Wednesday, March 11, 2015

කුජීතයි

කුජීත සතියකින් පස්සේ ආවේ යන්තන් සද්දෙට අධෝ වාතයක් ගියත් නිතර කියවෙන කූජීතේ ගැන කියන්න.....
මට නම් මතක හැටියට ඉස් ඉස්සල්ලාම මන් කුජීත උනේ මොන්ටිසෝරියේ දි....
ඔන්චිලාවෙන් බිමට බල්ටියක් ගහලා නලල කුජීත විදිහට පලා ගත්තා...එදා ඉදන් අද දක්වාම කුජීත් විදිහට හතර හන්දි තලා ගන්න මම නං ඉතාම දස්සයි....
යන්තන් කටේ කිරි සුවද ගිහින් ආල හැගුම් මොරන්න ගත්ත දවස් වල කෙල්ලෙක් පස්සෙ ගිහින් අන්ත විදිහට කුජීත උනායින් පස්සේ අම්මා කියන කෙල්ලෙක් බදිනවා කියලා කියපු අපේ අයියා අම්මා ගෙනාපු පලවෙනි යෝජ්නාවටම අකමැති උනේ ඒ කෙල්ලගේ මුනත්තහඩුව කුජීතයි කියල.....

හතර පෝයටම සිල් ගන්න අපේ ගමේ අබරන් ආතා කුකුල් හොරකමකට කුජීත උනාට පස්සේ පන්සල් වත්ත හතර මායිමේ ගියේ නෑ කියලා අපේ සියා කූජිත වෙන්න දෙකක් දා ගත්ත වෙලාවට කියනවා....
සීල රතන හාමුදුරුවොත් මහ කුජීත චරිතයක් කියලා කියන්නෙත් සීයම තමයි...ඒ උනාට අපේ ආච්චි නම් කියන්නේ මහන වෙන්න කලින් සීයා එක්ක පන්තියේ උන්නු නිසා තමයි හාමුදුරුවො කුජීත උනේ කියලා....
මෑත කාලයේ නම් මගෙ කනට ඇහුනු දේවල් එක්ක මරයි සිරයි තරම් කුජීත උන චරිත දෙකක් නම් ලංකාවේ තවත් නෑ.....
හැබැයි ඉතින් ලංකාවේ තරම් මිනිහෙක්ගේ චරිතය කුජීත විදිහට කාලා දාන්න පුලුවන් මිනිස්සු කොහෙවත් නෑ කියල මම දැන ගත්තේ පොඩි කාලෙමයි...
කොච්චර හැකියාවක් තියනවද කිව්වොත් කුජීත කරලා කුජීත කරලා ඉවරා වෙලා ආයෙත් කුජීත කරලා තමයි පස්ස බලන්නේ....එහෙම උනත් අපි හැමෝටම වඩා වෙනස් ජාතියක් නිසා ඒක කමක් නෑ කියල මම ඒක ගැන කතා නොකර ඉන්නම්....
මේ ලියමන ලියන වෙලාවේ පියතුමාගේ කුජීතම යාලුවෙක් අපේ පුන්චි පැලට ඇවිත් පියතුමා එක්ක මද පමන ගන්න ගමන් ඉන්නේ....
එතන වෙන කතාබහත් යන්තමට ඇහෙනවා....
මිනිහා නම් කියන්නේ විවෘත ආර්ථිකේ හින්දලු අපේ රට කුජීත් උනේ....ඕවා ගැන කියන්නත් ඉතින් මිනිහට බල්ලන්ට ගහන ජාතියෙන් දෙකක් කුජීත වෙන්න ද ගන්නම ඕනේ....
ඒ කොහොම වෙතත්....
සටහන ඉවර කරන්න හරිම අපූරු කියමනක් අපේ පියතුමාගේ මිත්‍රයාගෙ කටින් පිට උනා....
මම ඒ වචන වලින්ම කියල අදට නවතින්නම්....

"කොච්චර කුජීත උනත් මේ සංසාර චක්කරේ ගෙවන්න එපැයි මචං....
කුජීතයි කියල මැරෙන්නැයි....
දෙකක් දාගෙන අවසිහියෙන් හරි......මුකුත් නොදා හොද සිහියෙන් හරි ගමන යන්න ඕනේ.....
නැත්තං ඉතින් සංසාර චක්කරේම කුජීතයි කිය කිය ඉදල මැරිලා යන්න තමා වෙන්නේ...."

සටහන
වාසනාවන්ත


3 comments:

  1. ඔයා හරි කුජීත කතාවක් නෙ ලියල තියෙන්නෙ.

    ReplyDelete
  2. ඔයා හරි කුජීත කතාවක් නෙ ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලිව්වට පස්සෙයි තෙරුනේ කුජීතකම.....

      Delete