Saturday, March 14, 2015

සීතල වැඩී මගේ මැනිකේ මෙහෙ එන්න

සීතල වැඩී මගේ මැනිකේ මෙහෙ             එන්න
තනි කම දැනෙන සයනේ නම් බැහැ        ඉන්න
සලු පිලි උනා මහ ගින්නක               පිච්චෙන්න
සුදු සද එලියේ මගෙ යහනේ           වැතිරෙන්න

කෙහෙ රැල් මැදින් මුදු අතැගිලි තුඩු           යවලා
කන් පෙති මතින් රතු තොල් පෙති දග        කරලා
කම්මුල් මතට උනුසුම් සුසුමන්                හෙලලා
හෙමිහිට ඇදෙමි ඔබේ ආලයේ රස        සොයලා


මුලදී කරයි අදි මදි කම් මම                       දනිමි
ඔරවා බලයි හෙමිහිට මම ඉගි                    මරමි
සීතල  හෙමින් එනකොට ඇගෙ වතට         දැනී
හෙමිහිට ඇයත් මගේ තුරුලෙම වැතිර        ගනී

මත් උන බඹර මල් කෙමි මත දග          කෙරුවා
මල් කුමරියත් බඹරිදුටම පෙම්              කෙරුවා
වන රොද මැදින් අනතප් විල රැලි            මැව්වා
බඹරිදු හෙමින් විල් තෙර වෙත පිය      මැන්නා

ලදු වන රොදකි විල් තෙර වටකර            සිටියේ
උස් කදු දෙකය ඈතින් සිට අත              වැනුවේ
කදු නැග තලා වෙහෙසයි මට           සියුමැලියේ
විල්තෙර මතින් නවතින්නයි සිත            කිව්වේ

වෙහෙසයි පීපාසයි මට දැන්                   පෙම්බරියේ
අනවතප්ත විල කලබන්නයි                         සිතුනේ
විල් තෙර පැන් බිදක් තොල ගෑමට               සිතුනේ
දෙදන නමා විල්තෙර මුල දන                     නැමුනේ

හොද හොද සෙල්ලන් එලි වෙන ජාමෙට.....

සටහන
-වාසනාවන්ත-


No comments:

Post a Comment