Sunday, March 22, 2015

ඇම්ඩාගේ චීන සවාරිය

චීන රටේ සවාරියට....
ගිය ඇම්ඩට මෙය සිදුවිය....
කීවේ මගේ මිතුරෙකි මට....
තුන් වධයේ කතාව මෙය...

චීන රටට ගිය ඇම්ඩා
හතර වටේ සිරි නරබා
රැය ගෙවුමට තැනක් සොයා
ගියාලු ගම් දොරක් බලා

ගම්පතිගේ ගේ සොයාලා
සිදුවූ දේවල් කියලා
රැය ගෙවුමට විමසලා
මුදලුත් දෙන්නම් කියලා


ගම්පතිගේ දූ සිගිතී
කාමරයෙන් විත් එබුනී
ඇම්ඩා ඒ  දෙස බැලිනී
ගම්පතියට ඇස ගැටුනී

රෑ ඉන්නට දෙන්ට හැකී
මගේ දූ "ඉන් සාන් සුකි"
හා බජනෙට යන්න බැරී
ගියොතින් මහ වද තුන නුබට දෙමී

දෙකට නැමී ඇම්ඩා එය පිලිගත්තා
උඩු මහලේ කාමරයක් හිමිවූවා
ගම්පතිගේ දුවනිය රෑ සිහිවීලා
ඇම්ඩා හෙමින් ඒ දිහාට බඩ ගෑවා

ඇම්ඩා රුවැති හොද තරුනයෙක් නිසා
තරුනිය දීග යන වයසේ උන්නු නිසා
ඇම්ඩා හොදට සෙල්ලම් හෙම දන්න නිසා
කෙල්ලත් එක්ක ඒ රෑ මොනවද කරලා...

කෙල්ලත් සමග ඇම්ඩා දැන් උඩු මහලේ
එක් වී කරනවා හරි හරියට ලීලේ
නරක් උනා දෝ මන්දා දෙන්නාගෙම කාලේ
කෙල්ලගේ පියා මැදට පැන්නා ආලේ

කෙල්ලගේ අතින් ඇදගෙන එලියට ඇවිදින්
මහා චීන වද විදිනට සැරසීයන්
කියමින් ගම්පතිය දොර වැහුවා හයියෙන්
ඇම්ඩා හිතයි මොනවද ඒ කියල හෙමින්

පසුදා පාන්දර කුකුලා හැඩලුවා
ඇම්ඩා හෙමින් ඇද උඩ හිරිගැට කැඩුවා
පපුව මත ගලක් තියනව දිස් වූවා
"මහා චීන වද එක" යැයි එහි වූවා

ඇම්ඩා හෙමින් සිනාසී ගල ගෙන අතට
එලියට දාන්නට සිතා යයි කවුලුව ලගට
ගල එලියට විසි කරන් යලි හැරෙනා කලට
ජනේලය මත ලියා තිබුනා මේ ලෙසට

චීන වදේ දෙවනි කොටස මේ විදිහයි
ගලේ කොනක උබේ දකුනැ# ගැට ගැසුවයි
මේ දුටු ඇම්ඩාට හිස වට තරු පෙනුනයි
ගල අල්ලා ගන්න ඇම්ඩා එලියට පැන්නයි.

එලියට පැන්න ඇම්ඩා ගල අල්ලා ගන්න
කව්ලුව එපිට තව සටහනක් දුටුවා ඔන්න
තොගේ වම් ඇ# ඇද විට්ටමේ ගැට ගැහුන
අවසන් චීන වදයයි උබ හට දුන්න

ඔය ලෙස නිමා වූවයි චීනේ ගමන
තව තව කතා තියනවා ඌ ගැන කියන
අදහස් අනුව උබල මේ යට ලියන
ලියමිද නැද්ද  කියලා හිතනව ඔන්න

සටහන
-වාසනාවන්ත-


11 comments:

  1. දැන් ඇම්ඩා යහතින්ද පව් අසරණය...

    කවි ටික හොඳයි ලියාගෙන යන්

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් ලියනවා දිගටෝම....බොහොම ඉත්තූටී....

      Delete
  2. ගද්‍යෙන් අසා තිබුනු කතාව ලස්සනට කවියකින් ගොඩනගලා. පැරණි රස කතා මතකයන් අලුත් උනා.
    කැමරාවෙන් එහා ලෝකය

    ReplyDelete
    Replies
    1. තව තව කතා තියනවා....ටිකෙන් ටික ලියන්නම්.....

      Delete
  3. හෙට අනිද්දා යන්න ඉන්නේ කොහොද????

    ReplyDelete
  4. ඊලගට යන තැන අහලා තමා කියන්ට ඕනේ...
    😁

    ReplyDelete
  5. අනේ පවු අසරණයගේ පරම්මරා යන්තරය..

    ලියපං ලියපං..

    ReplyDelete
    Replies
    1. පරම්පරා යන්තරය වෙන්න ඕන.. අකුරක් මිස්ටේක් උනා..

      Delete
    2. සෝචනීයයි කතාව....පරම්පරාව ඊලයි...

      Delete