Thursday, January 29, 2015

අපිට කොහෙන්ද බං.....

නිවාඩු දිනයේ මිතුරන් කිහිපදෙනා සමග වරිග සබාව වර්ණපාලගේ ගෙදර රැස් කරන්නට සියලු කටයුතු සුදානම් කර හමාරය...හවස් යාමය උදාවත්ම ලැපත් බෑග් එකේ දමාගෙනම බයික් එකට ගොඩ උනේ ටිකක් කලින් ගිහින් වර්ණපාලගෙන් අලුත් සින්දු ටිකක් ලැපට පුරවා ගන්නටය....
බයික් එක ගෙයින් එලියට දානකොටම වර්ණපාලගෙන් ඇමතුමක් ලැබිනි....
මචං...

මම දැන් කොලඹ ගිහින් ආවේ.උබලගෙ හෝල්ට් එකේ ඉන්නේ.මාවත් දා ගෙන යමන්...
දෙදෙනාම යන්න පිටත් උනෙමු....
කොහෙද බන් වර්ණයෝ ගියේ...???
වත්තල ගියා බන්.ඕපන් එකේ ඇසයිමන්ට් එකක් තිබුනා බන්.ඒකට ඩීටේල් ටිකක් ගන්න ගියා...
උබ මොකද කරේ....උදේ ඉදන් නිදි ද...
ඔව් ඉතිං...නිවාඩු දවසේ උබ කියන්නේ උදේම නැගිටං නටන්නද.....
ඒක නෙමෙයි බං...මට අද අර අපිත් එක්ක එක්සෑම් කරපු එකෙක් හම්බුනා කියමින් ඔහු පුද්ගල මතක් කරා....සෑහෙන පිය උරුමයෙන් ලද සල්ලියක් තිබුන හාදයෙක්...
අපි බස් එකේ යන්න සල්ලි හොයන්න දත කද්දි වයිවාරන බයිසිකල් එකතුවත් තිබුන ඔහු කල්පනා කරේ අද පන්ති යන්නෙ කෝකෙද කියල...
කෙටියෙන්ම කියනවා නම් කෝටි පතියෙක්....
"ඔව් මට මතකයි...ඉතිං....
මොනාද මිනිහා දැන් කරන්නේ...? "

"මොනවත් නෑ..තාත්තාගේ හෝටල් ටික කරන් ඉන්නවලු..."

මද නිහැඩියාවකින් පසු වර්ණපාල නැවත කතා කරන්න පටන් ගත්තා..

මට ඌව දැක්කම අපිව මතක් උනා බන්..මතකද ඌ බයික් වල ඇඩ් දාගෙන යද්දි අපි බස් එකේ යන්න සල්ලි නැතුව බඩ ගාපු හැටි..
අපිට නැති දේ ඌට දහ ගුණයකින් විතර වැඩියෙන් ඌට තිබ්බා...කවදා අපිට ඔහොම ඉන්න පුලුවන් වෙයිද කියලා අපි කතා වෙනවා ඉස්සර මතකද.....

ඔව් බං ඉති.......මම කියන්න ගිය දේ සම්පූර්න කරන්නවත් නොදී ඌ ආයේ කතාව පටන් ගත්තා...

ඉතිං බන්...බලපන් බස් එකට යන්න දහයක් අතේ නොතිබ්බ අපි අද ඉන්න තැන...එදා කාපු කට්ට නිසා අද මේ තරමට අපි ඉන්නවා...ඒත් ඌ බලපන්...ඌ එදත් ඒ සැප අදත් ඒ සැපම තමා....ඒත් ඌට එහයින් තියන  ලෝකෙ කවදාවත් දකින්න හම්බෙන්නේ නෑ කියල ඌ දන්නේත් නෑ බන්...
එහෙම දෙයක් තියනවා කියලවත් ඌ දන්නෙ නෑ.....ඌ දන්නේ ආටා පිටි ගෝනියේ ගාන...රොටි බාස් ගෙ පඩි ගාන...ඕවා තමයි...
සමහර විට බන් අපි තව අවුරුදු දහයකින් කොහෙ කොහේ ඉදීද කියලා අපිවත් දන්නේ නැති වෙයි...ඒත් ඌ ඒ හෝටලේම ඉදි...
ඉගනීම කියන දේ මාරයි බං....සිරාවටම මාරයි බං....
උබ...මම...ලැන්ටි....
හිතල බලපං...එදා අපි...දැන් ඉන්න අපි....
එදා අපි කරපු හැම කුප්ප වැඩක් එක්කම අපි කරපු එකම මොලේ ඇති වැඩේ ඉගනීම විතරයි...
දන්න අදුරන හැම පොඩි එකාටම මම කියන්නෙත් ඒකයි බං....ලත් හිමි දේපල නැති අපිට යන්න තැනක් හදන් එකම දේ ඒක තමා...
වර්ණයාගේ කතාව අහන් ඉද්දි මට කුරුලු දවසක් කියපු කතාවක් මතක් උනා....
මල්ලි දුප්පත් වෙලා ඉපදෙන එක වැරැද්දක් නෙමෙයි...ඒත් දුප්පත් වෙලා මැරෙන එක උගේ වැරැද්දක්....

සටහන
-වාසනාවන්ත-


No comments:

Post a Comment