Sunday, September 20, 2015

ඉරිදා හැන්දාව යනු පුල් මාවලස් හැන්දෑවකි....

ඉරිදා හැන්දාව යනු පුල් මාවලස් හැන්දෑවකි....වරිග සබාවටම එදාට නිවාඩුය....
බදු වත්තේ වෙල අයිනේ බෝක්කු කට උඩ සැට් වෙලා කතා බහ කොරන්නට අම්බානකට තව සුට්ටක් වැඩියෙන් දේවල් තියනවාය...පුල් මාවලස් එකේ කස්ටියත් එක්ක පොඩි චැට් එකක් මන්ද කොරන්න හිතාන මමත් බෝක්කුව දිහාට මංගැච්චුවෙමි...


වෙනදට කට කන්දෙක ගාවට ඇදන් කැකිරි පලන උන් අද පුල් අන්දොස් වී හතර අත බලන් සිටිනවාය....මම සේප් එකේ අයිනක් අල්ලං සෙන්ටි මෙන්ටල් වීමි...මොකක්ද මචං සීන් එක...මම හෙමිට ස්ටේටස් අප්ඩේට් පාරක් දැම්මෙමි..එකෙක්ගෙන් වත් ලයික් එකක් වත් නැතිය.....
වැඩේ හරියන්නේම නැතිය...අයේ පාරක් පොඩ්ඩක් හයින් ස්ටේටස් එක ශෙයා පාරක් මෙව්වා කලෙමි.....
බොලෙක්ක ජෝතියා හෙමින් රබර් ඇහැ කරකවා මා දෙස බලයි..ඌ හෙනම අප්සැට් එකෙන්ය
කෙල්ල තරහා උනා බං.......
කොයි එකද.....???
සිරා එක.....
ඒක නම් හෙනම ලෙල්ල හුටන් සීන් එකකි....
ඒ තරම් දුකක් මිහි පිට තව නැතිය...මටත් කිව්වේ අපේ ලොකු අයියාය...අයියා බදින්න හිටි අක්කා තරවී අක්කා සේප් කර ගන්නට හෙනම වියදමක් කරන්නට සිදු විය...
ඒකෙන් මේකෙන් කමක් නැතිය...
ඇයි උබ මොකක් හරි කට කැඩිච්ච කතාවක් කිව්වද....
නෑ බන්...
එහෙනම්...
ගෙදරින් අපිට මෙව්වයි බන්...බලෙන් කසාදයක් කරන්නයි යන්නේ...ඉහි ඉහි...ඌ අම්බානට මානසිකව වැටිලා ඔලුව පැලිලාය
ඒකනම් පෙරිය කස්ටම් එකකය...
බෝක්කුව උඩ අපේ ගැන්සිය වෝස් මල් කුමාරිලාගේ ගෙදර කස්ට්ටිය ෆයිට් එකකට සැට් කොරන්න තමයි මූ හදන්නේ.....
මූ මාරු වෙයි..අපි ගුටි කයි....
මට නම් තේරුනේ මේ කතාවේ දුක්ඛිත අවසානය අනිවාර්‍ය සේවා රෝහල් ඇදක් උඩ ගෙවීමට නියමිත බවයි....
මීට වසර කිහිපයකට කලින් ද "බෝක්කුව උඩ අපි" ඔය වගේම සීන් එකකට සෙන්ටි මෙන්ටල් උනා මතකය....
කෙල්ලව බලෙන්ම බන්දන්නට යන බවද ආරන්චි හඩා වැටෙනා ප්‍රේමවන්තයා එක්ක අපි හොරෙන්ම කෙල්ල පන්නං එන්නට මහ රෑ දෙගොඩ හරියේ කෙල්ලගෙ නිවස බලා ෆෝකස් කල හැටි මතකය....
නිවසෙන් එහා පාලු වත්තේ සැගව සිට ප්‍රේමවන්තියට කතා කලා මතකය....
ප්‍රේම වන්තියද එන්නම් සුට්ටක් ඉන්න කිව්වා මතකය....
හෙන ගසන්නා සේ කෙල්ලගෙ ගෙදර ඉදන් හතරියන් උන සැට් එකක් කඩා පැන නෙලූ හැටි මතකය.....
අමතක එකම දේ නම් අපි එතනැනි පන බේරන් දුවපු හැටිය.....
මේ ලගක් වෙනක්ම් ඒ ප්‍රේම කතාවට පින් සිද්ද වෙන්නට මම කොන්දට වාත විදුරංගය සෙන්ටි මෙන්ටල් කරනවාය....
අපරාදේ කියන්නට බැරිය...
එදා අපිට ගහපු ගැහිල්ල බලන් ඉන්නට ලස්සනය....
එතම නැතනට දෙපාරක් ගැහුවේ නැත....
අඩුත් නැත....
වැඩිත් නැත.....
තැලුම් පාරවල් උනත් හරි ලස්සන රාටාවකට තිබ්බේය....

