Tuesday, March 03, 2015

- විල්ගේ ලෝක සවාරිය දෙවන දිගහැරුම -

අද එතන් සිට....

අපි යන්නේ අන්න අරකෙන් ....
බර්ඩි අත දික් කරලා වොල්ට්නට් ගහ පිටි පස්ස පෙන්නුවා.
විල් සහ හැරී එක පාරටම පැත්ත බැලුවා. ලොකුම ලොකු වොල්ට්නට් ගෙඩියක්....
විල් ගෙ ගෙදර තරම්ම ලොකු වොල්ට්නට් ගෙඩියක්....
මේක කොහෙන්ද හොයා ගත්තේ....
කොහෙන්වත් හොය ගත්තේ නෑ...
අර කුප්පියේ තියන මැජික් පස් වලින් තමයි මේක හැදුවේ...
මැජික් පස්....? විල් ඇස් දෙක පොඩි කරන් බර්ඩි දිහා බැලුවා....
මොන මැජික් පස් ....?
කොයි කුප්පියෙද....
ඔයාට මතකද අපිව දාපු අර පුන්චි කුප්පි ටික....බොබී බැරෑරුම් මුහුනකින් ඇහුවා...
ඔව්..ඉතින්....
කුප්පි වල තිබුනේ මැජික් පස්... පස් වලට පුලුවන් ඕනෙම දේකට පන දෙන්න...
පන දෙන්න විතරක් නෙමෙයි....ප්රමානයෙන් විශාල කරන්නත් පුලුවන්....
ඉතින් අපි පස් ටිකක් මේ ගහ යට තිබුන වොල්ට්නට් ගෙඩියක් උඩට දැම්මා.මේ තියෙන්නේ අපේ වොල්ට්නට් යානාව....

එතකොට අපි කොහොම මේකෙන් ලොකේ වටේ යන්නේ...මේකට රෝද හයි කරනවා ....?
හැරී කන් දෙක කෙලින් කරන් අමුතු විදිහට කටත් ඇරන් බොබ් ගෙ ඇහුවා...

ඒකට බොබ්ට කලින් පැනලා උත්තර දුන්නේ සෑම්....
අපි යන්නේ පියාබලා හැරි අපි යන්නේ පියාබලා....

පියාබලා.....හැරි ආයෙත් වතාවක් අමුතු විදිහට සෑම් දිහාත් වොල්ට්නට් ගෙඩිය දිහාත් දෙතුන් වතාවක් බැලුවා...කෝ කොහෙද මේකේ තටු තියෙන්නේ...

තටු...තටු තියෙන්නෙ මගෙ ලග...ඩෑන් කෑ ගැහුවා...
හැරියි විලුයි පැත්ත බලද්දි ඩෑන් පුන්චි ඩැන්ඩේලියන් මල් අහුරක් අතේ තියන් ඉන්නවා....
ඩැන්ඩේලියන් මල්.....හැරී හෙමිට මිමිනුවා.....
ප්රාර්තනා මල්....විල් හෙමින් තමන්ටම කියා ගත්තා...ඒත් කොහොමද මේවගෙන් අපි පියාබන්නේ…… මෙච්චර ලොකු වොල්ට්නට් ගෙඩියක්....විල් බැරෑරුම් විදිහට කල්පනා කරා....
විල්...බර්ඩි ආයෙත් වතාවක් කතා කරා....
බය වෙන්න එපා....අපි ලග මැජික් පස් ඉතුරු උන ඒවා තියනකම්....



මැරික් පස්...විල් කෑ ගැහුවා.....ඔව්...අපිට මැජික් පස් වලින් පුලුවන් මේ මල් ලොකුම ලොකු කරන්න....
මැජික් පස් විල් හයියෙන් කෑ ගැහුවා....
හැරිත් හයියෙන් බුරන ගමන් ඔව් ඔව්...මැජික් පස් කිය කිය උඩ පනින්න ගත්තා.....

විල්... රොජර් ගේ කට හඩ.....
අපි අපේ වාහනේට දැන් බඩු පටව ගම්මු නේ ....
අහ්හ්...ඔව් පටවමු...
විල් රොජර් ලගට ගියා...

**********************************************************************

ලස්සන හුරුබුහුටි පුටු ටිකක්...ලස්සන මේසයක් ආදි හරිම අපුරු පුන්චි පුන්චි බඩු ටිකක් වොල්ට්නට් වාහනේට පැටෙව්වට පස්සේ වොල්ට්නට් වාහනේ පෙනුනේ හරිම අපූරු පුන්චි ගෙයක් වගේ....

සෑම්ට, බර්ඩිට,ඩෑන්ට සහ රොජර්ට කාමර හතරකුත් බොබ්ට තව කාමරයකුත් විල්ට සහ හැරීට තවත් කාමරයකුත් වොල්ට් නට් ගෙඩිය ඇතුලේ හදලා තිබුනා.....

හරීම අපූරු කාමර වලට අමතරව වොල්ට්නට් ගෙඩිය මුදුනේ පුන්චි පුන්චි පාත්ති ටිකක් හදලා තිබුනා....

බර්ඩි...මේ මොනවටද මේ පාත්ති....
අපිට බඩගිනි උනාම කන්න ගන්න පලතුරු හිටවන්න.....
වොල්ට්නට් ගෙඩියක් උඩ පලතුරු වත්තක්.....විල් ඇස් පුන්චි කරන් බර්ඩි දිහා බැලුවා...
බර්ඩි...ඔයා ඇත්තටම කියන්නේ...
විල්...මැජික් පස් තියනකම් බය වෙන්න කිසිම දෙයක් නෑ.....අපිට හරිම අපූරු සවාරියක් යන්න පුලුවන්....

