Saturday, January 31, 2015

ආදරේ පිලුනු රහයි

දැනුනෙ නැද්ද....
හැම වෙලේම කෝල් කරද්දි මැසෙජ් එවද්දි යවද්දි දැනුනෙ නැද්ද....
ආදරේ අමුතු රහ නෙමෙයි...නිතර දකින කුකුලගෙ කරමලේ සුදුයි වගේ දෙයක් ගැ
න මම කියන්නේ....අලුත් පරපුරේ,ඒ කියන්නේ අපේ පරපුරේ ආදරේ ඉක්මන්ට පිලුනු වෙන්නෙ ඇයි...



පටන් ගත්ත අලුත ඉදන් සන්නිවේදන මාධ්‍ය විදිහට අපි හැමෝම යොදා ගන්නෙ ජංගමේ...මම ඒ ගැන වැරැද්දක් නෙමෙයි මේ කියන්නේ..විනාඩියෙන් විනාඩිය කාපු බීපු දේ...නාපු හැටි..ඇග අතුල්ලපු හැටි..අල්ලපු ගෙඩර බල්ලා බුරන හැටි ගැනත් කියවනව...මුල් කාලයේ ඒක රහ වැඩක්....ඒත් ටික කාලෙකින් ඕක දෙන්නටම අප්පිරිය වෙනව...ඒත් කියන්නෙ නෑ දෙන්නට දෙන්න රහසක් විදිහට තිය ගන්නවා...ආදරේ පිලුනු වෙන්න පටන් ගන්නවා.
සාමාන්‍ය කෝල් වලින් ම මුල් කාලේ ඉන්න අමාරුයි..ඔතනට වයිබර්,වට්ස් ඇප් රිංග ගන්නවා..පැයෙන් පැයට පොටො එන්න ගන්නවා..දෙන්නටම දැකලම අප්පිරියා වෙනවා...ඉතින් ආදරෙ පිලුනු වෙන්න ගන්නවා...
අපිට නොදැනිම ආදරේ පිලුනු ගද අපිට දැනෙනවා..දැකලා දැකලාම වෙලාවකට ඇති වෙනවා....කතා කරලම වෙලාවකට කම්මැලි හිතෙනවා...කෑවද බිව්වද කියලා අහලම වෙලාවකට ඇනයක් වෙනවා...
ඒත් නිකමට හිතල බලමු අපේ අම්මලා තාත්තලගේ කාලේ ගැන...මොබයිල් ෆෝන් එකක් නැති තරම්....හමු වීම් නිතරම නෑ ඉද හිට... හැම හමු වීමක්ම අලුත්... කතා කරන්න දේවල් අනන්තයි අප්‍රමානයි...හැමදාම නැවුම්..අදටත් ඒක එහෙම්මයි...
මම කියන්නේ නෑ ජංගම දුරකතන විසි කරල ලියුම් ලියන්න පටන් ගන්න කියලා...
මම හිතන්න දෙයක් දුන්නේ....
මොකද...
ආදරයක් පිලුනු වෙන්න ඕනෙ නැති නිසා....
හැමදාම නැවුම් වෙන්න ඕනෙ නිසා..

-වාසනාවන්ත-


No comments:

Post a Comment