Thursday, September 03, 2015

අලුතින් සුරගනක් අසුනේ ඉද ගත්තේ......

සායේ කෙලවර උස්සා......
තාලෙට නලවා පස්සා.....
ඒ ලස්සන වසලිස්සා....
යනවා උස් අඩි ගස්සා....

කිටි කිටියේ තද උන කදු දෙක

අතරේ........
අයිෆල් කුලුන කැරකෙනවා මගෙ
මිතුරේ......
නෙතග කොනින් ඈ බැල්මන් දෙන
අතරේ......
දෙකනේ තෝඩු සමගයි මගෙ
කතන්දරේ......

රෝස පාට ගෑ නිය පෙල දිස්නෙ

දිදී....
රිදී පාට මුදුවක් ඇගේ  අතක

....රැදී
හෙමිහිට ඇගිලි තුඩු යනවිට රැගුම්
දිදී.......
මේ දෙව්ලියක් දෝ සිතුනා ඇය මග
වැරදී.....

ලස්සන ඇගිල්ලට මංගලමුදුව

දමා.....
කැන්දන් යන්න හිතුනා මල් තොරන්
දමා......
සිතුවිලි අතර තනියම කස්තිරං
දමා.....
ඇය දෙස බලන විට හෙමිහිට සිනා
සුනා.....

යන්තම් සිනාවක් කට කොනකට

නැගුනේ.....
ඒ අතරින්ම යන්තම් දුටු
දුරකථනේ...
තිරයේ මැදින් පොල් ගෙඩි අකුරින්
රැදුනේ......
මම ආදරේයි දැන් කොහෙදො
රත්තරනේ.....

පැය කාලකට අඩු වූ ඒ පෙම්

පුවතේ...
සුරගන කිරිල්ලිය  බසයෙන් බැස
ගත්තේ....
ඇය බැස ගොසින් බස් රිය දැන් පැල
වත්තේ....
අලුතින් සුරගනක්  අසුනේ ඉද
ගත්තේ......

සටහන

-වාසනාවන්ත කාලකණ්නියා

2 comments:

  1. ජීවිතෙත් ඔහොම තමයි සමහරු දිගටම ළඟ වැඩිවෙලා යනවා සමහරු මගින් බහිනවා.......

    ReplyDelete
    Replies
    1. මගින් මගටම කට්ටිය බැහැ බැහැ යන එකනෙ දුක බන් ......

      Delete