Thursday, September 17, 2015

කසාද මන්ඩපේ සීන් කෝන් එක

උදේ පාන්දරිම රෝන්දයක් ගසා ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන අල්ලපනල්ලේ ගේ පැත්තෙන් පොඩි වලියක සේයාවක් පෙනෙන්නට ඇත....
මව් යානය නම් වලි බර උනත් මෙච්චර උදේම බෝම්බ ගහන්නේ නැති බව මම ඉන්තේරුවෙන්ම දනිමි....
පියතුමා නම් කොහොමත් මම වගේම සොමි බර නිසා පිය තුමා මේකට සම්බන්ද නැති බවත් මම ඉදුරාම දනිමි....උදේ පාන්දරකට මේ වගේ බොක සීන් එකක් ගලපන්න අපේ ගෙදර සිටින්නේ අත්තම්මාය...සුවර් එකට හන්දියේ කඩේ ඩේමියා හපන්න බැරි සයිස් එකට ගල් ටික් වෙච්ච මඩ පුවක් ගෙඩි ටිකක් ආත්තම්මාට සෙන්ටි මෙන්ටල් කරලා ඇති.....

ඕකා ඔය වගේ වැඩ කොරලා ගමේ පදිරි නොවිච්ච ආච්චියෙක් නැතිය....
මම සේප් එකේ සාලය දිහාවට ලං කලෙමි....
අම්මා දොර ගාව ඉදන් ආච්චි දිහා කට බලියන් බලා සිටී...අප්පච්චීත් මූන අමුතුම තාලයකට හදාගෙන ජනේලෙන් එලියේ ඇති කොම්පෝස්ට් බැරල් එකේ හිල් ගනන් කරන්නට පොඩි ට්‍රයි එකක් ගලපන්නට හදනවාය....
අයියා තුම්මුල්ලෙන් දාඩිය පෙරාගෙන වෙඩි කාපු ඌරෙක් වගේ ආච්චි දිහා බලන් සිටිනවාය.....
මට අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වැඩේ තේරෙන්නේම නැත....
මම සේප් එකේ අම්මට පිටි පස්සෙන් හිට ගතිමි.....
ඇල්පෙනිත්තක් බිම පැටුනත් ඇසෙනා තරමට නිස්සද්ද සබා තොමෝ අත්තම්මාගේ කර්ණ රසායන බෙරිහන් දීමෙන් පිරී ඉතිරී ගියේය.....
මේ කසාදේ වෙන්නේ නෑ...එච්චරයි.....
අත්තම්මා අප්පච්චි දිහා බලා අවසන් විනිස්චය දුන්නේය....
එහෙම කොහොමද වෙන්නේ...???
මොකදද් ඒ ලමයගේ අඩුපාඩුව....අයියා ගේම අතාරින්නට කිසිම සූදානම්ක් නැති ලයින් එකක් දක්වමින් අඩියක් ඉදිරියට තබා වලි බරව බෙරිහන් දෙයි....
අඩු...අඩු මොනාද.....???
අඩු නැත්තේ මොනාද බලපිය....
මේ කේන්දරේ කොටු ඔක්කොම පාලුයි...හතර කේන්දරේ වගතුවක් නෑ....විසි පොරොන්දම බලපු ගුරුන්නාන්සේ උඩ විසි උනා.....
අත්තම්මා මොකක්දෝ කොලයක් බලන් කියවගෙන කියවගෙන යයි...
අතරින් පතර හති අරින ගමන් කන්නාඩියට උඩින් ගේ ඉස්සරහා පාරෙන් යන එන එවුන් දිහාද මීටර් කරයි...
අපේ අත්තම්මා හෙනම මල්ටි ටාස්කින් ගැජට් වලින් පරිපූර්න බව ගමම දන්නා දෙයකි.....ඒවා දැන් වැඩක් නැතිය...
අපේ අයියාගේ පරම පවිත්‍ර පූජනීය ලව් එකට ග්‍රහයෝ සැට් එකක් අම්බානට කෙලගෙන ගොස් ඇති හැඩකි....
ඒ අක්කාගේ කිසිම අඩුපාඩුවක් මට නම් නැත්තේය...එල කිරිය...
කට පුරා සිනාසෙයි.....
මට අයිස් කිරින් ද අරන් දෙයි....
වෙන එකක් තබා බස් එකට ටිකට් පවා අරන් දෙයි.....
අත්තම්මා උස්සන් එන මස්තබාල්දු මංගල යෝජනාවල කෙල්ලන්ට හිනා වෙන්නට අමුතුවෙන් උගන්නන්නට ඕනෑය....
උන් නෑ පිරිවර සමග එන දාට මා ඉන්නට ඕනේ හැන්ගිලාය....
උන් එච්චරටම අම්බානට රෝයල් උන්ය....කෙටියෙන්ම කියනවා නම් උඩරට කුමාරි හාමිලාගේත් හොදම එකය....
මමත් මේ පවුලේ වැඩිමල්ම පොඩි එකා වශයෙන් ප්‍රශ්නයට මැදිහත් වෙන්නට තීරනය කලෙමි....
.
.
"අම්මේ මතකනේ අම්බානකට ගලපලා කේන්දර බලලා බැදපු අපේ ලොකු මාමාගේ දුව...සති දෙක යන්න කලින් ගෙදර ආව හැටි...එතකොට අපේ වද පුන්චි අම්මගේ බාල කෙල්ල ඒකිගෙත් මිනිහා මලා අතුරෙන් වැටිලා...හොදට කේන්දර බලල කොරපු ඒව තමයි ඒවත්...ඔය ගුරාම තමයි බැලුවෙත්..."
මම හෙමින් ඔබ්ජෙක්සන් එකක් ලාවට ලෝඩ් කලෙමි....