ප්‍රේමවන්තිය බේරා ගන්නට නොහැකීවූ සෝකයෙන් පෙම්වතා පස් නොකෑ ටික විතරය....
කසාදයෙන් සතියකට පස්සේ පෙමවතියගේ මිතුරිය කිව්වේ අපිට ගහන්නට සැට් එක එව්වේ පෙම්වතියම බවයි....
අපි පුල් අන්දොස් එකේ හේතු විමසන කල ඇ මෙසේ කීවාය....
එයා බැන්දේ පයිලට් කෙනෙක් නේ ....
ඔයලා තව පොඩ්ඩෙන් කසාදෙ කඩනවා නේ....ඒකයි ගැස්සුවේ.....
මට කතාව ඉටිකිරිස් ලෙස පැහැදිලිය....
මම විස්කි කඩේ පූසා වගේ කල්පනා කරේ පරම පවිත්‍ර පූජනීය ලව් එකට පයිලට් කෙනෙක් කොරපු හදියයි....
කමක් නැත...
මිත්‍රයා වෙනුවෙන් මම ආයෙත් ගුටි කන්න රෙඩිය....
කෝකටත් සූදානම් සරීරය ගුනය.....
මම සාකු අත ගා වාත විදුරංගය ඇත් දැයි චැක් කෙලෙමි...
හුටා බෝතලේ ගෙදරය...
වර්න පාලය මට එහෑ පැත්තේ සිට පොඩි තට්ටුවක් දමා සාක්කුව ඩිප්ලේ කලේය....
සූටි තැලුම් තෙල් බෝතලයක් එහි විය.....


සටහන
-වාසනාවන්ත-

15 comments:

  1. පෝස්ට් එකේ භාෂාවට මං ලැයික්.. මට නම් ඉරිදා එපාම කරපු දවස, මොකද අපි දවස පටන් ගන්නේ ඉරිදා

    ReplyDelete
    Replies
    1. ටැන්කූ කීවා ඕන්...මෙහෙ අපි ඉතින් කචල් පැන්ටා පාරක් දාලා සොමියේ ඉන්නේ ඉරිදා හැන්දෑවට තාමා ඕන්...

      Delete
  2. එල කොල්ලෝ..මේ දවස්වල වැඩ රාජකාරිත් එක්ක බොග් බලන්න එන්න කම්මැලි උනත්,ආවත් කොමෙන්ටුවක් කොටන්න පට්ට කම්මැලි උනත්,උබේ එකට ගොඩවැදිලා යන්න අමතක කරන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. වැඩ රාජ කාරි අස්සේ බොගට ගොඩ වදින එකටම බොහොම ස්තූති කිව්වා ඕන්....
      මත් මේ බොහොම වැඩ අස්සේ හිර වෙලා ඉන්නෙ බොලං....