බර්ඩී....
බොබ් හයියෙන් බෙරිහන් දෙන් සද්දයක් ආවා....
වොල්ට් නට් ගෙඩියෙන් එලියට යනකොට බොබ් හතුටින් බෙරිහන් දෙනවා.....
බර්ඩි...අපි ඔක්කොම දේවල් දැන් සූදානම් කරන් ඉවරයි.....
බොබ් අත් හතරකම නෝට් පොත් තියා ගෙන ඒවල තිබුන බඩු ලිස්ට් එක කියවනවා...ඔක්කොම බඩු ටික වොල්ට්නට් ගෙඩිය ඇතුලට දාලා ඉවරයි...

හරි....
ඔක්කොම දේවල් සූදානම් කරන් ඉවරයි....
දැන් අපි සවාරිය් යන්න පටන් ගන්න සූදානම් වෙමු.....වූ හූ....බොබ් ආයෙත් අත් වන වන කෑ ගහන්න පටන් ගත්තා......


ඩැන්ඩේලියන් මල් අහුරක් අරන් රොජර් වොල්ට්නට් ගෙඩිය මුදුනට බඩගාන්න පටන් ගත්තා....
මිටියකුයි ඇන ටිකකුයි අරන් උඩට ගිය රොජර් වොල්ට්නට් ගෙඩිය උඩ ඩැන්ඩේලියන් මල් පොකුර තදින් සවි කරා....තදින් සවි කල මල් පොකුරට උදින් මැජික් පස් පොඩ්ඩක් ඉහපු රොජර් හෙමිහිට පස්සට උනා.....

හරිම අපූරු ලා නිල් පාටක් එක්ක ඩැන්ඩේලියන් මල් පොකුර විශාල වෙන්න ගත්තා...
සූරිය කාන්ත මලක් විතර...නෑ ඊටත් වඩා....
ලොකු බැලුම් බෝල ගොඩක් වගේ....
ගොඩක් ලොකු බැලුම් බෝල ගොඩක් වගේ.....

යේ......බොබී ආයේත් කෑ ගහනවා...බොබීට සතුට වාවගන්න බෑ....

අපි ලෝකේ වටේ යන්නයි යන්නේ,,, වුහ් වුහ්......හැරිත් සතුටු වෙනවා...හැමෝම ඉක්මනට නගින්න වෝල්ට්නට් ගෙඩියට....රොජර් කෑ ගහලා කිව්වා...
හැමෝම දුවගෙන යද්දී කකුල මොකක්දෝ පැටලුන විල් ආයෙ වතාවක් තනකොල ගොල්ල උඩ වැටුනා...
පරන රෙදි පටියක්....
රෙඩි පටිය කොනින් අල්ලලා විල් හයියෙන් ඇදලා බැලුවා....
කලින් වතාවේ වගේම පරන හම් මල්ලක්....ඇතුලේ පුන්චි පුන්චි දේවල් ගොඩක් ඒකට හෙලවෙනවා වගේ විල්ට තේරුනා...

විල්...ඉක්මනට එන්න....
වොල්ට්නට් ගෙඩිය ඇතුලේ ඉදන් බර්ඩි හයියෙන් කෑ ගැහුවා....
හම් මල්ලත් හයියෙන් අල්ල ගත්තු විල් වේගයෙන් දුවන් ගිහින් වොල්ට්නට් ගෙඩියට ගොඩ උනා....
හුලං පාරත් එක්ක වෝල්ට්නට් ගෙඩිය ගෙමින් හෙමින් පාවෙන්න ගත්තා...
ටිකෙන් ටික උඩට ගිය වෝල්ට්නට් ගෙඩිය වලාකුලු ගාවටම ආවා...
හරිම අපූරුවට වලාකුලුත් එක්ක ගමට උඩින් විල් පා වෙලා යනවා...
ගමට උඩින්.....
මුලු ලෝකේ වටේම විල් යන්න යනවා....
අර නපුරු බතලයාගෙන් දුරට....
නපුරු පුන්චි අම්මගෙන් බාප්පගෙන් දුරට.....
විල්ට හරිඅම සැහැල්ලුවක් දැනුනා....
කකුලේ පැටලුන හම් මල්ල අතේ තියන් විල් ලග තිබුනු පුටුවක් වාඩි උනා....

අතර බොබ් කතා කරන්න පටන් ගත්තා
ඉතිං....
අපි මේ යන විදිහට ගියොත් අපිට ඉක්මටම තේම්ස් නදියට උඩින් යන්න පුලුවන්...
තේම්ස් නදිය...
බිග් බෙන් ඔරලෝසුව...
ඇලවුන පීසා කුලුන....
ඊජිප්තුවේ පිරමීඩ විතරක් නෙමේයි දරුනු කිබුල්ලු ඉන්න නයිල් නදිය....
අපිට ඉක්මනටම බලන්න පුලුවන් වෙයි....


ඉතින් ලෝක සවාරිය පටන් ගත්තා....
මල්ලේ තිබුනේ මොනාද.....
විල්ට ඉස්සරහට වෙන්නේ මොනාද.....
ඊලග කොටසින් බලමු

මතු සම්බන්දයි


No comments:

Post a Comment