.
.
කියලා කට වහ ගන්න කලින් අත්තම්මා ආය බෙරිහන් දීගෙන පැන්නාය...ඒ කොහොම උනත් ඒ කෙල්ල පහත රට..ඒකිට මෙහෙන් හිර ගන්න බෑ....
එච්චරයි....
හිරට බුරුලට අන්දන එක අයියගෙ වැඩක් නේ මම එල කිරි විසදුමක් ඉදිරි පත් කලෙමි....
අම්මා කට අතින් වසාගෙන කුස්සියට ගියාය...
අප්පච්චී මුකුත් නොදන්න ගානට උඩ බලන් සිටී....අයියා සහ අත්තම්මා බලි බරව මා දෙස බලා සිටී....
එන පොට හොද නැති නිසා කසාද මන්ඩපයෙන් සේප් එකේ මාරු වීමි....
ඉතින් මම ඇත්තනේ කිව්වේ....
ඕකට ඔරවන්න ඕනේ නෑනේ......
මෙලෝ රහකට නැති හේතු කියලා අහින්සක කුරුළු කූඩ කඩන අත්තම්මා අහවල් අල බෝලෙකට හතර පෝයටම පන්සල් ගාටනවාද යන්න නම් මට හෙනම මාන්දමික පොබ්බම් එකකි......

සටහන
-වාසනාවන්ත-

30 comments:

  1. සීයා නැද්ද බන්....... හිටියනම් ඔය කේන්තිය අඩුවෙලා යාවි....

    ReplyDelete
    Replies
    1. සීයා වෙනුවට වැඩ බලන්න බණ්ඩයියට අවස්ථාව දෙනවලු වාසනාවන්ත.

      Delete
    2. සීයා වල කජ්ජට දෙහි ගහල හුගක් කල්...සමහර විට හරි යන්නත් තිබ්බ...සමහර විට මීටත් වඩා බොක වෙන්නත් තිබ්බා... :D