      Delete
  3. ඉරිදා හවස කියන්නේ හරිම අජපල් දවසක් බන්.. සඳුදට වැඩට යන්න ඕන කියල මතක් වෙනකොට ඉරිදා උදේ හිටන්ම මස්තබාල්දුයි.. ගුටි නොකන විදිහට කෙල්ල උස්සන්න ප්ලෑනක් ගහපන්.. එක අතකින් ගුටිනම් මොනාද බන්.. අපේ පැතිවල දිලිසෙන කඩු , මන්න පිහි වලින් තමයි සලකන්නේ..

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ කෙල්ලො නිසා කාපු තරමක් කෑවේ ගුටිය....හරිම සන්තෝසය....
      තාමත් ඇස් වසා ගත් කලට සිහිනෙන්ද පෙනෙන්නේ කිතුල් පොලුය

      Delete
  4. ඉරිදා උදේ නම් හොඳයි පස්සට අවුව වැටෙනකම් නිදා ගන්න. ඒත් හවස් වෙද්දි මතක් වෙනවනෙ පහුවදා සඳුදා කියලා. ඒකනෙ එපා වෙන්නෙ.
    අනුන්ගෙ ඒවට ගුටි කේවට අපෙ ඒවට ගුටි කන්න එකෙක්වත් නැති වෙනකොට තමයි තේරෙන්නෙ....

    ReplyDelete
  5. මොනා කරන්නද බන්....රත්තරං යාලුවො සැට් එකක් ඉන්නවා නේ බන් අල්ලං නෙලන්න අපිට. ..

    ReplyDelete
  6. යකු ඇත්තටම අරවගේ දෙයක් වුණාද? කෙල්ල වැඩේ සෙට් කරලා ගැස්සුවද බොලාට. ලියන ආකාරයනම් ඔබටම අනන්‍ය ය. සිද්ධිය ඇත්ත බොරු වේවා කියවන්න නං පට්ටය.

    ReplyDelete
    Replies
    1. කාටවත් කියන්න එපා ලැජ්ජයි....සිරාවටම කෑවා....
      නලීන් අයියලගේ පත්තරේට ඕන් මාත් ගිය සතියේ ඉදන් ලියන්න සැට් උනා...ප්‍රබුද්ධි අයියගේ දි- වයි ටැබ්ලොයිඩ් එකට....
      කොහෙද ඉතිං පෝන් වත් වැඩ කොරන එකක්යැ කතා කොරන්නවත්...

      Delete
    2. එහෙමද? නියමයිනේ....... පළමුව සුබ පැතුම්. යකු මගේ අංකය වැඩ කරනවා. මේ පැත්තට ආවාම මට කතා කරන්න. මම ප්‍රභුවගෙන් අහන්නංකෝ. අංකය නැතිනම් මේලක් දාන්න අංකය එවන්නං.

      Delete
    3. ඔය පැත්තට නම් ආවේ නෑ අයියේ...ආවොත් නොවරදවාම කතා කරන්නම්....
      බොහොම ස්තූතී සුබ පැතීමට.....
      මේ වෙලාවේ ක්‍රෙඩිට් නෑ...සල්ලි දාගෙන අමතන්නම් නලීන් අයියේ...

      Delete
  7. පෝස්ටි එක දාලා දවසක් විතර පරක්කු වෙලා එන්න උනේ.මට නමි ඉතින් ඉරිදා සෙනසුරාදා දවස් දෙක තමයි වැඩ වැඩිම දවස්.වෙලාවකට උදේ පාන්දර 4 ගියාම එන්නේ රෑ 10 ටවත්

    ReplyDelete
    Replies
    1. එතකොට මට විතරද ඉරිදා මාවලස්.... :(

      Delete
    2. නැත..මමත් වසරක පමන කාලයක සිට ඉරිදාට මහත් සේ පෙම් කරමි.ඒ වෙන කිසිවක් නිසා නොව හිරු ඇෆ් ඇම් එකේ දවස පුරාම මං ආසකරන තාලයේ සිංදු හා ප්‍රෝගෑම් යන්නේ ඉරිදාට බැවිනි.එබැවින් සන්ඩේ මටත් පුල් මාවලස්ය!

      Delete