Tuesday, September 15, 2015

අමතක නොවන "වැල"

පලවෙනි වැල වීඩියෝව බලපු දිනය නම් මට හරියටම මතක නැත....ඒත් ඒ හත වසර වගේ ඉන්න කාලෙදි වග නම් යන්තමට මතක ඇත...
ඒ කාලයේ දැන් වගේ වීඩියෝ ප්ලේ වෙන ජංගමයක් ඇත්තේ එහෙමත් එකෙක්ටය....අපේ පන්තියේ සිටි එකෙක් ට පමනක් එවන් දුරකතනය්ක් තිබුනු වග මතකය....
දුරකතයකට වඩා ජංගම වැලක් කීවොත් මම නිවැරදිය...

හැම ආකාරයකම ඉරියව්වෙන් සිදුවෙන ක්‍රියාකාරකම් වලින් පිරී ඉතිරී ගිය ජංගමය ඒ දිනවල අපි සියල්ලන්ගේම මන දොල පිරවූ එකම උපකරනය විය...
දිනක් ඔහු මීය පාසලට රැගෙන පැමිනි බව අපිට ආරන්චි විය...කෙසේ හෝ අපිට ආරන්චිය පැමිනි ආකාරයටම එම ආරන්චිය විදුහල්පති තුමා වෙතටත් ගිය බව අපි දැන නොසිටියෙමු...හදිසියෙම පන්තියට සිත් පිත් නොමැතිව කාඩා පහත් වූ ශිෂ්‍ය නායකයි කිහිපදෙනෙකුගේ පරීක්ශනයකින් පසුව ජන්ගමය විදුහල්පති සතු විය...
විදුහල්පති නඩු භාන්ඩ සමග නඩුව විනය භාර ආචාර්‍ය වෙතට යොමු කල අතර දීර්ඝ ප්‍රශන පත්තරයකින් අනතුරුව අප සියලු දෙනාම පන්තියට ආපසු එවූ අතර දුරකතනය තව දුරටත් ගුරුතුමා සතු විය....
දවස් දෙකක් පමන සමකාමී ලෙස ගෙවී ගිය අතර තෙවැනි දින උදෑසනම විනය භාර ආචාර්‍ය තුමා පන්තියට ලැසි ගමනින් පැමින දුරකතනයේ අයිතිකරු පැත්තකට කැදවාගෙන ගොස් මොනවාද කනට කර කියා ලැසි ගමනින්ම ආපසු පිටත් විය...
පන්තියෙ අපි සියලු දෙනා සිතුවේ ඉන්තේරුවෙන්ම අපේ වැල ගජයා පාසලෙන් අස් කරන්න ඇති බවය...
මිතුරා හිස කසමින් අපි අසලට පැමිනියේය...

මචන්...මොකද සර් කියුවේ....
.
.
සර්
"කොල්ලො පෝන්  එකේ බැටරි බැස්සා.....චාගෙර් එක හෙට එද්දි ගෙනත් දීපන්... කිව්වා....
.
.
එතකොට පෝන් එක....
.
.
පෝන්  එක සතියකින් දෙන්නම් කිව්වේ....."

සටහන
-වාසනාවන්ත-


12 comments:

  1. සර්ලත් ඉතින් හැඟීම් දැනීම් ඇති මනුස්සයොනෙ බං..
    ජයවේ මලියා!

    ReplyDelete
  2. ඒ උනාට හිතක් පපුවක් නැති විදිහට නේ බන් අපිට නෙලුවේ ඒ කාලේ....

    ReplyDelete
  3. හත වසරෙදි...? අනේ අපි 11 වසරට එනකොට තමයි යන්තම් කලර් ඩිස්ප්ලේ තියෙන ෆෝන් ආවෙත්. ඉතින් හිතපංකෝ....

    ReplyDelete
  4. අන්න බලපන් ඉතින් අපේ ලමා හිත් දූශනය වෙලා තියන කැත.....
    😁

    ReplyDelete
  5. ඇත්ත නේන්නම්... ඒ මනුස්සයට නිවිහැනහිල්ලේ ඕක බලන්න චාර්ජර් එක ඕනනේ.....

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩයට කියන්න...ගැහුවා ගැහිල්ලක් අපිට.....බලන් ඉන්න ලස්සනයි ඈ ගැහිල්ල පිනා අපිට දීපු...😁

      Delete
  6. අපි හතේ ඉද්දී පත්තර බං බැළුවේ. ඒක ඊට හපන් වැඩේ.. මාත් දාලා ඇති පෝස්ට් එකක් ඒ ගැන.

    ReplyDelete
  7. මුන් වැල පප්පලා නේ බන්....

    ReplyDelete
  8. පන්තියම ශිෂ්න භට කණ්ඩායම වගේ ඉන්න ඇති ඒ දවස් වල නේ?

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ඉතින් ඒ හරිය බන්ඩෝ.....😉

      Delete
  9. මට මතක විදියට ඉස්සෝරම වැලක් බැලුවෙ ඩෙක් පීස් එක්කිං. කොයි කාලෙද කියල මතක නං නෑ බොහෝ දුරට දහයෙ නැත්තං නමයෙ වෙන්න ඇති අර පීස් එකේ තිබ් දූවිලි පුස් අයිං කර කර බැලුවෙත් ටාසං එකක්ද කොහෙද හැක්.. ආයෙ සීඩි ආවා ඩීවීඩී ආව දැං බ්ලූ රේම තියෙයි.. බ්ලාහ්.. දැං නං ඕව බැලෙන්නෙ නැතුවා.. ඒත් ජංගමයකිං නං ඕව බැලුවද කියල මතක නෑ.. වැල පත්තර නං බලල තියෙයි... හෙක්

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්....වැල ඩෙක් පීස්..මටත් යන්තමට මතකයි ඔය ටාසන් කතාව යන්තමට.
      අපි බලන කාලේ වෙනකොට වී.සී.ඩී එකකින් ඇවිත් තිව්නේ....😁

      Delete