මාර කට්ටක් කාලා වෙලාවක් හොයා ගත්තේ කාපු කටු ගැන කන්න තියන කටු ගැන දැන් කන කටු ගැන උබලා එක්ක බෙදා ගන්න....
ජීවිතේ මුලින්ම මම පට්ට කට්ටක් කෑවේ ශිෂ්‍යත්ව විභාගේ ලියන්න...මට අද වගේ මතකයි අම්ම මාව ඇදගෙන පන්ති ගෙනිහින් දානවා...පැය දෙකක් පන්තියේ ඉදන් ඉන්න කන කට්ට දන්නේ මම විතරයි...
ශිෂ්‍යත්වෙන් පස්සේ කට්ට ඉවරයි කියලා හිතුවට පට්ට පට පට කට්ට කන්න උනේ ඊට පස්සේ...
සාමාන්‍ය පෙල
උසස් පෙල
ඊට පස්සේ අර කෝස් මේ කෝස් කිය කිය යන්න...
ඒවට ගෙවන්න....
පාර්ට් ටයිම් ජොබ් කරන්න.....
මේ ඔක්කොම කටු කන්න උනේ ඊට පස්සේ....
ඒ උනාට අපේ තාත්තනම් හැම දාම කියන්නේ කට්ට කාලා විභාග පාස් උනාම ලොකු තැනකට යන්න පුලුවන් කියලා.....කොච්චර කට්ටක් උනත් තමන් කරන දේ හරියට කරන්න කියලා තමයි පියතුමා හැම වෙලේම කියන්නේ....එතකොටයි දියුනු වෙන්න පුලුවන්...ඒ උනාට අපේ තාත්තා ඇයි එක තැන කියලා අහපුවාම ලංකාවේ කට්ට කන එකාට තැනක් නෑ කියල කටේ කොනේ නොගෑවි කියලා මාරු වෙනවා...
අපේ අයියා නම් කියන්නේ මේ මොන කට්ටක් වත් නෑ ඇමති කෙනෙක්ට හොද හොද්දක් ඇල්ලුවා නම් කියලා...
අපේ අයියා මට වඩා කට්ට කෑමේ ප්‍රවීනයෙක් පොඩි කාලේ ඉදලාම...
කොච්චර සරල ක්‍රම තිබ්බත් ඕනම වැඩක් අමාරු විදිහට පටන් අරන් කට්ට කාගෙන කිරිමේ උපන් හැකියාවක් අපේ අයියා තුල තියනව කියලා අයියා බදින්න ඉන්න අක්ක කියනව මම අහලා තියනවා...
මම නම් ඉතිං ඕවා දන්නේ නෑ.....
ඒවා කොහොම උනත් මම හොදටම දන්නවා මේක කියවන ගොඩක් උන් වැඩිම කට්ටක් කාලා තියෙන්නෙ ගෑනු දරුවෙකුට තියන කැමැත්ත ප්‍රකාශ කර ගන්න බැරුව කියලා...
තවත් සමහරු ඉන්නව කට්ටක් කාලා යාලු උනත් දැන් ඒ දැරිවිව මේන් ටේන් කොර ගන්න බැරුව කට්ට කන අය....
නොකියා අමතක කෙරුවා නෙමෙයි...තමන් කැමති පිරිමි පරානෙට ඒක කියා ගන්න බැරුව කට්ට කන දැරිවියොත් අතරින් පතර නැත්තෙම නෑ...
ඔයාකාරයේ විවිදාකාර කටු කන අස්සේ මේ ලගදි කඩ්ඩ වනා ගන්න බැරුව හොද කට්ට කන්න උනා...
මේ ලියන අතරතුරදි ලංකාවේ අපේ කොල්ලො ටික ඔස්ට්‍රේලියන් කොල්ලො එක්ක සෙල්ලම් කරන්න පට්ට කට්ටක් කනව....
ඉතින් බලනකොට මේ ජීවිතේම එක විදිහක කට්ටක්....
කොච්චර දේ තිබ්බත් මිනිස්සු වශයෙන් අපි කොහෙන් හරි කට්ටක් හොයා ගන්නවා කන්න....
කට්ටක් කන්න නැති ජීවිතේ හරි නීරසයි වගේම කට්ටක් නොකාපු එකාගේ ජීවිතේ අසම්පුර්ණයි කියලයි මට නම් හිතෙන්නේ....
යන්නතම් ගෙන්දගං පොලවේ පය ගහන්න පටන් ගත්ත දා ඉදලා කට්ට කන උබයි මමයි නේ හැම කට්ටම කන්නේ ජීවත් වෙන්න නේ....
කට්ට කෑමත් කලාවක්....
කොච්චර දුකක් උනත් හිනාවෙන් වෙහෙස නිවාගෙන කට්ට කන එකා කවදා හරි මදේ කයි....
අඩුම ගානේ මදේට ලං හරි වෙයි...
ඒත් කට්ට කන තරම් රහක් ජීවිතේ මද කනකොට දැනෙන එකක් නම් නෑ......
සටහන
වාසනාවන්ත

එකෙන්ම.....කාපු කටුවල රහ දැනේනේ පස්සේ.....
ReplyDeleteඅඩුගානේ හිනාහවත් වෙන්ඩ පුළුවන්....
ඒකනෙ රූපේ අයියා.....
Deleteමොනා වුණත් මචෝ කටු කාපු එකෙක් තරං ජීවිතේ සහ ජීවත් වීමේ රහ වෙන දන්න එකෙක් නෑ
ReplyDeleteඒක ඇත්ත...කන්නම ඕනේ දැනෙන්න
Deleteකට්ට කාලා මදේ කනකොට නිකං අර මොකද්ද එකක් කනවා වගේ තියෙයි
ReplyDeleteපිලිවලට යන්න ඕනේ....කට්ට නොකා මදේ කාලා වැඩැක්ම නෑ.....
Deleteකටු නැත්නම් වැඩකුත් නැහැ බං..
ReplyDeleteඔව් බන්...ජීවිතේ රහම කට්ට තියන හරිය....
Deleteමෙහෙමයි, කට්ට කන්නේ මදේ කන්නනේ. කට්ට විතරක් කාලා මදේ කාගන්න බැරිවෙන වෙලාවලුත් තියෙන්න පුළුවන්. ඒ වගේම කට්ට නොකා කෙලින්ම මදේ කන්න ලැබෙන වෙලාවලුත් තියනවා........... ඕක තමයි ජීවිතේ කියන්නේ.
ReplyDeleteඑතකොටයි රහ දැනෙන්නේ ජීවිතේ බන්.....
Delete"ඒත් කට්ට කන තරම් රහක් ජීවිතේ මද කනකොට දැනෙන එකක් නම් නෑ......" උඹේ හැම ලිපියකම සරලව ලියපු එත් නවතිල්ලේ . දෙතුන් වරක් හිතන්න ඕන දෙයක් තියෙනවා කියල මට හිතෙනවා බන්....
ReplyDeleteසරල කතා මැද සංකීර්ණ කතා හැංගිලා තියෙනවලුනේ බන් අම්බලන් ගොඩයෝ....
ReplyDelete