Thursday, September 24, 2015

කොකාගේ කොලම....

අද ආවේ රස කතාවක් අරන් නම් නෙමෙයි...
රස ආරංචියක් උබලට කියලා යන්න...අපේ බෝක්කුව උඩ සැට් එකේ වීර ක්‍රියා දිනමිණ පත්තරේ දි-වයි අතිරේකයෙ හැම බ්‍රහස්පතිදම පලවෙනවා ඕන්....
එතකොට මේ කොකාගේ කේස් එක මොකක්ද....දැන් බොලා ලට ඊලගට තියන සෙන්ටිමෙන්ටල් කේස් එක ඕකනේ.....
කොලමේ නම තමා කොකාගේ කොලම....ඉතින් මේ තකහනියක් ආවේ මුදල් නොගෙවා ප්‍රචාරනයක් දිලා යන්ට....
බොලාලත් ගන්ට ඕනේ ඕන් හරිය....
මතකනේ...බ්‍රහස්පතින්දා දිනමිණ පත්තරේ....ලග පාතක පත්තර කඩයක් තියනවා අද එකත් අරන් බැලුවට මුකුත් කියන්නේ නෑ ඕන්.....


යන්ට කලින් විසේසයෙන් ඉස්තූති කොරන්න ඕනේ ප්‍රබූ අයියට නන්නත්තාරේ හිටිය මාව පත්තරේට ඇදලා ගත්තට...ඒ වගෙම උබලා හැමෝටම මෙන්න සිරස නමලා ආචාරය....
උබලා දාන කොමෙන්ටු ගුන දොස් තමා මට හයිය....එහෙනම් ඉස්සරහට වැඩි වැඩියෙන් ගුන දොස් කියාපල්ලා...ඒක තමා මට හයිය
එහෙනම් ඉතින් දිගටම සැට් වෙමු බෝක්කුව උඩ අපේ සැට් එකේ වීර කතා හෙවත්...

....කොකාගේ කොලමෙන්....


16 comments:

  1. ජයම වේවා මලයෝ. එහෙනං උඹත් බේරේ ගෙදර සාමාජිකයෙක් වුණා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති නලීන් අයියේ.....
      බේරේ ගෙදර කියද කියන්නේ...මම අදයි දන්නේ.....
      එහෙනම් ඉතින් මාත් බේරේ ගෙදර සාමාජිකයෙක් ඕන්

      Delete
  2. ඒ සුපර් බං................. අපේ උපරිම සුභ පැතුම්... ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී...වචනෙත් ලොකුම හයියක්....

      Delete
  3. සුබ පැතුම් මචෝ... දිග ගමනක් යන්න ලැබෙන්න කියලා හදවතින්ම කියනවා... හිමින් හිමින් යමු හදිස්සි නොවී...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති කීවා ඕන්....
      හෙමින් හෙමින් යන එක තමා ඇගට ගුන ක්‍රමය....

      Delete
  4. කසාද මණ්ඩපේ සීන්කොන් එක පත්තරේ ගිය සීන්කොන් එක දැනගෙනයි ආවෙ සුභපතලා යන්න.තිස්තුන් කෝටියක් ජයෙන් ජය මචෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මනෝ.....එහෙනම් දිගටම සැට්වෙමු අපේ බෝක්කුවේ සමිතියත් එක්ක ඈ....

      Delete
  5. ඉස්සරහට තව තව අවස්ථා ලැබෙයි තව තවත් ප්‍රසිද්ද වෙන්න. සිංහල ලේඛන කලාවට ලොකු සේවයක් කරන්න ශක්තිය දහිර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා . උඹල ලොකු මිනිස්සු උනාම බ්ලොග් මිතුරන්ව අමතක කරනවා නෙවෙයි ඕන් .. එකෙන්ම සුභපැතුම් කිව්වා ඔන්න..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින් බලංගොඩයො....
      උබලා අමතක කොරලා කොහොමෙයි බොලං....
      උබලා තමා මගේ ගුන දොස් කියලා මට හයියක් වෙන්න ඉන්න එවුන් ටික ඕන්...

      Delete
  6. නියමයි........ සුබ පැතුම්........!

    ReplyDelete
  7. වාසනාවන්ත කියන්නේ නිකන්ද .... හද පිරි සුබ පැතුම් යාළුවා :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති හංසියෝ....

      Delete
  8. ජය වේවා... වාකා, දිගටම ඉදිරියටම යං.

    (හැබැයි උඹ තියා දෙයියන්නාන්සෙ කිව්වත් දිනමිණ නං, සල්ලිදීලා ගන්නෑ ගොයියො. ඔන්ලයින් බලන්නං කොක‍ාගෙ කතාව...)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ....උබ පත්තරේ ගන්න ඕනේ නෑ....වෙලා තියන හැටියකට බොගට ගෙඩ වැදිලා ගියා නන් ඇති...

      Delete