      Delete

  2. මගේ කේනදරේ බලපු හැම එකාම මට කිවෙ මට ඉගන ගන්න බැ.20 දි මාරකයක්.ඔන්න ඔය වගේ දේවල්.මම උපාධියත් අවසන් කරලා දැන් සෑහෙන කාලයක ඉදලා GAQ ක්ලාස් කරනවා.ඔය කිවිව මාරක අපලෙ ආවෙත් නැ.මම දැනට ජෝතිෂ්‍ය හදාරනවා මෙක මොකක්ද කියලා බලන්න.මට එක දෙයක්නමි තෙරැනා ඒ තමයි ගැඹුරැ ගණිතමය සිද්ධාන්ත තෙරැමි ගන්න බැරි හොද මතක ශක්තියක්,තර්කන හැකියාවක්,සූක්ෂමව කරැනු සෙවීමක් කරන්න හැකියාව නැති කෙනෙකුට ජෝතිශ්‍ය වෙදියෙක් වෙන්න බැ කියන එක.දැන් හිතාගන්න පුලුවන් නේද අද ඉන්න ජෝතිෂ්‍යවෙදින්ගේ අනාවැකි ටක්කෙටම හිරයන හේතුව.අමිබාරැවොනේ වැඩි හරියක් දැන් මෙක කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ශිල්පේ මී හරක්ට ගියාම ඒ ශිල්පෙට තියන තැනත් නැති වෙනවා මනෝ...අන්න ඒකයි මම හිතන්නේ මේකටත් වෙලා තියෙන්නේ...අපේ උන් මේක එදා වේල හොයා ගන්න නේ පාවිච්චි කරන්නේ...ඉතිං කොහෙද...

      Delete
    2. බැක්ග්‍රවුන්ඩි පික්චර් එක නිසා අකුරැ පැහැදිලිව පේනවා මදි වගේද ?මොකද වෙනස් කලොත්

      Delete
    3. ගෙදර ඇවිත් තමා මනෝ බලනන්න ඕනේ....

      Delete
  3. අත්තම්මා මාර මල්ටි බැරල් එකක්නේ. මේ හිමි හිට අයියට සප් එකක් දිපං.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...මේ කසාදේ හිරට හරි බුරුලට හරි කරලා දාන්න ඕනේ....නැත්තන් මට පාඩුයි...ඔව්... :P

      Delete
  4. වකාගෙ මරණ සීන් එක තරුණයා පත්තරේ දාලා අපි නම් දන්නෙ නෑ
    ජයවේ වකා!

    ReplyDelete
    Replies
    1. අඩෝ වර්නේ...මම දැක්කේ නෑ බන්...පොටෝ කෑල්ලක් හරි එවපන් මටත් බලන්න...මේල් එකක් හරි දාපන් වස්තු...

      Delete
    2. මේලක් දැම්මා බලහන් තරුණයා 24 පිටුව ෆේස්බුක් තීරය

      Delete
  5. අනේ ඕව නං මහ ගල්ම ගල් කෙප්ප බං.. ඕව විස්වාස කරන උංනුත් මහ කේප්ප වස්සො (බොලාගෙ ආත්තම්මට නෙවී කාටත්) අහල ඇතිනෙ වෙඩිසිංහය ගැන ඌත් ඔන්නෝම හතර කේන්දරේ පාළු වෙච්ච ඩෑල්එකක් අද ඔය ඉන්නෙ යස අගේට...
    හත මචං හිත හැම ලබ්බටම හිත
    එච්චරයි ඊට එහා දෙයක් නැ
    කිං තරිස්සන්ති තාරකා

    ReplyDelete
    Replies
    1. මාත් මෙලෝ ගනකට ගන්නේ නෑ ඒවා න්ං බන්....කොහොම උනත් වෙල්කං. කිව්වා බොගට....

      Delete
    2. කී පාරක් උඹ වෙල්කං කියනවද බං

      Delete
    3. හරි හරි බන් සුට්ටක් ටැපලුනා....

      Delete
  6. යකෝ අර කාපු අයිස් කිරිං ගැන හිතලවත් මුං දෙන්නට ෆුල් සප් එක දීපං..

    කේන්දර කියන්නේ මහ වාත බං..

    ReplyDelete
    Replies
    1. අත්තම්මා දන්න්නෑ මගෙ හැටි...😉

      Delete
  7. ඕව අම්මලට දෙන්න කළින් බලවල නැති ග්‍රහයො ටිකක් දැම්මනන් ඉවරයිනෙ

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් මගෙන් උපදෙස් ගත්තෙ නෑ නේ මෙයාලා....

