොකටද මම මේ විභාගේ පාස් උනේ කියලා හිතුනේ මට ඒ වෙලවේ...
ඉංග්‍රීසියෙන් නම ලියා ගන්නවත් දන්නේ නැති මම එතන ගිහින් කොහොමද උන් එක්ක කතා කොරන්නේ......
තුම් මුල්ලෙන් දාඩිය වැක්කෙරෙන්න ගත්තා....
හීනියට වගේ පපුව ගැහෙන සද්ද...
කකුල් වෙවුලන ගතියක් දැනෙන්න ගත්තා.....
ඒත් කරන්න දෙයක් නෑ හෙට උදේම අලුත් ඉස්කෝලෙට යන්න වෙනවා.....
කමක් නෑ.....
වෙඩි කන උනත පපුව ඉස්සරහට දාලා යනවා කියන අභීත සිතුවිල්ලත් එක්ක මම නිදා ගන්න ඇදට ගියත් පාන්දර වෙනකම්ම නින්ද ගියේ නෑ ඉංග්‍රීසියෙන් කතා කරන මගෙ අලුත් ඉස්කෝලේ මතක් වෙලා.....
පහුවදා උදේ රැයින් නැගිටලා සුදානම් වෙලා අලුත් ඉස්කෝලෙට ගියා.....
අම්මේ ඒ ඉස්කෝලේ මහා විසාලයි...මල් වවලා හරිම ලස්සනයි....
තාත්තා මාව අරන් කෙලින්ම ගියේ ප්‍රින්සිපල් සර් ගෙ ඔපීසියට....
අහ්....තව ශිෂ්‍යත්ව කාරයෙක් නෙ....මොකද කියන්නේ ඉංග්ලිශ් මීඩියම් පන්තියට දාමුද.....?
පිනා තාත්තගෙන් ඇහුවා....
ඈ බොල පිනො...තොට අහන්න වෙන දෙයක් තිබ්බෙම නැද්ද බොල උදේ පාන්දර...මම හිතෙන් හිතුවා.....
ඒත් තාත්තා මගේ ඉංග්‍රීසි දැනුම ගැන ඉන්තේරුවෙන්ම දන්න නිසා වෙන්න ඕනේ මාව දැම්මේ සිංහල පන්තියට....
මිස් කෙනෙක් මාව පංතියට එක්කන් ගියා....
මට වඩා උස මහත කොල්ලො කුරුට්ටො ගොඩක් මැදින් එක්කන් ගිහින් මාව තවත් අලුතෙන් ආව ලමයෙක් ලග වාඩි කරා....
ඔයා මෙතන ඉදන් ලෑස්ති වෙන තව ටිකකින් පේපර් එක දෙයි...
මොකක්...පේපර් එක.....
පුදනකොටම කාපි යකා කිව්වලු....මම ඉස්කොලෙට ඇතුල් වෙලා තියෙන්නේ තුන්වෙනි වාර විභාගයේ අවසන් දවසේ...
ඊටත් වඩා ආදරනීයම දේ දැන් තියෙන්නේ ඉංග්‍රීසි පේපර් එක....
අම්මේ හිතට දැනුනු සනීපේ.....
දැන් මක් කොරන්නද දන්න කියන තිස් තුන් කෝටියම සිහි කරගෙන ලෑස්ති උනා ලියන්න.....
කියන්න සන්තෝසයි මේ වෙනකොට මම ඉංග්‍රීසියෙන් නම ලියන්නවත් දන්නේ නෑ.....
විනාඩි විස්සක් විතර දගලලා කොහොම හරි නමට ලගින්ම යන එකක් ලියා ගත්තා.....
ඒත් මට හරියටම ශුවර් නෑ ඒ මගේ නම ම ද කියලා.....
ඒත් නම ලියා ගත්ත හින්දා හෙමීට වට පිට බැලුවා අනිත් උන් දිහා....උන් ලියනවා ලිවිල්ලක් පිස්සට හැතැම්මේ නෑ වගේ...
මට පොඩි ලැජ්ජාවක් ආව මං ගැන....
හෝඩියේ අකුරු විසි ගානවත් තාම මට බෑනේ කියලා.....
මට එහා පැත්තේ එකා මොකද කරන්නේ....
අම්මට සිරී මූත් අසූ හාරදාහට ලියනවා....
හොරාට ගන දෙවි නුවන තියනවා වගේ මටත් නුවන පහල උනා....
මේ එහා පැත්තේ එකාගෙන් මොනා හරි බලා ගෙන ලියලා දානවා....
මාත් පුලු පුලුවන් හැටියට උගෙන් බලන් ලිව්වා.....
ඌ දැක්කෙ නෑ....
විභාගේ ඉවර වෙලා හෙන ආඩම්බරෙන් පේපර් එක දුන්නේ මොකද ගමේ ඉස්කෝලෙදිවත් මම ඉංග්‍රීසි පේපර් එකකට ඔහොම උත්තර ලියලා නැති නිසා...
කොහොමෙන් කොහොම හරි නිවාඩුව ලැබුනා....මාසෙකින් පස්සෙ මම අලුත් ඉස්කෝලෙට ආයෙත් ආවා....
ඔන්න ලකුනු බෙදන්න පටන් ගත්තා...මම ඉංග්‍රීසි විතරයි කරේ මොකද අන්තිම දවසේ ආපු නිසා.....
මලි....මලිත....කවුද මේ මලිත....
මම මම මිස්...
ආ මෙන්න...ලකුනු 18%....
කෙලියා තාප්පෙට මෙච්චර කොපි කරලා දහ අටද....
පන්තියෙ හැම එකාම බලන් මූන දිහා....හෙන ලැජ්ජාවෙන් පේපර් එක අරන් ආවා.....
මගෙ එහා පැත්තෙ හිටපු එකාගෙ නම ඊලගට....
ලකුනු 19%.....
යකෝ...මම කොපි කරපු එකාටත් ඉංග්‍රීසි බැරිද.....ඌත් පෙපර් එක අරන් ඇවිත් මගෙ ලගින් වාඩි උනා....
මචන් උබටත් ඉංග්‍රීසි වැඩිය බැරිද...මම ශේප් එකේ උගෙන් ඇහුවා....
පුලුවන් නම් මම උබෙන් කොපි කරන්නේ නෑ නේ බ්ං....
ඌ හෙමිට මගෙ කනට කරලා කියපි.....
ඒ කියන්නේ මම උගෙන් කොපි කරද්දි ඌ මගෙන් කොපි කරලද...
හෙන සන්තෝසයි......
රයිගමයයි ගම්පොලයයි ඔන්න ඔය විදිහට මුන ගැහුනා....
අලුත් ඉස්කෝලේ අලුත්ම යාලුකම....
එදා ඉදන් අද වෙනකම් තියන එක යාලුකමක් එහෙම පටන් ගත්ත....

