Friday, February 26, 2016

හැබැයි වල්ල පට්ට නෙමෙයි.

වැලෙන් ටොයින් සැමරීමෙන් පස්සෙන් පහු වර්නයාගෙන් වැඩි සද්දයක් නැතිය.බත් පිගානකින් ඔලුව මැද්දට වැදිච්ච පාර හින්දා ඌට් හිටි ගමන් තාමත් කල්පනාව මදිය.ඉස්සර ඉදන්ම ඌට කොහොමත් ඔල්මොරොන්දන් හන්දා අපිට නම් ඒක දැන් වැඩිය ගානක් නැතිය.කරන්නට එච්චරම වැදගත් වැඩක් නැති හන්දාත් වැඩක් තිබ්බත් කොරන්නේත් නැති හන්දාත් මේ හැන්දැවෙත් අපි බෝක්කුව උඩට සැට් උනෙමු.
අනුරයා නම් හැම්දාමත් වගේම මොකාක් හරි මාස්ටර් පැලෑනක් ඔලුවේ තියාන එනවාය...මෙදා පොටෙත් ඌ මොකක් හරි අටමගලයක් අටවන් ඇවිල්ලා වගේය....
ආපු වෙලේ හිටන් ඌ ඔලුව කසනවාය....
කන් පාත් වෙලාය...මූන රතු වෙලාය....
කියා ගන්න කම් ඉන්න බැරි ගානය...
මම සේප් ඒකේ අරුනයාට කිට්ටු කෙරුවෙමි...
මචන් මොකක්ද සීන් එක....??
මේ පාර මරු වැඩක් තියනවා කරන්න...

Tuesday, February 16, 2016

වැලන්ටයින් තෑග්ග

අවුරුද්දේ මාස 12න් පුල් අන්දොස් වෙල රිම් එකෙන් යන්න වෙන් මාසය පෙබරවාරිය...මොකද වැලෙන් ටොයින් එක තියෙන්නේ ඒ මාසයේ හින්දාය.මට නම ඔය වැලන් ටොයින් වලට කිසි අවුලක් නොවුනට අපේ වර්න පාලයාට නම වැලෙන් ටොයින් සමරන්නම වෙන්වාහ...මොකද උගේ පරම පවිත්‍ර පූජනීය අවංක අකලන්ක ආදරයක් තියනවාය...
මීට කලින් වතාවක ඌ පිය්ම්බිකාවට අරන් දුන්නේ ඇස් කරකන හෙන රොම්බ සයිස් වලස් පතයෙකි...
පෙම්වතියගෙන් හම්බුනේ උම්ම්මා එකකි...
ඊට පස්සේ වතාවේ රත්තරන් මාලයකි...
පියම්බිකාව ඌට දුන්නේ උම්මා එකක්ස්....
පහු ගිය වතාවේ අලුත්ම අලුත් ස්මාර්ට් පෝං එකකි....ඒ පාරත් ඌට නම් ලැබුනේ උම්මා එකක්ම පමනි.

Friday, February 12, 2016

ගොතේ හොදයි... හැබැයි පොඩි පරහක් තියනවලු

පහු ගිය ටික දොහේම ගෙදරින් එලි පහලියට බහින්ටවත් හරි හැටියටකට වෙලාවක් හම්බුනේ නැතිය.අපේ ලොකු අක්කගේ වෙන්න මස්සිනාගේ ගෙදරින් අක්කා බලන්නට එනවා කියලා පනිවිඩයක් එවලාය..ඒ හන්දා මුලු ගෙදරම පොඩි පේන්ට් පාරක් දාන්න සැට් උනේ මටය.කොහොමත් අපේ ගෙදර තියන පඩත්තර තුප්පහි ජොබ් එකෙම්ම සැට් වෙන්නේ මටය...
අම්බානක මහන්සියෙන් අනතුරව මුලු ගෙදරම යන්තන් පේන්ට් කර ගන්නට පුලුවන් විය...යාලුවෝ හිටියා කියලත් ඉතින් මේ වගේ වැඩකට කතා කරාම ඉතින් එකෙක්වත් හොයා ගන්න නම් නැතිය.