      Delete
  8. ඕව අම්මලට දෙන්න කළින් බලවල නැති ග්‍රහයො ටිකක් දැම්මනන් ඉවරයිනෙ

    ReplyDelete
  9. හා හා! වැඩිමල්ම පොඩි එකා එහෙනං ඔය ටිකිරි මොළේ පාවිච්චි කොරලා මොකක් හරි ප්ලෑනක් ගහපං..පව් වැඩේ නේ උන් දෙන්නා..හැබැයි මචෝ ඔය කේන්දර මත්තේ එල්ලිච්ච ස්ත්‍රීන් එක්ක ගොඩ යෑම නම් බොරු හරිය?මොකෝ කසාදෙන් පස්සේ අයියා පය පැටලී වැටුණත් කියාවී කෙල්ලගේ කේන්දරේ හෙණේ කියලා..ඒ හින්දා උඹ ඕකට උදව්වක් දෙනගමන් දෙන්නව වෙනම සෙට්ල් කරපන් ඒක සරීර සවුක්කියට හොඳයි..:D

    ReplyDelete
    Replies
    1. අත්තම්මා නම් තව ටික කාලයයි නේ බන්...ඊට වඩා හිතන්න එපයි ජීවිත කාලයක් ඉන්න ගන්න ගෑනි ගනිද්දි....
      මම දෙනවා ගේමක් ආය දෙන්නම මෙව්ව වෙලා මෙව්වා වෙන්න....

      Delete
  10. හිනාවෙන්න ඕනනම් වසනාවන්තයාගේ බ්ලොගේට පැමිනෙව් :P මේක කියෙව්වම හරියට අර ඉස්සර ගිය මහගෙදර කතාව වගේනේ.ආච්චිත් හරියට ඒ කතාවේ ඉන්න ප්‍රධාන චරිතය වගේ මට මැවුනෙ .අඩුවකට තියෙන්නේ අර නාට්‍යයේ ඔය සීන් වල පසුබිම්න් ඇහෙන ඇති භයානක ශබ්ද ඇහෙන්නේ නැති එක විතරයි . .. අපේ ගෙදරත් දැන් ඔහොම අය්යට යුද්ධ ප්‍රකාශ කරන්න පටන් අරන් ... වාසනාවන්තයෝ එන පොට නම් හරි නෑ ඔයාගේ මගුලටත් ඔය සංසිද්ධියම තමා ...දැන්මම ආච්චිට පගාවක් දීල හිත සතුටින් තියාන ඉන්න .

    ReplyDelete
    Replies
    1. ඔය අත්තම්මගේ විසිල් විතරයි...බල්ටි ගහන්නේ අපිනේ...ඕ යෑස්....

      Delete
  11. ""හිරට බුරුලට අන්දන එක අයියගෙ වැඩක් නේ"" පස්ට කතාව... .අත්තම්ම අත්තම්ම බොක වෙලා හැඩයි .. අත්තමට වෙන කෙල්ලෙක් කියල හරියන කේන්දරයක් හදල ගෙනත් දියන් බන්. වෙඩිම දවසට ඉස්සරින්ද අත්තම්මගෙ කන බොන දේකට අරළු ටිකක් දාල දීල ඉස්පිරිතාලේ ඇඩ්මිට් කොරහන්. .අම්බලන්ගොඩින් සිම්පල් ප්ලෑන් එකක්.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොදයි....
      හැබැයි අපේ අත්තම්මා සුවර් නැති බුලට් එක....අපිට අරළු පෙති ගිල්ලවයි.... :)

      Delete
  12. මේක කොහොමහරි සැට් කරලා දෙන්නව ෂේච් එකේ තියාගනින්. ඔය අත්තම්මට පිස්සුව වැඩි වෙලා.

    ReplyDelete
    Replies
    1. කා එක්ක දෑ බොලන් සේප් වෙන්න ඕනෑ..

      Delete