අපි හෙමින් ඉස්සරහට යමු.....
ඊලග කෑල්ල තවත් රසවත්.....


9 comments:

  1. ඊළග කෑල්ලත් ඉක්මනට ම දාමු...

    ReplyDelete
    Replies
    1. දාන්නම් දාන්නම් ඉක්මනට දාන්නම්.....

      Delete
  2. ටීචර් ටත් ඉංගිරිසි බැරිද? නැත්නම් කොහොමද උඹලට 18% හම්බුනේ..................

    ReplyDelete
    Replies
    1. ටීච පුලුවන් ද කියලා දැනගන්න තරම් දැනීමක් තිබ්බනම් බැරියෑ බන්....අකුරු 26 දැන ගත්තෙත් මේ ලගකදි...

      Delete
  3. //මලි....මලිත....කවුද මේ මලිත....//
    යකෝ උබ මලින්තද,මලිතද?
    පේපර් එක විතරක් නෙමෙයි,මගේ නමත් හොරකම් කොරලනේ???

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බන් මලියා....මගේ නමත් මලින්තම තමා.....කොල්ලො කියන්නේ මලියා කියලා....

      Delete
  4. ඊළඟ කෑල්ල ඉක්මනට දාමු මලින්ත......

    ReplyDelete
    Replies
    1. දාන්නම් දාන්නම්.....ඉක්මනින්ම දාන්නම්.....

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete