Saturday, March 28, 2015

ඉස්සල්ලම මාලිගාවට යන්න ඕනෙ සුදු මහත්තයෝ...

අතේ සල්ලි තිබුනත් බස් එකට ගොඩ නොවුනේ දෙල්කද ඉදන් විජේරාමෙට සෑහෙන කාලෙකින් පයින් යන්න හම්බුනේ නැති නිසා...
ඒත් මීට සෑහෙන කාලෙකට කලින් දෙල්කද විජේරාම අතර උබෙයි මගෙයි කකුලට නොපෑගුන වැලි ඇටයක් නොතිබුන තරම්...
හවස 5 වෙනකොට පන්ති ඉවර වෙලා උබත් එක්ක විජෙරාම දිහාට හෙමින් හෙමින් එන්න පටන් ගන්නව...
සුදු මහත්තයෝ...
ඔයා රතු පාට කාර් එකක් ගන්න ඕනි....

ඒ ඇයි...
ඇයි කියන්නේ....මම ආස රතු පාටට...එතකොට ඔයයි මායි අපේ චුටි පැටියයි එකේ නැගල දුර ගමනක් යමු...
කොහෙද යන්නේ....
ඉස්සල්ලම මාලිගාවට යන්න ඕනෙ සුදු මහත්තයෝ...
ඊට පස්සේ නුවර ඉදන් ලිස්ට් එකක්ම ඔයා එක දිගට කියන් යනවා...
අම්මො ඔය ඔක්කොමගෙම යන්න කාර් එකක් නෙමෙයි මට පැට්ට්‍රල් බවුසරයක් ගන්න වෙන්නෙ....
යනව යන්න මෝඩයා....
හයියෙන් අත කොනිත්තන ගමන් ඔයා කියනවා.....
එක පාර ෆෝන් එක රින්ග් උනා....
හිතෙන් මහනුවර ගිය මම ෆෝන් එක අරන් වට පිට බලද්දි මම තාමත් දෙල්කදටවත් ඇවිත් නෑ.....
කෝල් එක මිත්‍රයෙක්ගෙන්....
හෙලෝ....කියපන් මචන්....
.
.
මචන් ලක්මාල් උබ ගන්න කැමති කිව්ව ජාතියෙ වාහන දෙකක් සේල් එකට් ආඅවා...
.
.
අහ්හ්....හරි...හරි.
.
.
මචන් අද එක්කෙනෙක් එනව එකක් අරන් යන්න.උබට කොයි පාටට ද ඔනේ...උබ කැමති පාට කියපන්.මම ඒක තියා ගන්නම්...
.
.
මොනාද තියන පාට
.
.
රතුයි කලුයි...කොයි එකද ඕනේ...රතු එක නම් ලස්සනයි හැබැයි...
.
.
හ්ම්ම්ම්....කලු එක තියපන්.
මම පොඩි වැඩකට ආවා මම ගන්නම් උබට...

මිත්‍රයා මුකුත් කියන්නත් කලින් ෆෝන් එක කට් කරපු මම ලග තිබ්බ කඩේකට ගොඩ උනේ හිතේ ඇතුලෙ ස්ටර්ට් වෙන් උබෙයි මගෙයි හීන වාහනේ දුම් පාරකින් වහලා දාගන්න...

සටහන
-වාසනාවන්ත-


3 comments:

  1. අනේ මන්දා අපි ඈතට ඇදලා දාන්න හදන හුඟක් දේවල් ආයෙම කැරකිලා අපි ලගටම ආයෙම එනවා.. ඒක වේදනාවක් ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. ඔව්...ඇත්තටම වේදනාවක්....

      Delete
  2. රතු කළු අතර දුර...
    මතක් නොකරන්ට ඕන දේවල් අමතක නොවෙන එකමයි දුක

    ReplyDelete